The Leader News
BREAKING
Top Ad
පුවත්

විහාර හැදීමට ඉඩම් කොල්ලකෑම ගැන දෙමළ පිරිස් කොළඹදී සිංහලෙන්ම විස්තර කරති

T

The Leader Desk

March 22, 2025 • 5:53 AM

විහාර හැදීමට ඉඩම් කොල්ලකෑම ගැන දෙමළ පිරිස් කොළඹදී සිංහලෙන්ම විස්තර කරති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉඩම් කොල්ලයට ගොදුරුවූවන් එම තොරතුරු රැගෙන අගනුවරට පැමිණ සිටියේ ඒ පිළිබඳ සිංහල බෞද්ධ මතය පමණක් දිගින් දිගටම පලකරන මාධ්‍යවේදීන් හමුවීමටය.
  • ඉඩම් අයිතිය සදහා වන ජනතා සන්ධානයේ මුලිකත්වයෙන් මරදාන පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අප්පුතුරෙයි සුරේෂ්කුමාර් සිංහල බසින්ම කියා සිටියේ යුද්ධය හේතුවෙන් 1990 වසරේදී අවතැන් වු තමන් ගෙවී ගිය දශක තුනකට වැඩි කාලයක් පුරා ජීවත් වන්නේ කුලි නිවාසයක බවයි.
  • කන්කසන්තුරේ වලිකාමම් උතුරේ තයියට්ටි ප්‍රදේශයේ හමුදා අනුග්‍රහයෙන් ඉදිකර තිබෙන තිස්ස විහාරස්ථානයට තමන්ගේ ඉඩම් අත්පත් කරගෙන ඇති බව පැවසු ඔහු එය ඔප්පු සහිත ඉඩමක් බවත් හෙළි කළේය.
  • " මගේ ඉඩම් තිස්ස විහාරය ඇතුලේ හමුදා කට්ටිය අත්පත් කරගෙන තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉඩම් කොල්ලයට ගොදුරුවූවන් එම තොරතුරු රැගෙන අගනුවරට පැමිණ සිටියේ ඒ පිළිබඳ සිංහල බෞද්ධ මතය පමණක් දිගින් දිගටම පලකරන මාධ්‍යවේදීන් හමුවීමටය.

කන්කසන්තුරේ තයියට්ටි ග්‍රාමයේ ඉදිකර ඇති තිස්ස විහාරය සඳහා යුද හමුදාව විසින් අත්පත් කරගෙන ඇති ඉඩම් මුදා හරින ලෙස ඉල්ලා දීර්ඝකාලීන අරගලයක යෙදෙන දෙමළ මුල් පදිංචිකරුවෝ කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ගේ ඉඩමේ  අයිතිය තහවුරු කෙරෙන ලියකියවිලිත්, ඉඩම් කොල්ලය පිළිබඳ විශ්වසනීය සාක්ෂිත් ඉදිරිපත් කර සිටියේ මාර්තු 20 වැනි දිනයි.

ඉඩම් අයිතිය සදහා වන ජනතා සන්ධානයේ මුලිකත්වයෙන් මරදාන පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අප්පුතුරෙයි සුරේෂ්කුමාර් සිංහල බසින්ම කියා සිටියේ යුද්ධය හේතුවෙන් 1990 වසරේදී අවතැන් වු තමන් ගෙවී ගිය දශක තුනකට වැඩි කාලයක් පුරා ජීවත් වන්නේ කුලි නිවාසයක බවයි.

කන්කසන්තුරේ වලිකාමම් උතුරේ තයියට්ටි ප්‍රදේශයේ හමුදා අනුග්‍රහයෙන් ඉදිකර තිබෙන  තිස්ස විහාරස්ථානයට තමන්ගේ ඉඩම් අත්පත් කරගෙන ඇති බව පැවසු ඔහු එය ඔප්පු සහිත ඉඩමක් බවත් හෙළි කළේය.

 " මගේ ඉඩම් තිස්ස විහාරය ඇතුලේ හමුදා කට්ටිය අත්පත් කරගෙන තියනවා. ඒ සම්බන්ධව ඔප්පු මා ගාව තියනවා. මේ ඔප්පුව ලියලා තියෙන්නේ 1989/10/08 වර්ෂයේ. පෞද්ගලික ඉඩම් ඔක්කොම එතන තියෙන්නේ හමුදාවේ කට්ටිය අත්පත් කරලා තියනවා."

සිය ඉඩම ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටි ඔහු තව දුරටත් අවධාරණය කළේ සිට ඉඩම ඉදිරිපිට පවතින හින්දු කෝවිලට ගමන් ගන්නා මාර්ගයද අවහිර කර ඇති බවයි.

"මගේ ඉඩම ඉස්සරහා දෙමළ කෝවිල තියනවා. ඒ කෝවිලට යන පාර බ්ලොක් කරලා තියනවා. ඒ නිසා මේ පාරත් නිදහස් කරන දෙන්න තමයි මගේ ඉල්ලීම තියෙන්නේ."

දෙමළ බසින් එම මාධ්‍ය හමුව ඇමතු තවන් වින්දිතයන් කිහිප දෙනකුම විහාරස්ථානය සදහා අත්පත්කරගෙන තිබෙන භුමියේ සිය අනන්‍යතාවය සතාන කිරීම සදහා ඔප්පු පවතින බව අවධාරණය කර තිබේ.

පත්මනාදන් සාරුජන්jpegපත්මනාදන් සාරුජන්
තිස්ස විහාරය සඳහා යුද හමුදාව විසින් බලහත්කාරයෙන් ඉඩම්  අත්පත් කරගැනීමේ පසුබිම සිංහල බසින්ම කොළඹදී පැහැදිලි කළ පත්මනාදන් සාරුජන් පවසන්නේ යුද්ධය හේතුවෙන් ගම්වාසීන් 1990 වසරේ තයියට්ටි ප්‍රදේශයෙන් ඉවත්ව යාපනය ප්‍රදේශයට ගිය බවයි.

ඉඩම් නිදහස් කිරීමෙන් පසු නැවත එම භුමියට පැමිණෙන විටත් පරප්පු 150 ක පමණ භුමියක් යුද හමුදා පාලනය යටතේ පැවැති බව සදහන් කරන ඔහු අවධාරණය කරන්නේ 2018 වසරේදී නාගදීප විහාරාධිපති හිමියන් පරප්පු 20 ට වැඩි භුමියක් මීට ඉහතදී විහාරස්ථානයක් පැවැති ස්ථානයක සිය ඉඩම් බව පවසමින් ඉඩම් මැන ඔප්පු සකස් කර ගත් බවයි.

ඒ සමයෙහි ප්‍රදේශයේ ආණ්ඩුකාර වු රෙජිනෝල්ඩ් කුරේ නාගදීප විහාරයේ හිමියන්ගේ භුමියේ විහාරස්ථානයක් ඉදිකිරීම සදහා මුල් ගල් තැබු බව සිහිපත් කරන පත්මනාදන් සාරුජන් අවධාරණය කරන්නේ කොරෝනා වසංගතය නිසා ජනතාවට ඔබමොබ යා නොහැකි සීමා පනවා තිබු 2021 වර්ෂයේදී යුද හමුදාව එම භුමිය අවට පැවැති දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් අත්පත් කරගනිමින් විහාරස්ථානය ගොඩ නගන ලද බවයි.

දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩමක විහාරස්ථානය ඉදි කර ඇති ආකාරය ඔහු විසින් කොළඹ මාධ්‍යවේදීන්ට පෙන්වූ සිතියමක පැහැදිලිව දක්වා තිබේ.

"ඒ ගොල්ලන්ගේ ඉඩම තමයි මෙතන තියෙන්නේ. ඒක එහෙම්මම තියලා දැන් පන්සල හදලා තියෙන්නේ මෙතනින්. මේ සම්පුර්ණ වට කරලා පරප්පු 150 ක් විතර අල්ලලා තියනවා දැන්." 

පත්මනාදන් සාරුජන් අගනගරයේ මාධ්‍යවේදීන්ට තව දුරටත් දැනුම් දී සිටියේ එම භුමිය තුළ අනවසරයෙන් විහාරස්ථානයක් ගොඩ නැගීම ආරම්භ කළ මොහොතේ සිටම වග කිව යුතු බලධාරීන් දැනුවත් කළත් ඊට නිසි  විසදුමක් නොලැබුන බවයි.
"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ සදහන් කර තිබුනි.

 “ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.

සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් පරප්පු 100 කට (අක්කර 6.2) ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.
විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියද හිමිව නොමැති බවටද ඉඩම් නිදහස් කරගැනීමේ අරගලයේ  යෙදී සිටින දෙමළ ජනයා කරුණු දක්වති.
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...