නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පවසන්නේ, සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට හැකි ඉක්මනින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට රජය සූදානම් බවය.
සම්පූර්ණ නිවේදනය පහතින්.
ඇමති හඳුන් දැඩි කනස්සල්ලකින් ...
ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමට එක්සත් ජනපදය මෑතදී ගත් තීරණය සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති දැඩි කනස්සල්ල පළකර තිබේ.
ඔහු පවසා ඇත්තේ, අමෙරිකාවේ එම පියවර අනපේක්ෂිත මෙන්ම රටේ ආර්ථික අභිලාෂයන්ට හානිදායක බවයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, මෙය ඇත්තෙන්ම විශාල කම්පනයක් සහ බලාපොරොත්තු නොවූ දෙයක් බැවින් නව තීරුබදු මගින් ඩොලර් බිලියන 3 කින් අපනයන වැඩිකිරීමේ ආන්ඩුවේ ඉලක්කයට බාධා එල්ලවිය හැකි බවයි.
සියයට 44ක අගය අසාධාරණ බව පැවසූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, තීරුබදු අනුපාතය තීරණය කිරීම සඳහා භාවිත කරන ක්‍රමවේදය ද විවේචනය කළේය.
දෙරට අතර වෙළඳ හිඟය අඩකින් අඩුකිරීම මත පදනම් වූ මෙම ගණනය ශ්‍රී ලංකාව මත අනවශ්‍ය බරක් පටවන බව ද ඔහු කියාසිටියේය.
“එක්සත් ජනපදයට අපට මෙලෙස කිරීමට කිසිදු දේශපාලන හේතුවක් නැහැ,” ඔහු කියාසිටියේ, එම පියවර ගත් කාලය පිළිබඳව සිය කලකිරීම ප්‍රකාශ කරමිනි.
“අපි ස්ථාවර වෙන්න පටන් ගත්තා විතරයි. ශ්‍රී ලංකාවට මේ වෙලාවෙ ඒක දරාගන්න අමාරුයි.” අමාත්‍යවරයා පැවැසුවේය.
එමෙන්ම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළඳ ප්‍රතිපත්ති ගැන සඳහන් කරමින් ඔහු පෙන්වා දුන්නේ එවැනි උපාය මාර්ග දිගු කාලීනව ශක්‍ය නොවිය හැකි බවයි.
රජය අනතුරු ඇඟවීම් ගණන් නොගත් බවට චෝදනා
ට්‍රම්ප් පරිපාලනයෙන් ශ්‍රී ලංකාවට පැනවූ නව ආනයන බදු සමග මතුව ඇති ආර්ථික ගැටළු සඳහා විසඳුම් සෙවීම සම්බන්ධයෙන් රජය කඩිනමින් සාකච්ඡා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, මෙරට ඇඟළුම් කර්මාන්තයට සහ රබර් නිෂ්පාදන කර්මාන්තයට මෙම අමෙරිකානු බදු හරහා දැඩි බලපෑමක් එල්ල වන බවයි.
එමෙන්ම එම කර්මාන්ත තුළ ඍජු සහ වක්‍ර ලෙස රැකියාවල නිරත වී සිටින ලක්ෂ 12 ක පමණ පිරිසකට අමෙරිකාවේ මෙම බදු හේතුවෙන් බලපෑම් එල්ල වන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ, මේ සම්බන්ධයෙන් ආරම්භ කර ඇති සාකච්ඡා තවදුරටත් කඩිනම් කර අමෙරිකානු ආනයන සඳහා පනවා ඇති බදු අඩුකර හෝ එකඟතා සඳහා පැමිණිය යුතු බවත් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා හැක්කේ ඒ ඔස්සේ බවයි.
මෙවැනි තත්වයක් උද්ගතවිය හැකි බව තමන් විසින් ද රජයට මීට පෙර පෙන්වා දුන් බවත් දැනට පවතින ගැටළුව වන්නේ සාකච්ඡා පැවතුණ ද රජයේ ක්‍රියාමාර්ග මන්දගාමී වීම බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
පැනවූ බදු ගැන ඇමරිකාව සමග සාකච්ඡාවට රජය සූදානම්
T
The Leader Desk
April 5, 2025 • 4:36 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රජය පවසයි.
- ඔහු පවසා ඇත්තේ, අමෙරිකාවේ එම පියවර අනපේක්ෂිත මෙන්ම රටේ ආර්ථික අභිලාෂයන්ට හානිදායක බවයි.
- ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, මෙය ඇත්තෙන්ම විශාල කම්පනයක් සහ බලාපොරොත්තු නොවූ දෙයක් බැවින් නව තීරුබදු මගින් ඩොලර් බිලියන 3 කින් අපනයන වැඩිකිරීමේ ආන්ඩුවේ ඉලක්කයට බාධා එල්ලවිය හැකි බවයි.
- සියයට 44ක අගය අසාධාරණ බව පැවසූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, තීරුබදු අනුපාතය තීරණය කිරීම සඳහා භාවිත කරන ක්‍රමවේදය ද විවේචනය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


