The Leader News
BREAKING
Top Ad
පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු ගණනය කළේ කොහොමද?

T

The Leader Desk

April 7, 2025 • 5:03 AM

 ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු ගණනය කළේ කොහොමද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව තීරුබදු නිවේදනය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අත ඔසවමින්
  • ගණනය කිරීම්වලට ඇතුළත් වූයේ කුමක්ද?
  • ට්‍රම්ප් ධවල මන්දිරයේ රෝස උයනේදී තීරු බදු පිලිබඳ විස්තර කරන විශාල කාඩ්බෝඩ් ප්‍රස්ථාරයක් ඉදිරිපත් කළ විට, මුලින් උපකල්පනය කරන ලද්දේ ගාස්තු, පවතින තීරු බදු සහ අනෙකුත් වෙළඳ බාධක (රෙගුලාසි වැනි) වල එකතුවක් මත එය පදනම් වූ බවයි.
  • නමුත් පසුව, ධවල මන්දිරය සංකීර්ණ ගණිතමය සූත්‍රයක් ලෙස පෙනෙන දෙයක් ප්‍රකාශයට පත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බොහෝ ආනයනික භාණ්ඩ සඳහා 10% ක තීරු බදු අගයක් නියම කළ අතර, ඔහු "නරක ම වැරදිකරුවන්" ලෙස හඳුන්වන අය සඳහා ඉහළ අනුපාත පනවා ඇත.

නමුත් මෙම තීරු බදු හෙවත් ආනයන මත පැනවූ බදු ගණනය සිදු කළේ කෙසේද? යන්න පිළිබඳව BBC Verify සංඛ්‍යා සොයා බැලීමක් සිදු කරන ලදී.

ගණනය කිරීම්වලට ඇතුළත් වූයේ කුමක්ද?

ට්‍රම්ප් ධවල මන්දිරයේ රෝස උයනේදී තීරු බදු පිලිබඳ විස්තර කරන විශාල කාඩ්බෝඩ් ප්‍රස්ථාරයක් ඉදිරිපත් කළ විට, මුලින් උපකල්පනය කරන ලද්දේ ගාස්තු, පවතින තීරු බදු සහ අනෙකුත් වෙළඳ බාධක (රෙගුලාසි වැනි) වල එකතුවක් මත එය පදනම් වූ බවයි.

නමුත් පසුව, ධවල මන්දිරය සංකීර්ණ ගණිතමය සූත්‍රයක් ලෙස පෙනෙන දෙයක් ප්‍රකාශයට පත් කළේය.

white houseධවල මන්දිරය විසින් එළිදැක් වූ සූත්‍රය
නමුත් ඉහත සූත්‍රය ඔබ විසින් සරල ගණිතයෙන් ගතහොත් එය මෙසේය:

නිශ්චිත රටක් සමඟ භාණ්ඩ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සඳහා වන වෙළඳ හිඟය ගෙන, එම රටෙන් ආනයනය කරන මුළු භාණ්ඩ ප්‍රමාණයෙන් එය බෙදන්න. ඉන්පසු එම සංඛ්‍යාව දෙකකින් බෙදන්න.

මිල ගණන් මත තීරු බදු රඳා පවතින ආකාරය සහ මිල ගණන් ඒවාට බලපාන ආකාරය ද සූත්‍රය සලකා බලයි. නමුත් ධවල මන්දිරය විසින් භාවිතා කරන ලද නියම කළ අගයන් එකිනෙක අවලංගු කරයි.

රටක් වෙනත් රටවලින් භෞතික නිෂ්පාදන මිලදී ගන්නා විට (ආනයනය කරන විට) හා එම රට එම රටවලට විකුණන විට (අපනයන කරන විට) වෙළඳ හිඟයක් ඇති වේ.

උදාහරණයක් ලෙස, ඇමරිකා එක්සත් ජනපදය චීනයට විකුණන භාණ්ඩ ප්‍රමාණයට වඩා චීනයෙන් භාණ්ඩ මිලදී ගන්නා අතර ඩොලර් බිලියන 295 ක භාණ්ඩ හිඟයක් පවතී. ඔවුන් චීනයෙන් මිලදී ගන්නා මුළු භාණ්ඩ ප්‍රමාණය ඩොලර් බිලියන 440 කි.

295 යන සංඛ්‍යාව 440 න් බෙදීමෙන් ඔබට 67% ක් ලැබෙන අතර ඔබ එය දෙකකින් බෙදා වැට වූ විට එන අගය චීනයට පනවා ඇති තීරු බද්ද වන 34% ලැබේ.

ඒ හා සමානව, එය යුරෝපා සංගමය සඳහා අදාළ වූ විට, ධවල මන්දිරයේ සූත්‍රය 20% ක තීරු බදු වලට හේතු විය.

d77ff190 1169 11f0 ba12 8d27eb561761.pngධවල මන්දිර ක්‍රමවේදය ක්‍රියාත්මක වන ආකාරය පෙන්වන බීබීසී ග්‍රැෆික් පැහැදිලි කිරීම
ට්‍රම්ප්ගේ ගාස්තු 'අන්‍යෝන්‍ය' ද?

මෙම ගාස්තු අන්‍යෝන්‍ය නොවන බව බොහෝ විචාරකයින් පෙන්වා දී ඇත.

අන්‍යෝන්‍ය යන්නෙන් අදහස් කරන්නේ ඒවා පදනම් වී ඇත්තේ පවතින තීරු බදු සහ තීරු බදු නොවන බාධක (පිරිවැය වැඩි කරන රෙගුලාසි වැනි දේවල්) ආකාරයෙන් දැනටමත් ඇමරිකා එක්සත් ජනපදයෙන් අය කරන රටවල් මත බවයි.

නමුත් ධවල මන්දිරයේ නිල ක්‍රමවේද ලේඛනයෙන් පැහැදිලි වන්නේ ඔවුන් තීරු බදු පනවා ඇති සියලුම රටවල් සඳහා මෙම ගණනය සිදු කර නොමැති බවයි.

ඒ වෙනුවට තීරු බදු අනුපාතය ගණනය කරන ලද්දේ එය එක් එක් රට සමඟ ඇමෙරිකානු එක්සත් ජනපදයේ භාණ්ඩ වෙළඳ හිඟය ඉවත් කර ඇති බවට වන පදනම මත ය.

ඇමරිකාවට භාණ්ඩ විකුණනවාට වඩා වැඩියෙන් භාණ්ඩ මිලදී ගන්නා රටවල් සඳහා තීරු බදු පැනවීමේ සූත්‍රයෙන් ට්‍රම්ප් ඉවත්ව ගොස් ඇත.

උදාහරණයක් ලෙස, ඇමෙරිකා එක්සත් ජනපදය දැනට බ්‍රිතාන්‍ය සමඟ භාණ්ඩ වෙළඳ හිඟයක් පවත්වාගෙන යන්නේ නැත. එහෙත් බ්‍රිතාන්‍යයට 10% ක තීරු බදු පනවා තිබේ.

සමස්තයක් වශයෙන්, රටවල් 100 කට වැඩි ප්‍රමාණයක් නව තීරු බදු ක්‍රමයෙන් ආවරණය වේ.

'පුළුල් බලපෑම් රාශියක්'

ට්‍රම්ප් සිතන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට ගෝලීය වෙළඳාදාමේදී පාඩු ලැබෙන තත්වයක් ඇති බව යි.

අනෙකුත් රටවල් ඇමරිකානු වෙළඳපොළට ලාභ භාණ්ඩ බැහැර කරන බවත්, එමඟින් ඇමරිකානු සමාගම් සහ රැකියා වලට හානි සිදුවන බවත්, ඇමරිකානු නිෂ්පාදන විදේශයන්හි තරඟකාරී වීම වළක්වන බව ත් ඔහු විශ්වාස කරයි.

එබැවින් වෙළඳ හිඟයන් තුරන් කිරීම සඳහා තීරු බදු භාවිතා කිරීමෙන්, ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපද නිෂ්පාදනය පුනර්ජීවනය කිරීමට සහ රැකියා ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වේ.

vehicalට්‍රම්ප් පුනර්ජීවනය කිරීමට උනන්දු වන නිෂ්පාදන අංශවලින් එකක් වන්නේ එක්සත් ජනපද මෝටර් රථ කර්මාන්තය යි.
නමුත් මෙම නව තීරුබදු ක්‍රමය අපේක්ෂිත ප්‍රතිඵලය අත්කර ගනීවිද?

BBC Verify ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් සමඟ කතා කර ඇත. අතිමහත් බහුතරයකගේ මතය වන්නේ තීරු බදු මගින් ඇමරිකා එක්සත් ජනපදය සහ තනි රටවල් අතර භාණ්ඩ හිඟය අඩු කළ හැකි වුවද, ඇමරිකා එක්සත් ජනපදය සහ ලෝකයේ සෙසු රටවල් අතර පවතින සමස්ත හිඟය අඩු නොකරන බවයි.

"ඔව්, එය ඇමරිකා එක්සත් ජනපදය සහ මෙම රටවල් අතර ද්විපාර්ශ්වික වෙළඳ හිඟයන් අඩු කරනවා ඇති. නමුත් ගණනය කිරීමේදී ග්‍රහණය කර නොගත් පුළුල් බලපෑම් රාශියක් ඇති බව පැහැදිලිය", ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ මහාචාර්ය ජොනතන් පෝර්ට්ස් පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත හිඟය වෙළඳ බාධක නිසා පමණක් නොව, ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය නිසා ද ඇතිවේ.

නවතම තීරුබදු වලින් බලපෑමට ලක්ව ඇත්තේ කුමන රටවල්ද?

countrycountry1
මූලාශ්‍රය: ධවල මන්දිරය • ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝ ධවල මන්දිර වෙබ් අඩවියේ ලැයිස්තුගත කර ඇති අන්‍යෝන්‍ය තීරුබදු මගින් බලපෑමට ලක් වූ සියලුම රටවල් සහ ප්‍රදේශ ඇතුළත් වේ - අනෙකුත් බොහෝ රටවල් 10% තීරුබදුවකට මුහුණ දෙයි.
*මෙම රටවල් සඳහා ලබා දී ඇති තීරුබදු ධවල මන්දිර වෙබ් අඩවියේ ඇති ඒවා වන අතර X හි ධවල මන්දිරය විසින් ලබා දී ඇති තීරුබදු වලට වඩා 1% වැඩිය.


ඇමරිකානුවන් තමන් උපයන මුදලට වඩා වියදම් කර ආයෝජනය කරන අතර එමඟින් පරතරයක් ඇති වන අතර එයින් අදහස් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විකුණන ප්‍රමාණයට වඩා වෙනත් රටවලින් මිලදී ගන්නා බවයි. එබැවින් එය දිගට ම පවතින තාක් කල්, එක්සත් ජනපදය තම ගෝලීය වෙළඳ හවුල්කරුවන් සමඟ තීරුබදු වැඩි කළද හිඟයක් පවත්වාගෙන යාම දිගට ම සිදුවනු ඇත.

ඇතැම් වෙළඳ හිඟයන් නීත්‍යානුකූල හේතු ගණනාවක් නිසා ද පැවතිය හැකිය; එය තීරු බදු නිසා පමණක් නොවේ. උදාහරණයක් ලෙස, වෙනත් රටවල දේශගුණික තත්ත්වයන් යටතේ නිෂ්පාදනය කිරීමට පහසු හෝ ලාභදායී ආහාර මිලදී ගැනීම ගත හැකිය.

"ඇමරිකා එක්සත් ජනපදයට වෙළඳ හිඟයක් ඇති රටවලට තීරු බදු අය කිරීම තාර්කික කිරීම සඳහා සූත්‍රය ප්‍රතිලෝමව නිර්මාණය කර තිබෙනවා. මේ සඳහා ආර්ථික තර්කයක් නොමැති අතර එමඟින් ගෝලීය ආර්ථිකයට විශාල වියදමක් දැරීමට සිදුවනු ඇතැයි."ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ තෝමස් සැම්ප්සන් පැවසීය.


(සටහන | බෙන් චූ සහ ටොම් එජින්ටන්)
BBC Verify

උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...