The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමරිකාව පැන වූ තීරු බදු ගැන සාකච්ඡා කරන්න විජිත හේරත්, ජුලි ජන්ග් හමුවෙයි

T

The Leader Desk

April 7, 2025 • 3:17 PM

ඇමරිකාව පැන වූ තීරු බදු ගැන සාකච්ඡා කරන්න විජිත හේරත්, ජුලි ජන්ග් හමුවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් අතර විශේෂ සාකච්ඡාවක්
  • ඒ ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් වශයෙන් ‍මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ය.
  • මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළඳ සබඳතා සහ ඇමරිකානු නව බදු ප්‍රතිපත්ති‍ය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම දීර්ඝව අවධානයට යොමු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (07) පස්වරුවේ අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්වි‍ණි.

ඒ ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් වශයෙන් ‍මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ය.

මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළඳ සබඳතා සහ ඇමරිකානු නව බදු ප්‍රතිපත්ති‍ය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම දීර්ඝව අවධානයට යොමු විය.

2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිනි.

මෙම සාකච්ඡාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා, ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා, අධ්‍යක්ෂ ජනරාල් සහ යුරෝපා හා උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ‍ජනරාල් සුගීෂ්වර ගුණරත්න ද සහභාගී වූහ.

(සටහන | සකීෆ් සාම්)

xfy56ghgh

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...