අධිකරණ සහ ජාතික එකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයේ සඳහන් වන පරිදි පසුගිය 11වන දින මෙම සාකච්ඡාව පවත්වා ඇත.
එහි දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර ඒහි සභාපති ලෙස ජනාධිපති නීතිඥ, රියෙන්සි අර්සකුලරත්න පත් කර ඇත.
පසුගිය කාලයේ පැවති ආණ්ඩු මෙම සංශෝධන නීති ගෙන ඒම සඳහා නිසි උද්‍යෝගයෙන් කටයුතු කර නොමැති බවත්, මේ සඳහා පත් කර ඇති කමිටුව ඉතා කෙටි කාලයක් තුළ මෙම පනත අහෝසි කිරීමට අදාළ කරුණු සාක්ෂාත් කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී කමිටු නිලධාරින්ට දැනුම් දි ඇති බවත් මෙම නිවේදනයේ සඳහන් වේ.
මතු දැක්වෙන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය යි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේ දී පැවැත්විය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පත් කර ඇත.
මෙම සාකච්ඡාවේදී අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවයි. නව පනත ගෝලිය ත්‍රස්තවාදයට සහ අභියෝගවලට මුහුණ දිය හැකි ආකාරයේ පනතක් විය යුතු අතර, අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා වූ මෙරට ව්‍යවස්ථාවෙන් ද සහතික කර වූ මානව හිමිකම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිති කඩනොවන ආකාරයේ පනතක් විය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.
පසුගිය කාලයේ පැවති ආණ්ඩු මෙම සංශෝධන නීති ගෙන ඒම සඳහා නිසි උද්‍යෝගයෙන් කටයුතු කර නොමැති අතර මේ සඳහා පත් කර ඇති කමිටුව ඉතා කෙටි කාලයක් තුළ මෙම පනත අහෝසි කිරීමට අදාළ කරුණු සාක්ෂාත් කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී කමිටු නිලධාරින්ට දැනුම් දුන්නේ ය.
මැයි මස මුල් කාලය තුළ මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාවගේ අදහස් ද ලබා ගැනීම පිණිස කටයුතු කරන ලෙසත්, අමාත්‍යතුමා කමිටුවට උපදෙස් දුන්නේ ය.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී, නීතිඥ, ලක්මාලි හේමචන්ද්‍ර යන පිරිස සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අසංග කරවිට, නීතිඥ, උපුල් කුමාරප්පෙරුම, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් උසස් නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි...?
T
The Leader Desk
April 14, 2025 • 2:58 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අධිකරණ සහ ජාතික එකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයේ සඳහන් වන පරිදි පසුගිය 11වන දින මෙම සාකච්ඡාව පවත්වා ඇත.
- එහි දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර ඒහි සභාපති ලෙස ජනාධිපති නීතිඥ, රියෙන්සි අර්සකුලරත්න පත් කර ඇත.
- පසුගිය කාලයේ පැවති ආණ්ඩු මෙම සංශෝධන නීති ගෙන ඒම සඳහා නිසි උද්‍යෝගයෙන් කටයුතු කර නොමැති බවත්, මේ සඳහා පත් කර ඇති කමිටුව ඉතා කෙටි කාලයක් තුළ මෙම පනත අහෝසි කිරීමට අදාළ කරුණු සාක්ෂාත් කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී කමිටු නිලධාරින්ට දැනුම් දි ඇති බවත් මෙම නිවේදනයේ සඳහන් වේ.
- මතු දැක්වෙන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


