The Leader News
BREAKING
Top Ad
පුවත්

මංගලගේ පුස්තකාලය ආයතන හතරක් වෙත පරිත්‍යාග කරයි

T

The Leader Desk

April 24, 2025 • 6:27 AM

මංගලගේ පුස්තකාලය ආයතන හතරක් වෙත පරිත්‍යාග කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමරවීර-ගුණවර්ධන පවුලේ සහයෝගීතාවයෙන් යුතුව, අප්‍රේල් 22වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (BCIS) මගින්, මංගල සමරවීර ගේ ජන්ම දිනය සැමරීමට සංවිධානය කර තිබූ අනුස්මරණ උත්සවයේ දී, ඔහුගේ පෞද්ගලික පුස්තකාලය රාජ්‍ය ආයතන කිහිපයක් වෙත පරිත්‍යාග කිරීම නිල වශයෙන් සිදුවිණි.
  • මංගලගේ කියැවීම පිළිබිඹු කරන කැඩපත චංචලා ගුණවර්ධන මෙම අනුස්මරණ උත්සවයට ආරම්භයක් ලබා දෙමින්, මංගල සමරවීර ගේ ඥාති දියණිය වන චංචලා ගුණවර්ධන විසින්, මෙම පොත් එකතුවේ වැදගත්කම පිළිබඳව සඳහන් කරමින්, මෙම පුස්තකාලය අත්‍යන්තයෙන්ම ඔහුට පෞද්ගලික වූ බව සඳහන් කළා ය.
  • ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ සංහිඳියාව ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යයන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසත්, එසේම මංගලගේ සමීප මිතුරකු ලෙසත් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් මෙහිදී විශේෂ දේශනයක් ද පවත්වන ලදී.
  • මංගල සනිටුහන් කර ගිය ඔහුගේ දේශපාලන උරුමය, ඔහු තුළ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ සංහිඳියාව සඳහා ඔහු දැක්වූ කැපවීම සම්බන්ධයෙන් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් අදහස් දක්වන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


සමරවීර-ගුණවර්ධන පවුලේ සහයෝගීතාවයෙන් යුතුව, අප්‍රේල් 22වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (BCIS) මගින්, මංගල සමරවීර ගේ ජන්ම දිනය සැමරීමට සංවිධානය කර තිබූ අනුස්මරණ උත්සවයේ දී, ඔහුගේ පෞද්ගලික පුස්තකාලය රාජ්‍ය ආයතන කිහිපයක් වෙත පරිත්‍යාග කිරීම නිල වශයෙන් සිදුවිණි.

 

WhatsApp Image 2025 04 24 at 9.29.42 AM
මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මෙන්ම  මංගල සමරවීර ගේ මිතුරන්, සගයින්, සහ ඔහු සමග එක්ව වැඩ කළ අය සහ මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වූහ.

 
පොත් දෙදහසක එකතුවක්

WhatsApp Image 2025 04 24 at 9.31.30 AM
මංගල සමරවීර ගේ පෞද්ගලික පොත් එකතුවේ ආසන්න වශයෙන් පොත් 2,000 ක් පමණ තිබූ අතර, මෙම පොත් එකතුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ (BCIS) පුස්තකාලය, කොළඹ මහජන පුස්තකාලය, යාපනය මහජන පුස්තකාලය යන පුස්තකාල වෙත පරිත්‍යාග කෙරුණු අතර, පුස්තකාලයේ පොත් එකතුවෙන් තවත් කොටසක්, LGBTQ ප්‍රජාවට අයත් සහ නිර්මාණශීලී තරුණ තරුණියන් සඳහා ලබා දෙන උපදේශකත්වය අගයමින් ස්ටෙෆාන් අන්ද්‍රේ ජෝකිම් වෙතත් පරිත්‍යාග කෙරිණි.

මංගලගේ කියැවීම පිළිබිඹු කරන කැඩපත

chanchචංචලා ගුණවර්ධන
මෙම අනුස්මරණ උත්සවයට ආරම්භයක් ලබා දෙමින්, මංගල සමරවීර ගේ ඥාති දියණිය වන චංචලා ගුණවර්ධන විසින්, මෙම පොත් එකතුවේ වැදගත්කම පිළිබඳව සඳහන් කරමින්, මෙම පුස්තකාලය අත්‍යන්තයෙන්ම ඔහුට පෞද්ගලික වූ බව සඳහන් කළා ය.

"මෙම පොත් එකතුව තම කෙටි ජීවිත කාලය පුරාම: රාජ්‍ය තාන්ත්‍රිකත්වය, දේශපාලනය, විලාසිතා ලෝකය, කලාව, ආගම, දර්ශනය සහ සාහිත්‍යය යන විෂයයන් ඔස්සේ ඔහු තුළ තිබූ කියැවීම පිළිබිඹු කරයි.  පුළුල්ව විහිදුණු ඔහුගේ දේශපාලන ජීවිතය තුළ ඔහුට තිබූ: පරමාදර්ශී භාවය, දයානුකම්පිත බව, නවෝත්පාදනීය නැඹුරුව, උපායමාර්ගික බව සහ ඵලදායීත්වය පැමිණුනේ ඔහුගේ ගැඹුරු බුද්ධිමය කුතුහලයත්, නිර්මාණශීලිත්වයත්, එසේම ඉගෙනීමට දැක්වූ නොතිත් ආශාවත් තුළින්."

WhatsApp Image 2025 04 24 at 9.36.09 AM

WhatsApp Image 2025 04 24 at 9.34.25 AM


මෙම අනුස්මරණ උත්සවයට දේශාල් ද මෙල් (ආර්ථික විද්‍යාඥ), ස්ටෙෆාන් අන්ද්‍රේ ජෝකිම් (ප්‍රධාන විධායක නිලධාරී/මෝස්තර නිර්මාණ ශිල්පී, ANDRE ESTEFAN), මුරාඩ් ඉස්මයිල් (ගෘහ නිර්මාණ ශිල්පී) සහ තුෂාරා විතාරණ (කර්තෘ, Leader.lk) යන අය සහභාගී වූ සාකච්ඡාවක් ද ඇතුළත් වූ අතර, ඔවුන් එක් එක් අය මංගල සමග තිබූ සම්බන්ධතා සහ මංගලගේ කියවීමේ පුරුද්ද එම එක් එක් පුද්ගලයාට ඔවුන්ගේ ක්ෂේත්‍රයන් තුළ බලපෑ ආකාරයත් පිළිබඳව එහිදී අදහස් පළ විණි.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ සංහිඳියාව

 

WhatsApp Image 2025 04 24 at 9.36.51 AMආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යයන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසත්, එසේම මංගලගේ සමීප මිතුරකු ලෙසත් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් මෙහිදී  විශේෂ දේශනයක් ද පවත්වන ලදී.

මංගල සනිටුහන් කර ගිය ඔහුගේ දේශපාලන උරුමය, ඔහු තුළ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ සංහිඳියාව සඳහා ඔහු දැක්වූ කැපවීම සම්බන්ධයෙන් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් අදහස් දක්වන ලදී.

අනාගතයේ කල එළි දකින 'මාතර එකතුව'

ms 1 800x533
මෙම පොත් එකතුව පරිත්‍යාග කිරීම සඳහා තෝරාගත් පුස්තකාල, මංගල සමරවීරගේ ජීවිත කාලය පුරා ම ඔහු උනන්දු වූ දේවල් සහ ඔහු කැපවූ දේවල් මොනවට පිළිබිඹු කරයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිව සිටි සමයේ මංගල විසින් වරක් නායකත්වය දෙන ලද “Brick Or A Book” වැඩසටහනට කේන්ද්‍රස්ථානය වූ යාපනය මහජන පුස්තකාලය මෙහි දී විශේෂ වැදගත්කමක් දරයි.

එසේම, කොළඹ මහජන පුස්තකාලය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය, මහජන අධ්‍යාපනය සහ ජාත්‍යන්තර සබඳතා සමග මංගලගේ සබඳතා නියෝජනය කරයි.

WhatsApp Image 2025 04 24 at 9.38.05 AM
මේ අතර තවමත් සංවිධානය වෙමින් පවතින 'මාතර එකතුව' (Matara collection) මංගලගේ තිබූ නිර්මාණාත්මක භාවය, ඔහුගේ උපන් දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව සමග සම්බන්ධ කරනු ඇත.

අවසාන වශයෙන්, මෙම කාර්යය යතාර්ථයක් බවට පත් කර ගැනීම සඥහා, මෙම උත්සවයට පෙර මාස කිහිපයක සිට මෙම පොත් එකතුව රඳවා තබා ගැනීමෙන් සහ සූචිකරණය කිරීමෙන් දැක්වූ සහයෝගය වෙනුවෙන් චංචලා ගුණවර්ධන විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයට ද ස්තූතිය පළ කරන ලදී.

 

WhatsApp Image 2025 04 24 at 9.31.29 AM 1

WhatsApp Image 2025 04 24 at 9.32.00 AM

WhatsApp Image 2025 04 24 at 9.30.40 AM

WhatsApp Image 2025 04 24 at 9.32.49 AM

WhatsApp Image 2025 04 24 at 9.30.41 AMWhatsApp Image 2025 04 24 at 9.38.05 AM 1ms 7ms 3ms 5ms 6ms 8

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...