The Leader News
BREAKING
Diginote : තෙල් අවදානම, අත්අඩංගුවේ මරණ සහ කාඩ්පත් අර්බුදය●සංගක්කාරගේ ගුවන්තොටුපොළ සිදුවීමෙන් අප උගත යුතු පාඩම●ලූවර් සහ මෙට් පරදා බිහාර් කෞතුකාගාරය ලොව මුල් දහයට●තරාදියේ වැරදි බරට නයින්වෙල්ස් රෝහලට පාරිභෝගික අධිකාරියෙන් දඩයක්●ගෝලීය උෂ්ණ කුණාටු හමුවේ මව්කුස අනතුරේ●ඇමරිකානු නිදහසට පදනම දැමූ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් කොළඹදී කතාබහට●ඩොලර් ලක්ෂ හතක නැව් රක්ෂණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට●කිංස්බරි සීසීටීවී අර්බුදය: සරත් වීරසේකරගෙන් රු. මිලියන 100ක එන්තරවාසියක්●යුරෝපයේ රුසියානු විරෝධී හඬ බාල කරන්නැයි පෙන්ටගනයෙන් උපදෙස්●සංගක්කාරගේ පාස්පෝට් අර්බුදය: රයන්එයාර් හෙළි කළ තිත්ත ඇත්ත●
Top Ad
පුවත්

පාසල් සිසුවියකගේ මරණය: ලිංගික අතවර කළ බව කියන ගුරුවරයාට ස්ථාන මාරුවක්

T

The Leader Desk

May 8, 2025 • 11:26 AM

පාසල් සිසුවියකගේ මරණය: ලිංගික අතවර කළ බව කියන ගුරුවරයාට ස්ථාන මාරුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ බම්බලපිටියේ පිහිටි පාසල ආශ්‍රිත නොසන්සුන්කාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි.
  • පැහැදිලි කිරීමක් සඳහා පාසලේ විදුහල්පතිවරයා කැඳවා ඇති බවත්, පසුව මෙම කාරණයට සම්බන්ධ පාසල් ගුරුවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
  • සිද්ධියට අදාළ පොලිස් විමර්ශන වාර්තාව ඉල්ලා ඇති බවත්, ඒ අනුව අවශ්‍ය විනය පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් පවසයි.
  • මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ බම්බලපිටියේ පිහිටි පාසල ආශ්‍රිත නොසන්සුන්කාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි.

පැහැදිලි කිරීමක් සඳහා පාසලේ විදුහල්පතිවරයා කැඳවා ඇති බවත්, පසුව මෙම කාරණයට සම්බන්ධ පාසල් ගුරුවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

සිද්ධියට අදාළ පොලිස් විමර්ශන වාර්තාව ඉල්ලා ඇති බවත්, ඒ අනුව අවශ්‍ය විනය පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

 

කොටහේන ප්‍රදේශයේ 16 හැවිරිදි දැරිය සියදිවි නසාගෙන මියගොස් ඇති අතර, පසුව ඇගේ දෙමව්පියන් චෝදනා කළේ, පාසලේදී පිරිමි ගුරුවරයකු විසින් ඇයට ලිංගික අතවර කිරීම සහ සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික උපකාරක ආයතනයකදී සෙසු සිසුන් ඉදිරියේ නින්දාවට පත්කිරීම ඇගේ මරණයට සම්බන්ධ බවයි.

 

බම්බලපිටිය පොලිසියේ ගොනුකරන ලද පැමිණිල්ලකට අනුව, චූදිත ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් නමුත් පසුව ඇප මත නිදහස් කරන ලදී.

16 හැවිරිදි දැරියට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද (8) පාසල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

විරෝධතාකරුවෝ චෝදනාවට ලක්වූ පිරිමි පාසල් ගුරුවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටි අතර, අපරාධකරු ආරක්ෂා කළ බවට චෝදනා එල්ලවන පාසල් විදුහල්පතිවරිය කෙරෙහි ද ඔවුන්ගේ අප්‍රසාදය පළකළහ.

| ceylonwire

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...