The Leader News
BREAKING
Top Ad
පුවත්

දිවයින පුරා ලුණු හිඟයක්? - රට ලුණු එන දවස මෙන්න

T

The Leader Desk

May 14, 2025 • 7:21 AM

දිවයින පුරා ලුණු හිඟයක්? - රට ලුණු එන දවස මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සංගමයේ සභාපති ගණක අමරසිංහ සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බවය.
  • එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ගණක අමරසිංහ සඳහන් කළේය.
  • ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ වැඩි දුරටත් පැවසිය.
  • මේ අතර වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරති.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සංගමයේ සභාපති ගණක අමරසිංහ සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද  එය ප්‍රමාද වී ඇති බවය.

එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ගණක අමරසිංහ සඳහන් කළේය.

ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ වැඩි දුරටත් පැවසිය.

වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගිහින්...

මේ අතර වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරති.

කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

ඇතැම් පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද අදහස් පළකර තිබුණි.

මේ සම්බන්ධයෙන් 'අද දෙරණ' කළ විමසිමකදී පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අසේල බණ්ඩාර පවසයි.

 

මේ අතර ලංකා ලු‍ණු සමාගම පවසන්නේ, ආනයනය කළ ලුණු තොගයක් ඉදිරි සති දෙක තුළ දිවයිනට ළගා වීමට නියමිත බවයි.

 

එහි සභාපති ඩී. නන්දනතිලක 'හිරු' නාලිකාවට පවසා සිටියේ, පසුගිය මාර්තු 15 වැනිදායින් පසු හම්බන්තොට, අලිමංකඩ සහ පුත්තලම ලේවායන්හි ලු‍ණු අස්වැන්න ලබාගැනීමට කාලගුණයෙන් බාධා එල්ල වීම හමුවේ මෙලෙස ලුණු හිඟයක් මතු වූ බවයි.

මෙවන් පසුබිමක ලංකා ලුණු සමාගම ලු‍ණු මෙට්‍රික් ටොන් දස දහසක් සහ ජාතික ලු‍ණු සමාගම ලු‍ණු මෙට්‍රික් ටොන් විසිදහසක් වශයෙන් ලුණු තොග ආනයනය කිරීමට තීරණය කර තිබිණ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...