The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

මේ ආණ්ඩුවත් උතුරේ ඉඩම් පවරා ගැනීම ගැන විදෙස් දූත මණ්ඩලවලට කියයි

T

The Leader Desk

May 15, 2025 • 11:01 AM

මේ ආණ්ඩුවත් උතුරේ ඉඩම් පවරා ගැනීම ගැන විදෙස් දූත මණ්ඩලවලට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගනගරයේ මාධ්‍යවේදීන් පවසන්නේ මැයි 14 වැනිදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, කැනඩා මහ කොමසාරිස්, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් හා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හමුවී එම ඉල්ලීම කළේ දෙමල ජාතික කවුන්සලයේ සභාපතිවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා නියෝජිතයන් පිරිසක් බවයි.
  • සිංගප්පුලි ගැසට් මගින් දැනුම් දී ඇත.
  • එහි දැක්වෙන පරිදි උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක හතරේ ඉඩම් අක්කර 5941 ක් ඇතුලත්ව ඇත.
  • මුලතිව් දිස්ත්‍රික්කයේ 1703ක්, යාපනය දිස්ත්‍රික්කයේ 3669ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 515ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ 54 ක් ඊට අයත් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අගනගරයේ මාධ්‍යවේදීන් පවසන්නේ මැයි 14 වැනිදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, කැනඩා මහ කොමසාරිස්, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් හා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හමුවී එම ඉල්ලීම කළේ දෙමල ජාතික කවුන්සලයේ සභාපතිවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා නියෝජිතයන් පිරිසක් බවයි.

 

එම හමුවීම් අවසානයේ අගනගරයේ මාධ්‍යවේදීන් අමතමින් දෙමළ ජාතික කවුන්සලයේ සභාපති හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සඳහන් කළේ යුද හමුදා අනුග්‍රහයෙන් යාපනය කන්කසන්තුරේ, තයියට්ටි ග්‍රාමයේ ඉදිකර ඇති තිස්ස විහාරයට උතුරේ දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගැනීම, මුලතිව් කුරුන්තුර්මලේ තන්නිමුරිප්පු වැව් දියෙන් ගොවිතැන් කරන දෙමළ ගොවීන්ගේ වගා බිම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්පත්කරගැනීම මෙන්ම උතුරු පළාතේ මුහුදුබඩ ඉඩම් අක්කර හය දහසකට ආසන්න ප්‍රමාණයක් තුන් මසක කාලයක් තුල ගැසට් පත්‍රයක් මගින් කඩිනමින් පවරා ගන්නට ජාතික ජන බලවේග ආණ්ඩුව දරණ උත්සාහය සම්බන්ධයෙන් එම නියෝජිතයන් පිරිස දැනුවත් කළ බවයි.

 

"බ්‍රිතාන්‍යය සහ කැනඩාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් නිරන්තරයෙන් සැලකිලිමත් වන රටවල්. මෙම කාරණයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට කාර්යභාරයක් පැවරී තිබෙන නිසා මෙම කාරණා සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයාගෙන් ද අපි ඉල්ලා සිටියා."

02

ඉඩම් අක්කර 5941 ක්

 

2025 මාර්තු 28 වැනි සිකුරාදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නිකුත් කළ  අංක 2430 දරණ ගැසට් පත්‍රය මගින් ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇත්තේ එහි උපලේඛනයන්හි දැක්වෙන උතුරු පළාතේ දිස්ත්‍රික්ක හතරක ඉඩම් අක්කර 5941 ක හිමිකම තෙමසක් තුළ තහවුරු නොකළහොත් ඒවා රාජ්‍ය සන්තක කරන බවයි.

 

"මෙහි පහත සදහන් උපලේඛනයන්හි විස්තර වන යම් ඉඩමක් හෝ එම ඉඩමක කොටසක් නොහොත් අයිතියක් ගැන යමෙකුට යම් හිමිකමක් ඇත්නම් එය 2025 මාර්තු මස 28 වැනි දින පටන් තුන් මාසයක් ඇතුලත මෙහි පහත අත්සන් කරන මා වෙත ඉදිරිපත් නොකළහොත්  ඉඩම් නිරවුල් කිරීමේ ආඥාපනතේ 5 ( 1) වගන්තිය යටතේ එකී ඉඩම රාජ්‍ය සන්තක ඉඩමක් ලෙස ප්‍රකාශ කරනු ලබන බවද, රාජ්‍ය සන්තක ඉඩමක් ලෙස සලකා ඒ ගැන ක්‍රියා කරනු ලබන බවද, එකී ආඥාපනතේ 4 වැනි වගන්තිය යටතේ මෙයින් දැනුම් දෙනු ලැබේ," යි නිරවුල් කිරීමේ සහකාර නිලධාරී සුවින්ද එස්. සිංගප්පුලි ගැසට් මගින් දැනුම් දී ඇත.


එහි දැක්වෙන පරිදි උතුරු පළාතේ වව්නියාව  දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක හතරේ  ඉඩම් අක්කර 5941 ක් ඇතුලත්ව ඇත. මුලතිව් දිස්ත්‍රික්කයේ 1703ක්, යාපනය දිස්ත්‍රික්කයේ 3669ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 515ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ 54 ක් ඊට අයත් වෙයි.
 
 
දෙමල ජාතික කවුන්සලයේ සභාපති හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අගනගරයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමේ අරමුණ වී ඇත්තේ නිල ලේඛන නැතත් භුක්තිය හිමි පුද්ගලික ඉඩම් ආණ්ඩුවට පවරා ගැනීම බවයි.
 
 
"ශ්‍රී ලංකා රජයේ ත්‍රස්තවාදී තර්ජනය නිසා මිනිස්සු රට හැර ගියා. මෙම අවස්ථාවේ දී රජය මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමේ අරමුණ ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීම නෙමෙයි. ඒ වෙනුවට, ජනතාවගේ ලේඛනගත නොකළ ඉඩම් රජයේ ඉඩම් ලෙස අත්පත් කර ගැනීමයි."

යුද්ධය හේතුවෙන් සිය වාසභූමි  අතහැර අසල්වැසි ඉන්දියාවට පලායාමට සිදුවූ දෙමළ ජනතාවගේ භුමියට අත්වන ඉරණම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා එහිදී සිහිපත් කළේය.

"අපේ ඊළාම් දෙමළ ජනතාවගෙන් 100,000 කට වැඩි පිරිසක් ඉන්දියානු පුරවැසියන් ලෙස පිළිගැනීමකින් තොරව ඉන්දියාවේ ජීවත් වෙනවා. එවැනි තත්වයක් තුළ, එම පුද්ගලයන් නැවත තම මව් රටට ආවොත්, ඔවුන්ට මෙහි ජීවත් වීමට නොහැකි තත්වයක් උදා වෙනවා. මේ කාරණයේදී ඉන්දියාවට ප්‍රධාන කාර්යභාරයක් පැවරී ඇති බවට වන පදනම මත අපි ඉන්දීය තානාපතිවරයා ද හමුවුණා."
 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් එහිදී තව දුරටත් සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සීමා මායිම් ලකුණු කර මුලතිව් කුරුන්තුර්මලේ තන්නිමුරිප්පු වැව් දියෙන් ගොවිතැන් කරන දෙමළ ගොවීන්ගේ වගා බිම් අත්පත්කරගැනීම සම්බන්ධයෙන්ද විදෙස් දූත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කළ බවයි.
 
 
ප්‍රදේශයේ දෙමළ ජනයා පවසන්නේ 1933 වසරේ මැයි 12 වැනිදා බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් නිකුත් කළ ගැසට් පත්‍රයක් උපයෝගි කරගනිමින්  පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අක්කර 78 ක ප්‍රදේශයක් කුරුන්තුර්මලේ භුමියට අයත් බවට කරුණු දක්වන බවයි.

ඊට පසුව ප්‍රදේශයේ සිදු කළ අධ්‍ය‍යනයකින් අනතුරුව පුරා වස්තු පවතින තවත් අක්කර 229 ක භුමියක් හඳුනාගෙන ඇතැයි පවසමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුන්තුර්මලේ පුරා විද්‍යා රක්ෂිතය වෙනුවෙන් අලුතින්   සීමා මායිම් පනවා ඇති බව පවසන ප්‍රදේශයේ දෙමළ ජනයා අවධාරණය කරන්නේ  එම සීමාවට අයත් භුමිය තුළ සිය ඥාතීන් සියවසකට අධික කාලයක සිට ගොවිතැන් කරන කුඹුරුද පවතින බවයි.

කොළඹ විදේශීය දූත මණ්ඩල ප්‍රධානීන් හමුවේ කරුණු දැක්වීමට TNPF නායකයා  සමග එක්ව තිබුනේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, දෙමළ ජාතික හරිත ව්‍යාපාරයේ සභාපති සහ උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්ගරනේෂන්, දෙමළ ජාතික පක්ෂයේ සභාපති හා යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ නල්ලතම්බි ශ්‍රීකාන්තා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊශ්වරපාදම් සරවනභවන්ය.
 
දෙමළ පවුල් 14 ට අයත් පරප්පු 100 කට (අක්කර 6.2) ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව යාපනය කන්කසන්තුරේ, තයියට්ටි ග්‍රාමයේ ඉදිකර ඇති තිස්ස විහාරය සම්බන්ධයෙන්ද එම පිරිස දැනුවත් කළ දෙමළ ජනතා නියෝජිතයන් ආණ්ඩුව විසින් උතුරේ දෙමළ ජනයාගේ ඉඩම් අත්පත්කරගැනීමේ වෑයම නවතාලීම සදහා ජාත්‍යන්තර මැදිහත්වීම ඉල්ලා තිබේ.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...