The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිස් ප්‍රකාශක කියන්නේ බොරු ! : ''උද්ඝෝෂන පැවැත්වීමට අප විරෝධය පළකළේ නෑ'' - සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහලම බලධාරියා කියයි

T

The Leader Desk

June 12, 2020 • 5:57 AM

පොලිස් ප්‍රකාශක කියන්නේ බොරු ! :  ''උද්ඝෝෂන පැවැත්වීමට අප විරෝධය පළකළේ නෑ''  - සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහලම බලධාරියා කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උද්ඝෝෂණවලට අවසර ලබා නොදිය යුතු බවට සෞඛ්‍ය බලධාරියා ලෙස අනිල් ජාසිංහ නිර්දේශ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න කර තිබු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු එබව සඳහන් කළේය.
  • ''උද්ඝෝෂණ පැවැත්වීම පිළිබඳ සමාජ දුරස්ථභාවය ඇතිව සීමිත සංඛ්‍යාවක් යටතේ කිරීම අත්‍යවශ්‍ය තත්ත්වයක් බව පෙන්වා දිය යුතුයි.
  • එසේ නැතිව උද්ඝෝෂණ සඳහා අප විසින් විරුද්ධ වීමක් නොමැති බවත් කිව යුතුයි’ යයි ඔහු එම වැඩසටහනේ දී අවධාරණය කළේය.
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹදී සංවිධානය කළ සාමකාමී විරෝධතාව මර්දනය කිරීමට පොලිසිය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුලින්ද විරෝධයක් මතුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

උද්ඝෝෂණවලට අවසර ලබා නොදිය යුතු බවට සෞඛ්‍ය බලධාරියා ලෙස අනිල් ජාසිංහ නිර්දේශ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න කර තිබු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු එබව සඳහන් කළේය. ඒ, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී අදහස් දක්වමිනි.

''උද්ඝෝෂණ පැවැත්වීම පිළිබඳ සමාජ දුරස්ථභාවය ඇතිව සීමිත සංඛ්‍යාවක් යටතේ කිරීම අත්‍යවශ්‍ය තත්ත්වයක් බව පෙන්වා දිය යුතුයි. එසේ නැතිව උද්ඝෝෂණ සඳහා අප විසින් විරුද්ධ වීමක් නොමැති බවත් කිව යුතුයි’ යයි ඔහු එම වැඩසටහනේ දී අවධාරණය කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹදී සංවිධානය කළ සාමකාමී විරෝධතාව මර්දනය කිරීමට පොලිසිය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුලින්ද විරෝධයක් මතුව ඇත. එම ප්‍රහාරය හෙලා දකිමින් ට්විටර් පණිවිඩයක් නිකුත්කර තිබු හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් ද කර තිබිණ.

 Namal twite

පොලිස් ප්‍රහාරය ගැන ජාත්‍යන්තර විරෝධයක්!

එක්සත් ජනපදයේදී පොලිස් පහරදීමකින් ජෝර්ජ් ෆ්ලොයිඩ් මියයාම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජූනි 9 වැනිදා ලිප්ටන් වටරවුමේදී සංවිධානය කළ සාමකාමී විරෝධතාවයට   පොලිසිය මැදිහත්වූ අකාරය පිළිබඳව විරෝධය පළකරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ද 'ට්වටර්' පනිවිඩයක් නිකුත්කර ඇත.

සාමකාමී එකරාශිවීම්වලට නිදහස හිමිවන ආකාරයටම වෙනත් අවස්ථාවලදී සාධාරණ ආකාරයෙන් ක්‍රියාත්මක වියයුතු බවද විරෝධතාකරුවන්ට ස්වෙච්ඡාවෙන් විසිරයාමට අවස්ථාව ලබාදිය යුතු බවද එහි සඳහන්කර ඇත.

මෙම ට්විටර් පණිවිඩය නිකුත්කර ඇත්තේ පොලිසිය විසින් විරෝධතාකරුවන් මැදට කඩාපැන පහරදෙමින් ඔවුන් කුඩා වාහනයක ඒක පොකුරට රැගෙන යන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය හරහා විකාශය වීමෙන් පසුවය.

amnesty tweet

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...