The Leader News
BREAKING
Top Ad
පුවත්

නඩේසන් ඝාතනය ගැන මේ ආණ්ඩුවෙන් යුක්තිය ලැබෙතැයි ‘ජනතා අපේක්ෂාවක්’

T

The Leader Desk

June 3, 2025 • 4:47 AM

නඩේසන් ඝාතනය ගැන මේ ආණ්ඩුවෙන් යුක්තිය ලැබෙතැයි ‘ජනතා අපේක්ෂාවක්’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''පසුගිය රාජපක්ෂ පාලන සමයේදී නොලැබුණු යුක්තිය, රනිල් පාලන සමයේදී නොලැබුණු යුක්තිය සහ මෛත්‍රී පාලන සමයේදී නොලැබුණු යුක්තිය අවම වශයෙන් අනුර පාලන සමයේදීවත් ලැබෙයි කියලා ජනතාවට හිතෙනවා.
  • මෙම පොදු ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කර වැරදිකරු මෙම සමාජයට හෙළි කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.
  • කොළඹින් පලකෙරෙන වීරකේසරී පුවත්පතේ ලියුම්කරුවකු මෙන්ම දෙමළ මාධ්‍ය සංසදයේ (TMA) හිටපු උප සභාපතිද වූ නඩේසන් දකුනේ සැමරීමට දකුණේ කිසිදු මාධ්‍ය සංවිධානයක් හෝ ආයතනයක් මෙවරත් කටයුතු කළ බවක් දැනගන්නට නැත.
  • මැයි 31 ‘නෙල්ලෙයි නඩේසන්’ නමින් ප්‍රකටව සිටි අයියතුරෛ නඩේසන් මාධ්‍යවේදියා වෙඩිතබා ඝාතනය කර තිබුනේ 2004 මැයි 31 වනදා උදෑසන මඩකලපුවේ පිහිටි සිය කාර්යාලය වෙත යමින් සිටියදීය.
අකුරු ප්‍රමාණය (Font Size):


''පසුගිය රාජපක්ෂ පාලන සමයේදී නොලැබුණු යුක්තිය, රනිල් පාලන සමයේදී නොලැබුණු යුක්තිය සහ මෛත්‍රී පාලන සමයේදී නොලැබුණු යුක්තිය අවම වශයෙන් අනුර පාලන සමයේදීවත් ලැබෙයි කියලා ජනතාවට හිතෙනවා. අත්අඩංගුවට ගන්නා අය නිසි පරීක්ෂණයකට භාජනය කළ යුතු අතර ඔවුන් මනුෂ්‍යත්වයට එරෙහිව කළ අපරාධ සහ ඔවුන් ඝාතනය කළ මාධ්‍යවේදීන් පිළිබඳ සත්‍යය, විශේෂයෙන් නඩේසන් ඝාතනයේ සත්‍ය හෙළිදරව් කළ යුතුය. එය අපගේ ඉල්ලීමයි. මෙම පොදු  ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කර වැරදිකරු මෙම සමාජයට හෙළි කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ හරහා, ඔබ මාධ්‍යවේදීන්ගේ නිදහස සහ මාධ්‍ය ධර්මය ආරක්ෂා කරන බවට තහවුරු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.''

 

ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් ඒ බව සදහන් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ රජයේ හමුදා මුරපොලක් අසලදී වෙඩි පහරින් දිවි තොර කරන ලද ජ්‍යෙෂ්ට මාධ්‍යවේදි අයියතුරෙයි නඩේසන් මරා දමා විසි එක් අවුරුද්දක් ගතවීත් යුක්තිය ඉටු නොවීම නිමිති කොටගෙන මඩකලපුවේ දියත් කළ විරෝධතාවයක් අතරතුරදීය.

 

රාජ්‍ය අනුග්‍රහය ලැබු අතුරු සන්නද්ධ හමුදාවක් වන කරුණා කණ්ඩායමට අයත් බවට සැලකෙන තුවක්කු කරුවන් විසින් 2004 මැයි 31 වැනිදා මඩකලපුව නගරයේ දී ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටු නොවු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අයියතුරෙයි නඩේසන් අනුස්මරණය කිරීමට දකුණේ මාධ්‍යවේදීන් කිහිප දෙනකු මෙවරත් මැයි 31 ක් වැනිදා මඩකලපුවට ගොස් තිබුනි.

කොළඹින් පලකෙරෙන වීරකේසරී පුවත්පතේ ලියුම්කරුවකු මෙන්ම දෙමළ මාධ්‍ය සංසදයේ (TMA) හිටපු උප සභාපතිද වූ නඩේසන් දකුනේ සැමරීමට දකුණේ කිසිදු මාධ්‍ය සංවිධානයක් හෝ ආයතනයක් මෙවරත්  කටයුතු කළ බවක් දැනගන්නට නැත.

ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත ස්මාරකය ඉදිරිපිට දී අයියතුරෙයි නඩේසන්ගේ ඡායාරූපයකට මල් මාලයක් පලඳා මලින්, පහනින් ඔහුට උපහාර දැක්වු මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මඩකලපුව මාධ්‍ය සමාජය හා නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය දකුනේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමග මැයි 31 වැනිදා  දියත් කළ විරෝධතාවයේ දී  ශ්‍රී ලංකාවේ ඝාතනය වු සියළු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා තිබුනි.

2004 මැයි 31

‘නෙල්ලෙයි නඩේසන්’ නමින් ප්‍රකටව සිටි අයියතුරෛ නඩේසන් මාධ්‍යවේදියා වෙඩිතබා ඝාතනය කර තිබුනේ 2004 මැයි 31 වනදා උදෑසන මඩකලපුවේ පිහිටි සිය කාර්යාලය වෙත යමින් සිටියදීය.

 

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් (HRW) ඒ සම්බන්ධයෙන් චෝදනා කර තිබුනේ පසු කලෙක මහින්ද රාජපක්ෂ පාලනයේ අමාත්‍ය ධුරයක්ද දැරූ විනයාගමුර්ති මුරලිදරන්ගේ නායකත්වයෙන් යුත් කරුණා පාර්ශවයටයි.

 

දමිල මාධ්‍ය සංසදයේ උප සභාපති නඩේසන් ගේ ඝාතනයෙන් පසු නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදීන් ගණනාවකටම ජීවිතාරක්ෂාව පතා ප්‍රදේශය හැර යාමට හෝ විදේශ ගතවීමට බල කෙරිනි.

ඝාතනයට ලක්වන විට පනස් වියේ පසුවු දෙදරු පියකු වු අයියතුරෛ නඩේෂන් වීරකේසරි පුවත් පත, IBC තමිල් ඇතුළු කැනඩාවේ මාධ්‍ය ආයතන කිහිපයක් සඳහාද වාර්තා සැපයු අයෙකි.

 

මඩකලපුවේදී වෙඩි තබා ඝාතනය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි අයියතුරෙයි නඩේසන්ගේ ඝාතන නඩුව නැවත ආරම්භ කරන ලෙස මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මඩකලපුව මාධ්‍ය සමාජය හා නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය පසුගිය සමයේ පැවැති රජයන් වලට දිගින් දිගටම බල කර තිබුනි.

 

ලසන්ත වික්‍රමතුංග, ධර්මරත්නම් සිවරාම් සහ ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු ජාත්‍යන්තර අවධානය දිනාගත් මාධ්‍යවේදීන් සම්බන්ධ නඩු කිහිපයක් නැවත විමර්ශනය කරමින් සිටින බව බලයට පත් විගස ජාතික ජන බලවේග ආණ්ඩුව පැවසුවද එහි ප්‍රගතීය මාධ්‍යවේදීන් හමුවේ මෑත කාලීනව හෙළි කළ බවක් දැන ගන්නට නැත.

nadesan 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...