The Leader News
BREAKING
Top Ad
පුවත්

කන්ටේනර් 323ක් බලපෑමට පිට කරලා නැහැ - විෂයබාර අමාත්‍ය බිමල් රත්නායක

T

The Leader Desk

June 6, 2025 • 11:51 AM

කන්ටේනර් 323ක් බලපෑමට පිට කරලා නැහැ - විෂයබාර අමාත්‍ය බිමල් රත්නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙසේ රේගු පරීක්ෂාවට ලක් නොවී ආනයනික බහාලුම් රට තුළට නිදහස් වීම පාර්ලිමේන්තුවේ ද උණුසුම් මාතෘකාවක් විය.
  • විපක්ෂයෙන් එල්ලවන චෝදනා හමුවේ, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද (6) පැවසුයේ, වරායේ කන්ටේනර් 323 ක් ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරයාගේ හෝ සභාපතිවරයාගේ හෝ බලපෑම මත නිදහස් කර නොමැති බවයි.
  • කිසිවෙකුට හෝ එසේ නිදහස කිරීමට බලයක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
  • එවැනි නිදහස් කිරීමක් කර නැති බවත් එවැනි දේවල් කිරීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙසේ රේගු පරීක්ෂාවට ලක් නොවී ආනයනික බහාලුම් රට තුළට නිදහස් වීම පාර්ලිමේන්තුවේ ද උණුසුම් මාතෘකාවක් විය.

* ඒ බහාලුම්වල තිබුණේ මොනවා ද?

* බහාලුම් නිදහස් කිරීමට බලපෑමක් කළේ නම් ඒ කාගෙන් ද?

* බහාලුම් නිදහස් කරන්න ක්‍රියා කළ නිලධාරීන් කවුද?


යන කාරනා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් එකිනෙකාට චෝදනා කරමින් සිටිති.

 

විපක්ෂයෙන් එල්ලවන චෝදනා හමුවේ, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද (6) පැවසුයේ, වරායේ කන්ටේනර් 323 ක් ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරයාගේ හෝ සභාපතිවරයාගේ හෝ බලපෑම මත නිදහස් කර නොමැති බවයි.

 

කිසිවෙකුට හෝ එසේ නිදහස කිරීමට බලයක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

එවැනි නිදහස් කිරීමක් කර නැති බවත් එවැනි දේවල් කිරීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බිමල් රත්නායක මෙසේද පැවසීය.

''ඉතිහාසයේ එහෙම කන්ටේනර් නිදහස් කිරීම සිදුවෙලා ඇති. දැන් එහෙම වෙන්නෙ නෑ. කන්ටේනර් ගැන ප්‍රශ්නයක් මතු කරනවා. අපිවත් ඒකට පටලව තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරන ගෙන යනවා. ඒ පරීක්ෂණවලින් පිළිතුරක් ලැබේවි.

වරායේ සිදුවූ මහා පරිමාණ දූෂණ ගැන පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. රාජපක්ෂල වික්‍රමසිංහල වරාය සම්බන්ධව කරලා තියෙන්නේ ජාතික අපරාධ. ආර්ථික ඝාතකයෝ. අද ඒගොල්ලන්ගේ ගෝලයෝ ඉස්සරහට ඇවිල්ලා ඒ ආර්ථික ඝාතකයන් ආරක්ෂා කරනවා. වරායට අලුතින් බඳවාගෙන නැහැ. කන්ටේනර් ගෙන යන ක්‍රේන්  ගෙනෙද්දි මහා පරිමාණ වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. නඩුවක් තියෙනවා. ඒ නිසා අපිට පහළොවක් ගේන්න බැරිවෙලා තියෙනවා. වංචාව ඩොලර් මිලියන 18ක්. අපි මේකට සම්බන්ධ අය අධිකරණයට ගෙනියනවා. ඒ ටෙන්ඩරය අවලංගු කළා. අපි අලුතෙන් ඒවා ගන්න ටෙන්ඩර් කෝල් කරලා තියෙනවා. කැබිනට් අනුමැතිය ඇතිව.''

දයාසිරි ජයසේකර:

මේවා ප්‍රභාකරන්ගේ ආයුධ කියලා කියනවා

බිමල් රත්නායක:

පරීක්‍ෂණවලදී ඒවා එළිවේවි. මෙතුමා තමයි ඒවා දන්නේ මට වඩා. පරීක්ෂණවලින් ඔප්පු කරගන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා සාක්ෂි දුන්නා නම් හරි. මෙතුමා තමයි ඒවා දන්නවා කිව්වේ.



බහාලුම් නිදහස් කළේ කොහොම ද?

මෙසේ බහාලුම් නිදහස් කරනු ලැබුවේ දැනට පවතින බහාලුම් තදබදයට තාවකාලික විසඳුමක් ලෙස යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ ජනවාරි 22 වනදා පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

එමෙන් ම එසේ බහාලුම් නිදහස් කරනු ලැබූ ක්‍රමවේදය පිළිබඳව ද ඔහු විස්තර කළේය.

"පසුගිය වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය තීරණයක් ගත්තේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සෑදුන කමිටුවක් හරහා නිෂ්කාශන කිරීමට පෝලිම්වල තිබෙන භාණ්ඩ, දත්ත පද්ධතිය හරහා යොමු කර ඇති බහාලුම්වලින් භාණ්ඩ පරික්ෂාවකින් තොරව නිදහස් කළ හැක්කේ කුමන බහලුම් ද කියලා විශ්ලේෂණය කරලා තෝරාගෙන ඒවා පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමටයි. මේ කමිටුව 2024 වසරේ ජුලි මාසේ සිට ක්‍රියාත්මකයි."

මීට පෙර ද බහාලුම් දහස් ගණනක් මෙම ක්‍රමවේදය යටතේ මුදා හැර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

වංචාවක් හෝ දුෂණයක් නොවූ බවට සහතිකයක්

තමන්ගේ අධීක්ෂණය යටතේ මෙම කමිටුව ක්‍රියාත්මක වූ බව ද ඔහු පැවසීය.

"වටිනකම අඩුවෙන් ප්‍රකාශ කරලා තියෙනවා නම් ඒවා සම්බන්ධ නැවත රේගුවට ගෙවිය යුතු බදු අපි අය කර ගැනීමට මුලින්ම කටයුතු කළා. ඒ වගේම මේ භාණ්ඩ මොන වර්ගයේ භාණ්ඩ ද කියන එක, ඒ වගේ ඒවා ආනයනය කළේ කවුද, මේ කියන දේවල් පරීක්ෂා කරලා, ඒ වගේම මේවා පරිලෝකන පද්ධතියක් හරහා ස්කෑන් කරාලා. මේ වගේ ක්‍රමවේදයක් හරහා තමයි මේවා තෝරාගෙන, රාජ්‍ය ආදායම ඒවගේම රාජ්‍ය ආරක්ෂාව සහ අනිකුත් දේවල් සඳහා සිදුවන හානිය අවම මට්ටමකින් පවත්වාගෙන තමයි මේවා නිදහස් කිරීම සිද්ධ කළේ."

විනිවිදභාවයකින් යුතුව මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වූ බවත් මේ හරහා කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුනොවූ බවට අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ අවධාරණය කළේ ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...