The Leader News
BREAKING
Top Ad
පුවත්

තොරතුරු කොමිසමේ සභාපති පුටුව මාස 3ක් හිස් !

T

The Leader Desk

June 7, 2025 • 3:37 AM

 තොරතුරු කොමිසමේ සභාපති පුටුව මාස 3ක් හිස් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මාර්තු 06 වැනිදා ඉන් ඉල්ලා අස්විය.
  • ඊට පෙර එහි සාමාජිකාවක ලෙස කටයුතු කළ හිටපු අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම ඉල්ලා අස්වූ අතර ඒ සඳහා ජනමාධ්‍ය සංවිධාන විසින් නම් කරන ලද හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඩීඑන් සමරකෝන් ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කිරීමෙන් පසු මැයි මාසයේදී ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය.
  • එහෙත් ඔහුද එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා පත්කළේ නැත.
  • ඒ සඳහා සුදුස්සෙකු තෝරාගෙන පත්කිරීම සඳහා ජනාධිපතිවරයාට යොමු කළේ දැයි විමසීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න දූරකථනයට සම්බන්ධ කර ගත්තද, ප්‍රශ්නයවත් නොඅසා ඔහු කීවේ මාධ්‍ය ලේකම්ගෙන් අවශ්‍ය දෙයක් විමසන ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මාර්තු 06 වැනිදා ඉන් ඉල්ලා අස්විය.

ඊට පෙර එහි සාමාජිකාවක ලෙස කටයුතු කළ හිටපු අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම ඉල්ලා අස්වූ අතර ඒ සඳහා ජනමාධ්‍ය සංවිධාන විසින් නම් කරන ලද හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඩීඑන් සමරකෝන් ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කිරීමෙන් පසු මැයි මාසයේදී ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය. එහෙත් ඔහුද එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා පත්කළේ නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව උපාලි අබේරත්න ගේ පුරප්පාඩුව පිරවීම සඳහා අප්‍රේල් 01 වැනිදායින් අවසන් වන ලෙස නාම යෝජනා කැඳවනු ලැබීය.

ඒ සඳහා සුදුස්සෙකු තෝරාගෙන පත්කිරීම සඳහා ජනාධිපතිවරයාට යොමු කළේ දැයි විමසීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න දූරකථනයට සම්බන්ධ කර ගත්තද, ප්‍රශ්නයවත් නොඅසා ඔහු කීවේ මාධ්‍ය ලේකම්ගෙන් අවශ්‍ය දෙයක් විමසන ලෙසය.

(සටහන | ලසන්ත රුහුණගේ)
lasaruhunu@gmail.com

උපුටා ගැනීම - අනිද්දා පුවත් අඩවියෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...