leader s

පසුගිය මාර්තු 15 වැනිදා ජාතික මට්ටමින් සිදු කරන ලද සත්ත්ව සංගණනයක් ලෙස හඳුන්වමින් සිදු කළ මානව ජනාවාස ආශ්‍රිත රිලවුන්, වඳුරන්, මොනරුන්,සහ දඬු ලේනුන් පිළිබඳ මූලික තොරතුරු විමර්ශන වාර්තාව එළි දක්වා තිබේ.


ඒ ඊයේ (12)කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

එම වාර්තාවලට අනුව මෙරට ගණනය කරන ලද සත්ව ප්‍රමාණයන් මෙසේය.

රිලවුන් – මිලියන 5.71,

වඳුරන් – මිලියන 1.74,

මොණරුන් – මිලියන 4.24,

දඬුලේන්නුන් – මිලියන 2.26


නමුත් මෙම සත්ව ගහණයන් මානව ජනාවාස කේන්ද්‍ර කර ගත් තොරතුරු මත පදනම් ව ඇති බැවින් මින් පෙනී යන්නේ අප රටේ වන ගහණයන් තුළ හිඳින මෙම සතුන් ද සැලකිල්ලට ගැනීමේ දී මෙම සංඛ්‍යාවන් අනිවාර්යෙන් තව දුරටත් ඉහළ යා යුතු බවකි.

ඒ කෙසේ හෝ මෙම ඊනියා සංගණන වාර්තාව මෙරට ජීවත් වන ඉහත සඳහන් සත්ව ගහණයන් සම්බන්ධ අතිශයෝක්තියකට වඩා විඅපරීතයක් ලෙස පෙන්වා දීමට මේ වන විටත් පරිසර වේදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයෝ ඉදිරිපත් වෙති.

 

වේරහැර KDU රෝහලේ මානුෂීය සුනඛ මෙහෙයුමක්පශු වෛද්‍ය චමිත් නානායක්කාර
ඒ අතුරින් මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහණ කළමණාකිරීම සඳහා වූ පශු වෛද්‍ය සංසදයේ ( Association of Veterinarians for Humane Management of Animal Population) නිර්මාතෘ පශු වෛද්‍ය සංසදයේ නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර පෙන්වා දෙනුයේ, විද්වත් උපදෙස් මත යැයි පවසමින් රජය විසින් සිදු කිරීමට සූදානම් වූ මෙම කාරියේ ඇති අක්‍රමවත් බව මත මින් කිසිදා සාර්ථක ප්‍රතිඵල ලද නොහැක්කක බව තම සංසදය කල් ඇතිවම රජයට පෙන්වා දී ඇති බවකි.

නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ රජය එම නොවිධිමත් කාරිය සිදු කොට ඉන් ලත් විපරීත ප්‍රතිඵලය සමාජ ගත කිරීම ඒ සම්බන්ධ විශේෂ දැනුම් අවබෝධයන් ඇත්තවුන් හමුවේ විහිළුවක් බවට පත්ව ඇති බව ද පශු වෛද්‍ය චමිත් නානායක්කාර  පෙන්වා දෙයි.

| vinivida.lk

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්