The Leader News
BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමුඅමුවේ උල්ලංඝනය කරලා - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

June 16, 2025 • 3:31 PM

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමුඅමුවේ උල්ලංඝනය කරලා - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කටයුතු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.
  • මතු පළවන්නේ විපක්ෂ නායකවරයා විසින් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය යි.
  • මෙය දුටු වත්මන් රජය මේ වන විට බලපෑම් කරමින් මෙහි සඳහන් මාර්ගෝපදේශ වෙනස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.
  • මේ මාර්ගෝපදේශවල 7 වැනි පිටුවේ රහස් ඡන්දයක් හෝ විවෘත ඡන්දයක් පැවැත්වීම ගැන මත විමසන ආකාරය සඳහන්.
අකුරු ප්‍රමාණය (Font Size):

කටයුතු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.

මතු පළවන්නේ විපක්ෂ නායකවරයා විසින් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය යි.

පළාත් පාලන කොමසාරිස්වරු මාර්ගෝපදේශ වෙනස් කරලා

''පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් විසින් ලබා නොමැති අවස්ථාවල දී සභාපති සහ උපසභාපති තෝරන මාර්ගෝපදේශ පිළිබද පැහැදිලි උපදේශන සහ නිර්ණායක රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය 2025 නිකුත් කර තිබෙනවා.

විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් රටේ ප්‍රදේශවල මේ කාර්යය නියමිත ආකාරයට ක්‍රියාත්මක වන අවස්ථාවල සමගි ජන බලවේගයට සහ විපක්ෂයට සභා ගණනාවක බලය හිමි වුණා. මෙය දුටු වත්මන් රජය මේ වන විට බලපෑම් කරමින් මෙහි සඳහන් මාර්ගෝපදේශ වෙනස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ මාර්ගෝපදේශවල 7 වැනි පිටුවේ රහස් ඡන්දයක් හෝ විවෘත ඡන්දයක් පැවැත්වීම ගැන මත විමසන ආකාරය සඳහන්. එහි දී එක් එක් සභිකයාගේ නම අඬගසා විමසන ආකාරය ගැන සඳහන්ව තිබෙනවා. එසේ තිබිය දී සමගි ජන බලවේගයත්, විපක්ෂයත් මේ මාර්ගෝපදේශ අනුගමනය කිරිම තුළ, ක්‍රියාත්මක කිරීම තුළ, සභාවල බලය ගැනීම නිසා අත්තනෝමතික ලෙස මේ මාර්ගෝපදේශ වෙනස් කරන්නට බලධාරීන් ඒ ඒ ප්‍රදේශ භාර පළාත් පාලන කොමසාරිස්වරුන් කටයුතු කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්

මේ මාර්ගෝපදේශ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කළ පළාත් පාලන කොමසාරිස්වරුන්ට ස්තූතිවන්ත වනවා...! කොළඹ නගර සභාවේ සභිකයන් 60ක් අත්සන් කර විවෘත ඡන්දයක් ඉල්ලා සිටින විට ඒ ඉල්ලීම පැහැර හරින්නේ කොහොමද කියන ඒක ගැටලු සහගතයි. ඒ මාර්ගෝපදේශ වෙනස් කර තමන්ට ඕන ඕන ආකාරයට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළ පාර්ශ්ව කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය යි. මීට දින කිහිපයකට පෙර විමසූ අවස්ථාවේ පවා මේ මාර්ගෝපදේශ සලකන බව පැවසුවා. නමුත් මේ මාර්ගෝපදේශ අමුඅමුවේ උල්ලංඝනය කර කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක කටයුතු කර තිබෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්.


ඉහළ තැනකින් බලපෑම් ආවා ද...?

මේ මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කරන්නට ඉහළ තැනකින් බලපෑම් ආවාද කියා දැන ගැනීමට අවශ්‍ය යි. අද වන විට ස්ථාන ගණනාවක දී මේ මාර්ගෝපදේශ පැහැර හැර තිබෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක්. එක් ප්‍රදේශයක විවෘත ඡන්දයත් තවත් ප්‍රදේශයක රහස් ඡන්දයත් පැවැත්වීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙනවා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව ගත යුතු සියලුම පියවර ගන්නවා.''

පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...