The Leader News
BREAKING
Top Ad
පුවත්

ආර්ථිකය ගොඩ ගන්න බැරි වී ජනපති බැංකු ලොක්කන්ට හොර නම බඳී!

T

The Leader Desk

June 16, 2020 • 4:36 PM

ආර්ථිකය ගොඩ ගන්න බැරි වී ජනපති බැංකු ලොක්කන්ට හොර නම බඳී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය ආණ්ඩු සමයේ මහ බැංකු හොරකමකට සහයෝගය ලබා දුන් බවට චෝදනා කරමින් ජනාධිපතිවරයා විසින් එල්ල කරන ලද
  • සෞඛ්‍ය අර්බුදය  ආර්ථික අර්බුදයක් වීමට ඉඩ ලබා දිය නොහැකි බව පවසන ජනාධිපතිවරයා චෝදනා  කරන්නේ ලොව සෙසු රටවල් සමග සංසන්දනය කරද්දී රටේ ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් මෙරට  මහ බැංකුව කිසිදු පියවරක් නොගෙන “නිදා සිටින” බවයි.
  • හැබැයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට හරියන්න." මහ බැංකු ප්‍රධානීන්ගේ වැරදි රජය පිට පැවරෙන බව පවසන ජනාධිපතිවරයා එහිදී චෝදනා කළේ ලක්ෂ ගණනින් වැටුප් ගන්නා ආර්ථික විශේෂඥයන් තමන් ප්‍රමුඛ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන බවයි.
  • මට මේ විදියට කතා කරන්න ඕන නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

දැඩි වාග් ප්‍රහාරයකට මහ බැංකු ප්‍රධානීන් ගොදුරු වී තිබේ.

මහ බැංකුවේ “හොරකම්” සදහා ලබාදුන් සහාය තමන් ඉල්ලන “සාධාරණ දෙයක්” වෙනුවෙන් සිදු කළ නොහැක්කේ මන්දැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ බැංකු ප්‍රධානීන් සමග ජුනි 16 අඟහරුවාදා  පැවැති සාකච්ඡාවකදී දැඩි ස්වරයෙන් විමසා සිටියේ ආර්ථිකය යපත් අතට හැරවීමට නොහැකිව තමන් අපහසුතාවයකට පත්ව සිටින බව පවසමිනි.

" මට ඕනෑ නෑ ගිය ආණ්ඩුව කරපු වැරදි කතා කරන්න. නමුත් ඔයගොල්ලෝම දන්නවානේ ඔය බැංකුවේ හොරකම් කරන කොටත් ඔයගොල්ලොමනේ හිටියේ. ඒවායේදී එයාලට සහයෝගය දුන්නා නම් ඇයි මං මේ ඉල්ලන සාධාරණ දේ කරන්න බැරි. "

රටේ ආර්ථිකය ගොඩ නැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස තමන් ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාවේ යෙදවිය නොහැකිනම් රටේ ලොකු ම  ආර්ථික විශේෂඥයන් සිටින මහ බැංකුව තමන් වෙත ලබා දී ඇති යෝජනා කවරේදැයි ජනාධිපතිවරයා කෝපාවිෂ්ඨව විමසන අයුරු ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබෙන වීඩියෝ දර්ශන වල සටහන්ව තිබේ.

කොරෝනා ආසාදනය වලක්වාගැනීම සදහා මුඛ ආවරණ භාවිත කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් රටේ ජනතාවට  ලබා දී තිබෙන උපදෙස් අනුව යමින් ජනාධිපතිවරයාද මුඛ ආවරණයක් පැළඳ සාකච්ඡාව ආරම්භ කළත්  ඔහුගේ කතාව උද්වේගකර ස්වභාවයක් ගන්නා අතරතුර ඔහු මුඛ ආවරණය ඉවත් කර පසෙක තබා බැංකු ප්‍රධානීන්ට දැඩි ස්වරයෙන් කතා කරන බවක් එහි දැක ගත හැකිය.

 මහා බැංකුව නිදි !

සෞඛ්‍ය අර්බුදය  ආර්ථික අර්බුදයක් වීමට ඉඩ ලබා දිය නොහැකි බව පවසන ජනාධිපතිවරයා චෝදනා  කරන්නේ ලොව සෙසු රටවල් සමග සංසන්දනය කරද්දී රටේ ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් මෙරට  මහ බැංකුව කිසිදු පියවරක් නොගෙන “නිදා සිටින” බවයි.

"දැන් අපි මොකක්ද පාවිච්චි කරලා තියෙන Tool එක. කිසි දෙයක් නෑ. කිසිම දෙයක් මේ වෙනුවෙන් අපේ මහබැංකුව කරලා නෑ. මහබැංකුවත් භාණ්ඩාගාරයත් තමයි Monitory & Physical Policy එක කරන්නේ. හැබැයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට හරියන්න."

මහ බැංකු ප්‍රධානීන්ගේ වැරදි රජය පිට පැවරෙන බව පවසන ජනාධිපතිවරයා එහිදී චෝදනා කළේ ලක්ෂ ගණනින් වැටුප් ගන්නා ආර්ථික විශේෂඥයන් තමන් ප්‍රමුඛ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන බවයි.

" බලන්න අනිත් රටවල් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බේරගන්න කරන වැඩ. කෝ ඒවා අපේ අය කරනවා. එක්කෝ ඔයගොල්ලෝ මාව අමාරුවේ දාන්න හදනවා. ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ඉන්න අය. මට මේ විදියට කතා කරන්න ඕන නැහැ. ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ රාජකාරිය කරනවානම්. නමුත් මාස අටක් දැන් මම පත්වෙලා. ආපු දවසේ ඉඳලා කියනවා කඩා වැටුණු ආර්ථිකය ගොඩගනිමු කියලා.   "

එහිදී ජනාධිපතිවරයා මහ බැංකු ප්‍රධානීන්ට අභියෝග කළේ රටේ ආර්ථිකය ගොඩ නැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස තමන් කරන යෝජනාව සම්මත නොකරන්නේ නම් බැංකු ප්‍රධානීන්ගේ සැලසුම් “හෙට උදෑසන වන විට” තමන් වෙත ලබා දෙන ලෙසයි.

"අපි කිව්වේ රුපියල් බිලියන 150 ක් බැංකුවලට දෙන්න. මේ බිස්නස් වල වැරැද්දක් නෙවෙයි. පසුගිය වැරදි නිසා හැම කම්පනි එකකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ මුදල මේ අයට Security එකක් හැටියට තියාගෙන බැංකුවලින් ඉඩ දෙන්න මේ අයට ලෝන් එකක් ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ආර්ථිකය දුවවන්න. මේ Money Circulation එකනේ. මේක සිම්පල් දෙයක්. මේ Basics of Economics නේ. හැබැයි ඔයගොල්ලෝ මොනවාද කරන්නේ."

ජනාධිපතිවරයාගේ චෝදනා සහ යෝජනා සම්බන්ධයෙන් බැංකු ප්‍රධානීන් දැක්වූ අදහස් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ජනමාධ්‍ය වෙත ලබා දුන් වීඩියෝ දර්ශනවල ඇතුලත් කොට නැත.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...