The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්  ● ඉන්දීය හමුදාවේ පළමු සමුහ ඝාතනයට ගොදුරු වූවන් මලින් පහනින් සැමරේ● මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි: රියාද් ගුවන් ගමන් අත්හිටුවයි●සිවුර ගැලවීම නීති විරෝධියි: ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි අනතුරු ඇඟවීමක්●මහින්ද පෞද්ගලික රෝහලකට; ශිරන්ති ජාතික රෝහලට: හේතුව මෙන්න●‘මම දැන් කිසිම රටකට අයිති නෑ’: ඩයනා උසාවියේදී හඬයි●කිලිනොච්චි දුම්රිය අනතුර: කෝටි එකහමාරක දඩය ගෙවද්දී සිරදඬුවම අත්හිටුවයි●ලේඛක ප්‍රතීපන්ගේ දෙමළ පොත් මුදාහරින්න: මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්●චාමර සම්පත් රිමාන්ඩ්: අල්ලස් නඩු 5ක කරුණු අධිකරණයට●පාර්ලිමේන්තු ලැයිස්තුව ගැන තිලාන් විජේසිංහගෙන් පැහැදිලි කිරීමක්●
Top Ad
පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් සහ මාලිමාවේ නායකයින් අතර හමුවක්

T

The Leader Desk

June 26, 2025 • 4:17 PM

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් සහ මාලිමාවේ නායකයින් අතර හමුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (26) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ජාතික ජන බලවේගයේ නායකයින් පිරිසක් හමුවූහ.
  • Elaine Chan සහ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක (Sri lanka) Ms.
  • ජාතික ජන බලවේග ආණ්ඩුව බිහි වීමත් සමග ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ජාතිවාදයෙන් තොරව පාලනය කිරීම පිළිබඳව ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයා සිය සතුට සහ විශ්වාසය ජාතික ජන බලවේගයේ නායකයින් වෙත පළ කළේ ය.
  • ආණ්ඩුවක් ලෙස, ජාතික ජන බලවේගය නැවතත් ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හෝ පීඩාකාරී මානව හිමිකම් කඩවීමේ සිදුවීම් ඇතිවීමට ඉඩකඩ නොතබන අතර එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ජාතික ජන බලවේගයේ නායකයින් අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (26) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ජාතික ජන බලවේගයේ නායකයින් පිරිසක් හමුවූහ.

මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය  බිමල් රත්නායක, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් යන අය සහභාගී වූහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජන කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්  Mr. Volker Turk මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Mr. Marc Andre Franche මහතා, ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධානී (OHCHR) Mr. Rory Mungoven, මානව හිමිකම් නිලධාරී (OHCHR) Ms. Elaine Chan සහ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක (Sri lanka) Ms. Laila Nazarili සහභාගි වූහ.

ජාතික ජන බලවේග ආණ්ඩුව බිහි වීමත් සමග ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ජාතිවාදයෙන් තොරව පාලනය කිරීම පිළිබඳව ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයා සිය සතුට සහ විශ්වාසය ජාතික ජන බලවේගයේ නායකයින් වෙත පළ කළේ ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව, අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම යන කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ විශේෂ අවධානය යොමු විය.


ආණ්ඩුවක් ලෙස, ජාතික ජන බලවේගය නැවතත් ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හෝ පීඩාකාරී මානව හිමිකම් කඩවීමේ සිදුවීම් ඇතිවීමට ඉඩකඩ නොතබන අතර එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ජාතික ජන බලවේගයේ නායකයින් අවධාරණය කළේ ය. විශේෂයෙන් ම අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමත්, ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙම හමුවේ දී  ජාතික ජන බලවේගයේ නායකයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් වෙත අවධාරණය කළේ ය.

 

cvsddfww

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...