එකී චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් අද (27) දිනයේ නිකුත්කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඒවා වැරදි ලෙස සිදු කරන බැවින්, නීති උපදෙස් අනුව වැඩිදුර පැහැදිලි කිරීම් සිදු කරනු ලබන බවයි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් !
මේ අතර බීබීසී සිංහල සේවය වාර්තා කර ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජූනි 24 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බවද මාධ්‍යවේදිනී අමන්දිකා කුරේ විසින් සම්පාදනය කර ඇති එම වාර්තාවේ සඳහන් වේ.
එවැනි පරීක්ෂණයක් සම්බන්ධයෙන් මේ වන විට විමසීමක් කර වාර්තාවක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පිළිබඳව බීබීසී සිංහල කළ විමසීමකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වාර්තාව එවූ පසු වැඩිදුර විස්තර ලබා දීමට හැකි බව ද වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.
බීබීසී පුවතට අදාල වැඩිදුරටත් විස්තර ;
හිටපු ජනපති රනිල්ගේ විදෙස් සංචාර වියදම් ගැන පරීක්ෂණ: BBC සිංහල තොරතුරු ඉල්ලීමෙන් හෙළි වූ කරුණු



