leader s

ළමයකුගේ බව පෙනීයන ඇටසැකිල්ලක් සමීපයේ වූ ඉංග්‍රීසි හෝඩිය සුදෙන් ලියූ නිල් පාට පාසල් බෑගයක්, පුංචි බෝනික්කෙක් ඇතුළු සෙල්ලම් බඩු හා ළමා පටි සපත්තුවක් ශ්‍රී ලංකාවේ මෑතදීම හමුවූ සමූහ සුසානයෙන් ඊයේ ගොඩගෙන තිබේ.
අපරාධයක් සිදු වු ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම් කර තිබෙන යාපනයේ චෙම්මනි, සිත්තුපාත්ති සමූහ සුසානයෙන් අඩුම වශයෙන් දරුවන් 10 දෙනකුගේ බවට සැකකෙරෙන ඇටසැකිලි මේතාක් හමුවූ සිරුරු 38 අතර වන බව විමර්ශකයෝ පවසති.

"බෑගයක් සමඟ දැනටමත් හඳුනාගෙන තිබූ ඇටසැකිල්ල අද දවස පුරාම කැණීම් කරලා සම්පූර්ණයෙන්ම ගොඩට අර ගත්තා," යි වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා වල අසලදී ඊයේ මාධ්‍යවේදීන්ට පැවසුවාය.


 මීට ඉහතදී මතුකරගෙන තිබු මිනිස් අස්ථි 33 ට අමතරව ජුලි 01 දා තවත් මිනිස් අස්ථි 5 ක් පමණ හදුනා ගැනුනත් ඇටසැකිලි එකිනෙකට බැදී ඇති බවක් නිරික්ෂණය වන හෙයින් එම සංඛ්‍යාව නිශ්චිත ලෙසම කිව නොහැකි බව ඇය වැඩි දුරටත් පවසා තිබේ.
 
"අද කැණීමේදී එකිනෙකට බැඳී ඇති තවත් ඇටසැකිලි පහක් පමණ හඳුනාගෙන තියනවා. නමුත්, නිශ්චිත සංඛ්‍යාව කියන්න බැහැ. සංඛයාවේ අවුල් සහගත බව පෙනවා."

තව දුරටත් මිනිස් අස්ථි පැවැතිය හැකි ස්ථාන ලෙස වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් හදුනාගෙන අධිකරණයට වාර්තා කරන ලද භුමියේ පිරිසිදු කිරීමේ කටයුතු යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ සිසුන්ගේ සහ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ සහාය ඇතිව ජුනි 01 වැනිදා සිදු කළ බව  වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.

ඇය වැඩි දුරටත් පවසා ඇත්තේ 90 දශකයේ චෙම්මනි සුසාන භුමියේ කැනීම් සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරී ක්ලිෆර්ඩ් පෙරේරා ද ජුනි 01 වැනිදා කැනීම් කටයුතු නිරීක්ෂණය සදහා  පැමිණ සිටි අතර වර්තමාන කැනීම් කටයුතු භාර නිලධාරීන් සමග ඔහු කැනීම් සම්බන්ධ පැරනි තොරතුරු සාකච්ඡා කළ බවයි.


 ක්‍රිෂාන්ති කුමාරස්වාමි පාසල් සිසුවිය 1996 සැප්තැම්බර් 07 දා  දූෂණය කර ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් සාමාජිකයන් සිව් දෙනකු සමඟ වරදකරු වී මරණ දඬුවම නියම වීමෙන් අනතුරුව සෝමරත්න රාජපක්ෂ කොළඹ මහාධිකරණයේ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් කියා තිබුනේ චෙම්මනි ප්‍රදේශයේ තුන් හාරසියයක් වලදැමු සමූහ මිනීවළවල් ඇති බවයි.
 
එම භූමියෙන් 1999 දී ගොඩගන්නා ලද සිරුරු 15කින් දෙකක් 1996 දී අතුරුදහන් වූ තරුණයන්ගේ බව හඳුනාගෙන තිබුණි. ඉතිරි 13 දෙනා සම්බන්ධ පරීක්ෂණ සිදුවී නැත.

අහම්බෙන් ඇටසැකිලි මතුවූ චෙම්මනි සිත්තුපාත්ති සුසාන භුමියේ කැනීම් වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් ආරම්භ වුයේ මැයි 15 වැනිදායි.
 
Chammani 1 2025.07.02

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil