The Leader News
BREAKING
Top Ad
පුවත්

විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණිය රිමාන්ඩ්

T

The Leader Desk

July 7, 2025 • 11:29 AM

විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණිය රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන අනිත්‍රා හේමාලි විජේරත්න නමැති 21 හැවිදිරි සරසවි සිසුවිය ජූලි 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
  • මෙම සැකකාරියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා ය.
  • කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග හමුවට අද (ජුලි 7) ඉදිරිපත් කෙරිණි.
  • ඉකුත් 4 වන දා අධිකරණ භූමිය තුළ නඩු විභාගයක් අවසන් වී පිට වී යන අල්ලස් කොමිසමේ නිලධාරිනියකට සහ නිලධාරියෙකුට මෙම සැකකාරිය විසින් "මරනවා" යනුවෙන් තර්ජනය කර ඇතැයි කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන අනිත්‍රා හේමාලි විජේරත්න නමැති 21 හැවිදිරි සරසවි සිසුවිය ජූලි 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

මෙම සැකකාරියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා ය.

කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග හමුවට අද (ජුලි 7) ඉදිරිපත් කෙරිණි.

චෝදනාව කුමක් ද?

ඉකුත් 4 වන දා අධිකරණ භූමිය තුළ නඩු විභාගයක් අවසන් වී පිට වී යන අල්ලස් කොමිසමේ නිලධාරිනියකට සහ නිලධාරියෙකුට මෙම සැකකාරිය විසින් "මරනවා" යනුවෙන් තර්ජනය කර ඇතැයි කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ය.

රාජකාරිය නිමවා යන නිලධාරීන්ට මේ ආකාරයෙන් තර්ජන එල්ල කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 347 සහ 486 යන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව සැකකාරිය මෙම තර්ජනය එල්ල කර තිබෙන බවත් ඒ තුළින් සමාජයට වැරදි පූර්වාදර්ශයක් ඇති නොවිය යුතු බවත් ස්ථානාධිපතිවරයා පැවසීය.

මෙම සිද්ධියට අදාළව සීසීටීවී දර්ශන ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමට අවශ්‍යව තිබෙන බැවින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

සිංහල භාෂාව හැසිරවීම අපහසු බව ...

ඉන් අනතුරුව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙම සැකකාරිය 21 වන වියේ පසුවන අතර ඇය ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබීමෙන් පසුව විදේශගතව අධ්‍යාපනය ලබන තැනැත්තියක බව ය.

ඇයට සිංහල භාෂාව හැසිරවීම අපහසු බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙවැනි තර්ජනය කිරීමේ සිද්ධියක් කිසිසේත් ම ඇති නොවූ බවත් එම අවස්ථාවේ දැඩි ආතතියකට ලක්ව සිටි මෙම සැකකාරිය "මම මැරෙනවා" යනුවෙන් ප්‍රකාශ කර ඇතැයි කී ජනාධිපති නීතිඥවරයා, අල්ලස් කොමිසමේ නිලධාරීන් එය වැරදි ලෙස වටහා ගෙන තිබෙන බවත් පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍යවලින් දැනගත් විගස තම සේවාදායිකාව කුරුඳුවත්ත පොලිසියට ගොස් සවිස්තර ප්‍රකාශයක් ලබා දුන් බවත් මෙවැනි සිද්ධියක් සිදු වුණේ නම් ඒ සම්බන්ධයෙන් ඇය සමාව භජනය කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

අල්ලස් කොමිසමට හෝ අධිකරණයට තර්ජනය කිරීමේ චේතනාවක් තම සේවා දායිකාව තුළ නොමැති බවත් ඒ බව සඳහන් කරමින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඊ මේල් මාර්ගයෙන් ඇය ලිපියක් යොමු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.


ලාබාල තැනැත්තියක් බැවින් ඇයට ඇප නියම කරන ලෙස ඇය වෙනුවෙන් කරුණු ඉදිරිපත්කළ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සබැඳි ලිපි :

ජ‘පුර විශේෂඥ වෛද්‍යවරිගේ දියණිය තර්ජනය කලබවට පැමිණිල්ලක් ! ; 'මගේ කතාව විකෘති කරලා' - දියණියගෙනුත් පැමිණිල්ලක් !!


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...