The Leader News
BREAKING
ඉසබෙල් අයියන්දේට ලොව ඉහළ ම මූල්‍ය වටිනාකමක් සහිත සාහිත්‍ය සම්මානයක්●විදෙස් ශ්‍රමික අයිතීන්ට ෆයිසර් මුස්තාෆාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්●හිරුණිකාගේ සිරදඬුවම් ඇපෑලට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්●කෝපි බීමෙන් බඩවැලේ සිදුවන පෙරළිය ගැන විද්‍යාත්මක හෙළිදරව්වක්●ඊශ්‍රායල පාර්ලිමේන්තුව උණුසුම් කරමින් නෙතන්යාහුට එරෙහි දැඩි ව්‍යවස්ථාපිත ප්‍රහාරයක්●නෞකාවෙන් සාගරයට වැටුණු වාදකයා පැය නවයකින් බේරෙයි●ක්වන්ටාස් තොරතුරු තාක්ෂණ රැකියා 850ක් බාහිරට දෙයි●මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි විවෘත කිරීමට ඉල්ලුම්පතක්●NDB බිලියන 13 මූල්‍ය හිඩැස: මෙරට බැංකු පද්ධතිය හමුවේ බරපතළ පරීක්ෂණයක්●යාපනයේ සමූහ මිනීවලවල්: පොලිසිය කල් මරන බවට චෝදනා●
Top Ad
පුවත්

'පාස්කු ප්‍රහාරය පිළිබඳව රජය විසින් රජය ඇතු­ළා­න්තය පිළි­බඳ විම­ර්ශ­න­යක් සිදු කර­නවා' - ජනාධිපති

T

The Leader Desk

July 8, 2025 • 10:15 AM

'පාස්කු ප්‍රහාරය පිළිබඳව රජය විසින් රජය ඇතු­ළා­න්තය පිළි­බඳ විම­ර්ශ­න­යක් සිදු කර­නවා' - ජනාධිපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් ඊයේ (07) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ සංවිධානය කරන ලද උපහාර උත්සවය අමතමිනි.
  • කාලයේ වැලිතලාවෙන් යටපත්වීමට ඉඩ නොතබා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
  • ''කාදිනල් උන් වහන්සේ අද වන විට කැකෑ­රෙන වේද­නා­වක සිටින බව අප දන්නවා.
  • ඒ පිළි­බඳ කාලයේ වැලි­තලා වෙන් යට නොවී සාධා­ර­ණ­යක් ඉටු කිරී­මට කට­යුතු කරන බව උන් වහ­න්සේට මා සහ­තික වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් ඊයේ (07) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ සංවිධානය කරන ලද උපහාර උත්සවය අමතමිනි.

කාලයේ වැලිතලාවෙන් යටපත්වීමට ඉඩ නොතබා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

 

''කාදිනල් උන් වහන්සේ අද වන විට කැකෑ­රෙන වේද­නා­වක සිටින බව අප දන්නවා. වින්දි­ත­යන්ට ඉටු විය යුතු සාධා­ර­ණය පිළි­බඳ උන් වහන්සේ නිර­න්ත­ර­යෙන් කතා කර­නවා. උන් වහන්සේ අප වෙත එම වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කිරීම සඳහා නිර­න්ත­ර­යෙන් කති­කා­වත් කර­නවා. ඒ පිළි­බඳ කාලයේ වැලි­තලා වෙන් යට නොවී සාධා­ර­ණ­යක් ඉටු කිරී­මට කට­යුතු කරන බව උන් වහ­න්සේට මා සහ­තික වෙනවා. එය අභි­යෝ­ගා­ත්මක වෙන්න පුළු­වන්. රජය රජ­යෙන් පරි­බා­හි­ර­වත්, රජය රජය පිළි­බඳ­වත් විම­ර්ශ­නය මේ සඳහා යොමු කර තිබෙ­නවා. අද රජය විසින් රජය ඇතු­ළා­න්තය පිළි­බඳ විම­ර්ශ­න­යක් සිදු කර­නවා. උන් වහන්සේ මේ පිළි­බ­ඳව දරන ප්‍රය­ත්නය පිළි­බඳ අප අග­ය­නවා.''

 

පිරිහුණු සමාජයට කාදිනල් තුමන්ගේ චරිතය පරමාදර්ශයක්

පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී  මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසීය.

සමාජයේ යහ පැවැත්ම සහ අධ්‍යාත්මය ගොඩනැඟීමට වෙහෙසකර ව්‍යායාමයක නිරත වන මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් විශාල මෙහෙයක් ඉටු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු, බයිබලය ඉතා හොඳින් විවරණය කරමින් කරුණු ඉදිරිපත් කළ හැකි ධර්ම ගවේෂකයකු, සමාජය අවදි කළ හැකි ශක්තිමත් පෞරුෂයක් හිමි කථිකයකු වන අතරම, එම භූමිකාවලින්ද ඔබ්බට ගිය සැබෑ මානව හිතවාදියකුද වන බව ජනාධිපතිවරයා පැවසීය.

මහ­නා­හි­මි­ව­රුන්, ආග­මික නාය­ක­යන්, අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස ඇතුළු ආරා­ධි­තයෝ රැසක් මේ අව­ස්ථා­වට සහ­භාගි වී සිටි­යහ.

 

m 1

m 2

vw56u67

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'පාස්කු ප්‍රහාරය පිළිබඳව රජය විසින් රජය ඇතු­ළා­න්තය පිළි­බඳ විම­ර්ශ­න­යක් සිදු කර­නවා' - ජනාධිපති | The Leader