The Leader News
BREAKING
Top Ad
පුවත්

අගමැතිනිය, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කරයි

T

The Leader Desk

July 11, 2025 • 5:21 PM

අගමැතිනිය, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි දී, ධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම මගින් මෙම නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය සහ අධීක්ෂණය වන ආකාරය සම්බන්ධව පැහැදිලි කිරීම් සිදු කරන ලදී.
  • විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙත විශේෂ අවධානය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මූලිකව පැහැදිලි කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එම ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔවුන්ගේ අදහස් සහ නව යෝජනා ඉදිරිපත් කරන ලදී.
  • එහිදී විශේෂ අවශ්‍යතා සහ ආබාධ සහිත දරුවන් වෙත මෙම අධ්‍යාපන පරිවර්තනය ඇති කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාව පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජුලි 11වන දින පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.\

 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ

මෙහි දී අගමැතිනිය, නව ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ ඉලක්ක සහ අරමුණු, ප්‍රතිසංස්කරණ සඳහා වූ මාර්ගෝපදේශන මූලධර්ම, නව ප්‍රතිසංස්කරණවලට අනුව අධ්‍යාපනයේ ප්‍රධාන කුලුනු, විෂය මාලා ප්‍රතිසංස්කරණය, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන සහ ගුරු පුහුණුව යන මූලික කාරණා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කළා ය.

මෙහි දී, ධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම මගින් මෙම නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය සහ අධීක්ෂණය වන ආකාරය සම්බන්ධව පැහැදිලි කිරීම් සිදු කරන ලදී.

එමෙන්ම 21 වන සියවසේ සහ ඉන් ඔබ්බට ඇතිවිය හැකි අභියෝගවලට මුහුණදීමට සමත් පුරවැසියකු නිර්මාණය කිරීම වෙනුවෙන් මූලික අඩිතාලම දැමීම සහ එම නව පුරවැසියා රටේ තිරසර ජාතික සංවර්ධනය සහ සාමය පිළිබඳ ක්‍රියාවලියට දායක කර ගැනීම මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි ප්‍රධාන අරමුණ යැයි සාකච්ඡා කෙරිණි.

 

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙත විශේෂ අවධානය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මූලිකව පැහැදිලි කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එම  ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔවුන්ගේ අදහස් සහ නව යෝජනා ඉදිරිපත් කරන ලදී. එහිදී  විශේෂ අවශ්‍යතා සහ ආබාධ සහිත දරුවන් වෙත මෙම අධ්‍යාපන පරිවර්තනය ඇති කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාව පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, ජාතික අධ්‍යාපන කොමිසමේ උප සභාපති තිලක් ධර්මරත්න ඇතුළුව අධ්‍යාපන අමාත්‍යශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් සම්බන්ධ වූහ.

gbgfhgfhfg
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...