The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංකාවේ අධ්‍යපනය මනින ක්‍රමය වෙනස් කළ යුතුයි - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

T

The Leader Desk

July 13, 2025 • 4:31 PM

ලංකාවේ අධ්‍යපනය මනින ක්‍රමය වෙනස් කළ යුතුයි - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බැවින් එම ක්‍රමය වෙනස් විය යුතු යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.
  • අග්‍රාමාත්‍යවරිය අද (13) මෙම අදහස් පළ කළේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් අධ්‍යාපනයේ මූලිකාංග අර්ථවත් කරමින් දරුවන්ගේ සාරධර්ම සංවර්ධනය අරමුණු කරගෙන පවත්වන පොළොන්නරු දිස්ත්‍රික් "පංකජ සිසු සමුළුව 2025" උත්සවයට සහභාගී වෙමිනි.
  • අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය මෙම අවස්ථාවට සහභාගී වූයේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහ විද්‍යාලය නියෝජනය කරන ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය අග්‍රාමාත්‍ය ප්‍රවීන් මනීෂ වත්තේගම ශිෂ්‍යයාගේ ආරාධනයකට අනුව ය.
  • සංවේදී සමාජයක් නිර්මාණය කිරීමට නම් හොඳ ආකල්ප සහිත සංවේදී දරුවන් බිහි කිරීම අවශ්‍ය බව අපේ ජනාධිපතිතුමා නිතරම කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

බැවින් එම ක්‍රමය වෙනස් විය යුතු යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය අද (13) මෙම අදහස් පළ කළේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් අධ්‍යාපනයේ මූලිකාංග අර්ථවත් කරමින් දරුවන්ගේ සාරධර්ම සංවර්ධනය අරමුණු කරගෙන පවත්වන පොළොන්නරු දිස්ත්‍රික් "පංකජ සිසු සමුළුව 2025" උත්සවයට සහභාගී වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය මෙම අවස්ථාවට සහභාගී වූයේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහ විද්‍යාලය නියෝජනය කරන ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය අග්‍රාමාත්‍ය ප්‍රවීන් මනීෂ වත්තේගම ශිෂ්‍යයාගේ ආරාධනයකට අනුව ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...

අපේ අරමුණ මානුෂීය ගුණධර්මවලින් පිරිපුන් දරුවෙක් බිහිකිරීම යි

"විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම තුළින් දක්ෂතා සහිත දරුවන්ට තම හැකියාවෙන් සහ දක්ෂතාවයෙන් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමට අපි කැපවෙනවා. සංවේදී සමාජයක් නිර්මාණය කිරීමට නම් හොඳ ආකල්ප සහිත සංවේදී දරුවන් බිහි කිරීම අවශ්‍ය බව අපේ ජනාධිපතිතුමා නිතරම කියනවා. තමන්ගේ කාර්යය සහ අවශ්‍යතාවය පමණක් ඉටු කරලා පැත්තකට වෙන දරුවන් නෙවෙයි පොදු සමාජය ගැනම හිතල වැඩ කරන දරුවන් බිහි කිරීමයි වැදගත් වෙන්නේ.

අද මේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ දක්ෂතාවය දැකල මම ඇත්තට ම ගොඩක් සතුටුු වුණා. අපේ රටේ අනාගත නායකත්වය භාරගන්න ඉතාම දක්ෂ දරු පිරිසක් ඉන්නවා කියලා මම මේ වෙලාවේ කියන්න කැමතියි. නිර්මාණශීලීත්වය වගේ ම මානුෂීය ගුණධර්මවලින් පිරිපුන් දරුවෙක් බිහිකිරීම තමයි අපේ අරමුණ. ඔබේ දක්ෂතා දැකලා මම තවත් ධෛර්යමත් වුණා. ඔබ තමයි අපිට වැඩ කරන්න ශක්තිය දෙන්නේ. අපි සියලු දෙනා ම එකතුවෙලා සංවේදී, හොඳ ආකල්ප සහිත  සමාජයක් බිහි කරන්න කැපවෙමු."

cfddfsdk| ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය අග්‍රාමාත්‍ය ප්‍රවීන් මනිෂ වත්තේගම ශිෂ්‍යයා


අධ්‍යාපන අමාත්‍යවරිය වෙත යෝජනා තුනක්

"මඩ ගොහුරක් බඳු සමාජ දේහයෙන් එහි සාරය උකහාගෙන නව ගුණගරුක පරපුරක් බිහිකිරීම වෙනුවෙන් මඩෙන් උපන් අර්ථය ඇති පංකජ එනම් නෙළුම යන නමින් මෙම සිසු සමුළුව අපි නම් කරා. ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය වන ඔබතුමියට ප්‍රධාන යෝජනා තුනක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ශිෂ්‍ය පාර්ලිමේන්තු සංකල්පය ඵලදායී ලෙස පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන්න. ශාරීරික දණ්ඩනය වෙනුවට කුසලතා මත පදනම්ව ලකුණු දීමේ සහ දඬුවම් ලෙස එම කුසලතා ලකුණු කපා හරින ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න. ඉරිදා දිනය දහම් පාසල් තුළ දරුවන්ගේ ආකල්ප වර්ධනය වන ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බලන්න කියල මම යෝජනා කිරීමට කැමතියි."

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, පාර්ලිමේන්තු  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නිවාස සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස  නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පද්මසිරි බණ්ඩාර සහ සුනිල් රත්නසිරි, විද්‍යාලයේ විදුහල්පති රවිලාල් විජේවංශ ඇතුළු පාසලේ ආචාර්ය මණ්ඩලය, පාසල් දරුවන් සහ දෙමව්පියන් රැසක් සහභාගී වූහ.  

cbxxdfsdf
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාවේ අධ්‍යපනය මනින ක්‍රමය වෙනස් කළ යුතුයි - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය | The Leader