The Leader News
BREAKING
Top Ad
පුවත්

විගණකාධිපති තනතුරට ජනාධිපතිගේ මිත්‍රයෙක් පත් කරන සූදානමක්!

T

The Leader Desk

July 14, 2025 • 4:33 PM

විගණකාධිපති තනතුරට ජනාධිපතිගේ මිත්‍රයෙක් පත් කරන සූදානමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
  • නමුත් සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනාගේ ධුර කාලය ජනවාරි මස 3 දා අවසන් වෙනවා.
  • ‍ප්‍රේමරත්න සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කරලා තියෙනවා.
  • නාවික කටයුතු පිළිබඳ ප්‍රවීණයෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):

පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කඅද පැවති මාධ්‍ය හමුවක දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...

මාලිමා ආණ්ඩුවේ ගජමිතුරු පත්වීම්

''විගණකාධිපති තනතුර අප්‍රේල් මාසයේ සිට පුරප්පාඩුයි.  ඒ තනතුරට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් සහ පලපුරුද්ද වැඩ බලන ධර්මපාල ගම්මන්පිල මහතාට තිබෙනවා.  ඒ වගේම දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ සහයෝගය තිබෙනවා.  විගණන නිලධාරින්ගේ සංගමය සුදුස්සාට සුදුසු තැන දෙන්න  ගම්මන්පිල මහතා පත් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කලා විතරක් නොවේ මාධ්‍ය හමුවක් තියලා රටටත් කිව්වා. ඒ ඉල්ලීම් පැත්තක තියලා ජනාධිපතිතුමා තමන්ගේ කැලණි සගයෙක් විගණකාධිපති තනතුරට පත් කරන්න උත්සාහ කළා.  නමුත් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජය නියෝජනය කරන කීර්තිමත් වෘත්තියවේදින් තුන්දෙනා ඉතා ම නිර්භීතව ජනපතිගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා.  ඒ නිසා තමන්ගේ මිත්‍රයා විගණකාධිපති තනතුරට පත් කර ගන්න බැරි වුණා.

නමුත් සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනාගේ ධුර කාලය ජනවාරි මස 3 දා අවසන් වෙනවා.  ඊළඟට පත් වන තුන්දෙනාගෙන් එක් අයෙකු ආණ්ඩුවේ යෝජනාවට සහය දුන්නොත් කැලණි මිත්‍රයා විගණාකධිපති තනතුරට පත් කරන්න පුළුවන්. ඒ නිසා තමයි ගම්මන්පිල මහතාට වැඩ බලන පත්වීම් දෙමින් ජනාධිපති කල් මරන්නේ. මුලින්ම සති දෙකකට දුන්නා.  ඊට පස්සේ මාසයකට දුන්නා. දැන් මාස හයකට දුන්නා. මාස හතහමාර ඉවර වෙන කොට අලුත් ව්‍යවස්ථාදායක සභාවක්. එතකොට කැළණි සගයාට පත්වීම ලබා දෙන්න ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගන්න පුළුවන්.

සුදුස්සෙක් පත් වෙනවාට ජනාධිපති බය ඇයි?

විගණකාධිපති තනතුර විධායකයෙන් ස්වාධීන වෙන්න ඕනි කියලා මුළු ලෝකය පුරා පිළිගත් සම්මතයක් තිබෙනවා.  ඒ නිසා අන්ත දූෂිතයි කියලා චෝදනා ලබපු ජනාධිපතිවරු අගමැතිවරුවත් කවදාවත් තමන්ගේ යාළුවන් විගණකාධිපති තනතුරට පත් කර ගන්න උත්සාහ කරලා නෑ.  ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ජනාධිපතිවරයෙකු තමන්ගේ මිත්‍රයෙක් විගණකාධිපති කර ගන්න මෙතරම් වෑයම් කරන්නේ. තමන්ගේ ආණ්ඩුව දූෂණයෙන් තොර නම්, හොරකම් කරන්න බලාපොරොත්තුවක් නැති නම් කවුරු විගණකාධිපති වුණාම ආණ්ඩුවට මොකද?  ඇයි සුදුස්සෙක් පත් වෙනවාට ජනාධිපති මෙතරම් බය වෙන්නේ?  

මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාවට සිදුවුණු අත්වැරදීමක් නිසා කියලාත් නැවත කවදාවත් මේ වගේ වරදක් ජනතාව කරන්නේ නෑ කියලාත් ආණ්ඩුව දන්නවා.  ඒ නිසා අද රෑට අරක්කු තහනම් කරනවා කිව්වාම මෙලෝ සිහියක් නැතිව බේබද්දෝ බොනවා වගේ ආණ්ඩුව ඉතිරි වසර කිහිපයේ සොරකම් කරලා මේ රාජ්‍යයේ සාරය උරා බොන්නයි සූදානම.  එහෙම නැතිනම් තමන්ගේ හිතවතෙක් විගණකාධිපති කරන්න මෙතරම් වෙර දරන්නේ ඇයි? කියලා ආණ්ඩුවට රටට පැහැදිලි කරන්න වෙනවා.

ව්‍යවස්ථාදායක සභාව වග කියන්නේ පාර්ලිමේන්තුවට.  ව්‍යවස්ථාදායක සභාවේ තීරණ ගැන කතානානයකතුමාගෙන් පාර්ලිමේන්තුවට ප්‍රශ්න කරන්න පුළුවන්.  නමුත් ජනවාරි මාසය වන තුරු කල් මැරීමේ ජනපතිගේ කුමන්ත්‍රණය ගැන පාර්ලිමේන්තුවේ මේ දක්වා කවුරුත්ම ප්‍රශ්න නොකිරීම ඉතාම කනගාටුදායක තත්වයක්.

සුරා බදු කොමසාරිස් ධුරයත් තඹුත්තේගමට

මේ වන විට නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එන්. ඩී. එන්. ‍ඒ. ‍ප්‍රේමරත්න සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කරලා තියෙනවා. නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් කිව්වාම අපිට හිතා ගන්න පුළුවන්. නාවික කටයුතු පිළිබඳ ප්‍රවීණයෙක්. ඒ නිසා වරාය අධිකාරියේ සභාපති වුනා නම්, සමුද්‍ර දුෂණ වැළැක්විමේ අධිකාරියේ සභාපති වුනානම් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. නැව් සංස්ථාවේ සභාපති වුනානම් අපිට තේරුම් ගන්න පුළුවන්.

නාවික හමුදාවේ කොමදෝරු මහත්තයෙක් සුරා බදු ගැන මොනවා ද දන්නේ..., එතුමා සුරාව පිළිබඳ විශේෂඥවරයෙක් ද කියලා නම් අපි දන්නේ නෑ. හැබැයි බදු පිළිබඳ කිසිම අවබෝධයක් නෑ. එහෙම කෙනෙක් මෙහෙම පත් කරන්නේ ඇයි? මේ තනතුර ගැන එක පැත්තකින් කියනවා ප්‍රේමරත්න මහතා තඹුත්තේගම උපන් කෙනෙක් කියලා. ගමට ඇදලා තියෙන්නේ.

මට මතකයි අනුර දිසානායක විපක්ෂයේ මන්ත්‍රීතුමා. මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොටට අදිනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොළොන්නරුවට අදිනවා. ජනාධිපතිවරයා පත් වන්නේ සමස්ථ ජාතියේ ම ඡන්දයෙන් නම් ඔහුට එක දිස්ත්‍රික්කයක් එක ගමක් වැදගත් වෙන්න බෑ ඔහු සමස්ථ රටට ම එක සේ සලකන්න ඕන කියලා. ඒ කලේ පාර්ලිමේන්තුවේ මයික් පුපුරන්න කතා කරපු ලස්සන දැන් ඉතින් ජීවිතය ගොඩ යන්න නම් තඹුත්තේගම තනි සිග්නල් කණුව වටේ ඉපදිලා තියෙන්න ඕන වගේ තත්ත්ව‍යක් තමයි රටේ ඇති වෙලා තියෙන්නේ.

රට කඩා වැටෙන්නත් පුළුවන්

1912 සුරාබදු දෙපාර්තමේන්තුව පටන් ගත් දවසේ සිට පසුගිය වසර 113ටම කිසිම රාජ්‍ය නායකයෙක් සුරාබදු දෙපාර්තමේන්තුවේ මුල් පුටුව දේශපාලනිකරණය කරන්න උත්සහ කරලා නෑ. ඇයි? ලංකා ආණ්ඩුවේ ආදායම් ත්‍රිත්වයෙන් එකක් සුරාබදු දෙපාර්තමේන්තුව කියන්නේ. අපේ රටේ ආදායම් ගේන්නේ දෙපාර්තමේන්තු තුනක්. දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙ‍පාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව. මේවා දේශපාලනිකරණය කරලා තමන්ගේ මිත්‍රයන්ට සලකන්න ගියෝත් මේ රටේ ආදායමත් කඩා වැටිලා. ආණ්ඩුවත් වැටිලා. රටත් කඩා වැටෙනවා කියන එක මීට කලින් හිටිය අත්දැකිම් තියෙන දේශපාලකයෝ දැනන් හිටිය නිසා තමයි මේ තනතුරට කවදාවත් අත තියන්න කටයුතු නොකළේ.

එක පැත්තකින් තඹුත්තේගම ගමට ඇද්දා කියලා කතාව යනවා. අනිත් පැත්තෙන් මෙතුමාගේ බිරිඳ තමයි මාලිමාවේ ජාතික ලැයිස්තු අපේක්ෂිකාවක් වෙලා හිටිය කැලණිය විශ්වවිද්‍යාලයේ වසන්තා සුබසිංහ මැතිණිය. එක පැත්තකින් කැලණියට අදිනවා කියන චෝදනාවත් ඔප්පු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගමට අදිනවා කියන චෝදනාවත් ‍ඔප්පු කරලා තියෙනවා. රටේ ප්‍රධාන තනතුරු මෙහෙම පක්ෂාග්‍රාහිව ලබා දුන්නොත් ඥාති සංග්‍රහයට මිත්‍ර සංග්‍රහයට ගමේකමට දෙන්න ගියොත් රට හදන්නේ කෙහොමද? මේකද?  ඔබතුන්ලා රටට ‍පොරොන්දු වුන පුනරුදය කියලා අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා.

පවුල්වාදයේ නිරුවත

මෙතුමා හමුදා සාමුහිකයෙත් ඉඳලා තියෙනවා කියලා තමයි ආරංචිය එක පැත්තකින් තබුත්තේගම කෙනෙක් එක පැත්තකින් හමුදා සමුහිකයේ කෙනෙක් අනිත් පැත්තේන් මාලිමාවේ අපේක්ෂිකාවක‍ගේ සැමියෙක්. වසන්තා සුබසිංහ මැතිණියට මේ වන විටත් වික්‍රමාආරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ උප කුලපති තනතුර ලබා දිලා තියෙන්නේ. මහත්තයාට මේ පැත්තෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර ලබා දිලා ඒ කියන්නේ. අර පවුල්වාදය නැති කරනවා කිව්වා පවුල්වාදයම තවදුරටත් තහවුරු කරමින් ඉන්නවා  කියන්න මේක උදාහරණයක්.

ඒ නිසා මාලිමා‍වට ඡන්දේ දුන්නු අය වරින් වර ඇදුම් ගලවගෙන දැන් යට ඇඳුම් පිටින් ඉන්නේ. ඒ නිසා අනුකම්පා කරලා. ඒඅය නිරුවත් භාවට පත් කරන්න එපා කියලා. අපි ජනාධිපතිතුමාගේන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.''

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...