අත්‍යවශ්‍ය බව මෙල්බර්න්හි සිවිල් සමාජ සංවිධානයක් අවධාරණය කර සිටියි.
මෙල්බර්න්හි සිවිල් සමාජ සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු සහයෝගීතාව (Australian Advocacy for Good Governance in Sri Lanka Inc), ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිසමට (RTI කොමිසම) සභාපති කෙනෙකු පත් කිරීමේ පවතින ප්‍රමාදය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත්කර ඇත.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
කොමිසමේ ස්වාධීනත්වය අවදානමට ලක් නොකරන්න
කොමිසමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මහජන විශ්වාසය අඩපණ කර ලමින්, 2025 මාර්තු මාසයේ සිට සභාපති ධුරය පුරප්පාඩු ව පැවතී ඇත. පුරවැසියන් බල ගන්වන සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කරන තීරණාත්මක ව්‍යවස්ථාදායක මෙවලමක් වන RTI පනත, පස් දෙනෙකුගෙන් යුත් කොමිසමක් අනිවාර්ය කරයි.
දැනට සාමාජිකයින් හතර දෙනෙකු පමණක් සේවය කරන අතර, කොමිසමේ පූර්ණ සාමාජිකත්වය සම්පූර්ණ කිරීම සඳහා කාල රාමුවක් සපයා නැත. සභාපතිවරයෙකු නොමැති වීම කොමිසමට එහි වරම ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන්නට ඇති හැකියාවට බරපතළ ලෙස බාධා කරයි.
මෙම තීරණාත්මක භූමිකාව සඳහා කරන ඕනෑම නම් කළ තැනැත්තෙකු තෝරා ගත යුතුව ඇත්තේ සනාථ කර තිබෙන රජයේ සේවය, අඛණ්ඩතාව සහ විනිවිදභාවය සහ වග වීමේ ප්‍රතිපත්ති කෙරෙහි කැපවීම මත පදනම්ව බව අප සංවිධානය අවධාරණය කර සිටියි.
දේශපාලන පක්ෂපාතිත්වය හෝ පෞද්ගලික සම්බන්ධකම් මත පදනම් ව පත්වීම් කිරීම මගින් කොමිසමේ ස්වාධීනත්වය අවදානමට ලක් කරන අතර RTI ක්‍රියාවලිය සහ පුළුල් පාලන පද්ධතිය යන දෙකම කෙරෙහි මහජන විශ්වාසය බිඳ දමයි.
විශ්වාසනීය ලෙස සහ ස්වාධීනව කටයුතු කරන සභාපතිවරයෙකු අත්‍යවශ්‍ය යි
RTI කොමිසමේ විශ්වසනීය බව එහි නායකත්වය මත රඳා පවතී. මෙම තනතුර දේශපාලන අනුග්‍රහයකට ලඝු නොකළ යුතුය. එය පුරවැසියන්ගේ දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය මූලික ම වන පත්වීමකි.
RTI පනත ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සමග සම්බන්ධ අත්‍යාවශ්‍ය ආරක්ෂාවක් වේ. එය පුරවැසියන්ට රාජ්‍ය ආයතන සතුව තිබෙන තොරතුරු වෙත ප්‍රවේශ වන්නට හැකියාව ලබා දෙයි; විනිවිදභාවය ප්‍රවර්ධනය කරයි; දූෂණය වළක්වා ලයි; රාජ්‍ය සේවා සැපයුම ඉහළ නංවා ලයි.
උසස් සදාචාරාත්මක ස්ථාවරයක් දරන සභාපති කෙනෙකු ගේ නායකත්වයෙන් යුත් අපක්ෂපාතී සහ ඵලදායී කොමිසමක් නොමැතිව විශේෂ වෙනස්කම් ඇති කිරීමට පනතේ තිබෙන විභවය සාක්ෂාත් කරගත නොහැකි ය.
මෙම පත් කිරීමට ප්‍රමුඛතාවය දී එය විනිවිදභාවයෙන් යුතුව සහ කුසලතාව මත පදනම්ව සිදු කරන බව සහතික කරන ලෙස ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටින අනෙකුත් සිවිල් සමාජ කණ්ඩායම් සහ මාධ්‍ය සංවිධාන සමග අප සංවිධානය එක් වෙයි. පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තහවුරු කිරීම සඳහා විශ්වාසනීය, ස්වාධීනව කටයුතු කරන සභාපතිවරයෙකු අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා ඕස්ට්‍රේලියානු සහයෝගිතාවේ විධායක කමිටුව වෙනුවෙන් අත්සන් කළේ:
ආචාර්ය ලයනල් බෝපගේ
ඊමේල්: lionel.bopage@gmail.com
Australian Advocacy for Good Governance in Sri Lanka Inc.
ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව
இலங்கையில் நல்லாட்சிக்கான அவுஸ்திரேலிய அனுசரணை இணை
Reg. No. A0062162S



