leader s

නිර්මාල්ගෙ ඉතිහාස විෂය ඉවත් කිරීම ගැන යූටියුබ් වීඩියෝව ඓතිහාසික එකක්. ඒක තමයි ලංකාවෙ නූතනවාදී අධ්‍යාපනයේ අවසානය ගැන හැඩූ කඳුළ

වෙන්නෙ.

ඉස්කෝල කියන පද්ධතිය අවසානයි. පාසැල් විෂය පද්ධතියෙන් කළ හැකි කිසිවක් නෑ. ඇත්තටම විෂය නිර්දේශයෙන් ඉවත් වෙන විෂයන් වඩා මිනිස්සුන්ට සමීප වෙනවා. පාසැලට වඩා අධ්‍යාපනයක් යූටියුබ් එකෙන්, ඒඅයි වලින් ලබනවා. ගුරුවරයා සහ පාසැල කියන යුගයේ අවසානය ගැන රොමාන්තික දුකක් කෙනෙකුට තියෙන්න පුළුවන්. ඒත් කාලය එහෙමයි.

නිර්මාල් වීඩියෝව අවසානයේ අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් ටියුෂන් වසා දැමීමටත් යෝජනා කරනවා. මිනිස්සු පුද්ගලිකව පවත්වාගෙන යන ව්‍යාපාර, මිනිස්සු පුද්ගල කැමැත්තෙන්, මුදල් ගෙවා ලබා ගන්නා දැනුම රජය මැදිහත් වීමෙන් තහනම් කළ යුතුයි කියලයි ඒ කියන්නෙ. මොකක්ද රජයකට එහෙම කරන්න තියෙන අයිතිය?  බංකොලොත් අධිපති දැනුම් කතිකාවක් වෙනුවෙන් පුද්ගල දැනුම් ව්‍යාපාර තහනම් කිරීමේ ආර්තික ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියල මට නං තේරුම් ගන්න බෑ.

නිර්මාල්ගෙ වේදනාව මට තේරෙනවා. අපේ වයසත් එක්ක සමහර දේවල් වේදනාවෙන් දරාගන්න සිද්ද වෙනවා. මාලිමාව ආවා කියල නෑ ලෝකය වෙනස් වෙනවා.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්