The Leader News
BREAKING
Top Ad
පුවත්

'අවතරණය' ; එරන්ද ගිනිගේ ලියූ ඓතිහාසික නවකථාව අගෝ.5 වැනි දා එළිදකී

T

The Leader Desk

July 19, 2025 • 1:25 PM

'අවතරණය' ; එරන්ද ගිනිගේ ලියූ ඓතිහාසික නවකථාව අගෝ.5 වැනි දා එළිදකී  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගෝස්තු 5 වැනි දා එළි දැක්වේ.
  • නව ලෝක දර්ශනයක් දේශනා කරමින් වීථි සරන විමුක්තිය ලද්දෙක්.
  • සියවස් ගණනාවක් පුරා වරදවා වටහා ගත් ඛේදනීය පුරාවෘත්තයක මානුෂීය පරිකල්පනය… අවතරණය එරන්ද ගිනිගේ විසින් රචිත “අවතරණය” නමැති ඓතිහාසික ප්‍රබන්ධය සරසවි ප්‍රකාශනයකි.
  • උපුටා ගැනීම : ගිනිහුළ 2025 ජූලි 19.
අකුරු ප්‍රමාණය (Font Size):

අගෝස්තු 5 වැනි දා එළි දැක්වේ.

 
විස්තර සහ ආරාධනා පත් සඳහා https://avatharanaya.com නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

බිහිසුණු අනාවැකියක් අත දරා උපන් දරුවෙක්. අශුද්ධ සරණ මංගල්‍යයකින් හට ගන්නා නොසිඳෙන වෛරයක්. සාරධාර්මික රාජ්‍යයක් වෙනුවෙන් කැප වූ මිනිසෙක්. නව ලෝක දර්ශනයක් දේශනා කරමින් වීථි සරන විමුක්තිය ලද්දෙක්.

ජීවිතයේ කටුක යථාර්ථයටත් ආදරයේ අහිමි වීමටත් රාජ්‍ය බලයේ සාහසික කුමන්ත්‍රණයටත් මුහුණ දෙන සිංහාසනයේ සැබෑ හිමිකරු හිමාලයේ සීතල සෙවණැල්ල යට සටන් වදින බොහෝ සංග්‍රාම අවසානයේ ගත යුතු අභියෝගාත්මක තීරණය ගනීවි ද?

සියවස් ගණනාවක් පුරා වරදවා වටහා ගත් ඛේදනීය පුරාවෘත්තයක මානුෂීය පරිකල්පනය… අවතරණය

එරන්ද ගිනිගේ විසින් රචිත “අවතරණය” නමැති ඓතිහාසික ප්‍රබන්ධය සරසවි ප්‍රකාශනයකි.

ඉපැරණි මගධ රාජධානියත්, කෝසල රාජධානියත්, ශාක්‍ය ජනරජයත් පාලනය කළ රාජ කුල අතර සිද්ධ වෙන සාහසික බල අරගල මැදින් කඩා හැලෙන මිනිසෙකුගේ අනුවේදනීය ජීවිත කථාව මෙම කෘතියෙන් කියවේ. එම පොදු මානව දෛවය පිළිබඳ දාර්ශනික විමසීමක් ද යටි පෙළින් දිව යයි.

සිය සුවිශේෂී සමාජ සහ දේශපාලනික අත්දැකීම් තුළින් ලද ගැඹුරු අවබෝධයත්, සිංහල ඉතිහාස ගවේෂණයෙන් ලද දැනුමත්, නිර්මාණශීලී පරිකල්පනයත්, සිංහල භාෂාව කෙරෙහි කුඩා කල දැක්වූ හැකියාව කාලයක් තිස්සේ ප්‍රගුණ කිරීමත් පාදක කොට ගනිමින් එරන්ද ගිනිගේ විසින් රචිත සිය කුළුඳුල් සිංහල නවකථාව වන “අවතරණය” සෑම සිංහල සාහිත්‍ය රසිකයෙකු විසින් ම අනිවාර්යෙන් කියවා රසවිඳිය යුතු වටිනා නිර්මාණයකි.

උපුටා ගැනීම : ගිනිහුළ
2025 ජූලි 19
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අවතරණය' ; එරන්ද ගිනිගේ ලියූ ඓතිහාසික නවකථාව අගෝ.5 වැනි දා එළිදකී | The Leader