The Leader News
BREAKING
Top Ad
පුවත්

‘පාස්කු ප්‍රහාර’යේ විමර්ශන කළ නිලධාරීන් පත්කරන්න ඉල්ලීමක් කළා - ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා

T

The Leader Desk

July 21, 2025 • 4:48 AM

‘පාස්කු ප්‍රහාර’යේ විමර්ශන කළ නිලධාරීන් පත්කරන්න ඉල්ලීමක් කළා - ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා එසේ පැවසූහ.
  • ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන නිසියාකාරව කිරීම සඳහා එම ප්‍රහාර පිළිබඳව දැනුම තිබූ පරණ හිටපු නිලධාරීන් නැවත තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලිමක් කළ බවත් කාදිනල්වහන්සේ නිලධාරීන් නම් කර කිසිම රජයකට ඉල්ලිමක් හෝ බලපෑමක් නොකළ බවත් උන්වහන්සේ සඳහන් කළහ.
  • රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන ධූරයෙන් පහකිරීම පමණක් ප්‍රමාණයත් නොවන අතර ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඔහුට විරුද්ධව නඩු පැවරිය යුතු බවත් ඔහුට විරුද්ධව නඩු පවරන ලෙස ජනාධිපතුමාගෙන්, පොලිස්පතිතුමාගෙන් සහ සී.අයි.ඩී.
  • භාර ප්‍රධානියාගෙන් ඉල්ලා සිටින බවත් පියතුමා පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා එසේ පැවසූහ.

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන නිසියාකාරව කිරීම සඳහා එම ප්‍රහාර පිළිබඳව දැනුම තිබූ පරණ හිටපු නිලධාරීන් නැවත තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලිමක් කළ බවත් කාදිනල්වහන්සේ නිලධාරීන් නම් කර කිසිම රජයකට ඉල්ලිමක් හෝ බලපෑමක් නොකළ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ගෝඨාභය ජනාධිපති පත්වීමෙන් පසුව පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ රාජ්‍ය නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් රාශියක් මාරු කළ බවත් ඒ අනුව අලුතින් පත්වූ නිලධාරීන් සතුව විමර්ශන කිරීමට තොරතුරු නොමැතිවීම නිසා විමර්ශනයට අසාධාරයක් වීම නිසා එම ඉල්ලීම කළ බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කීහ.

 

රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන ධූරයෙන් පහකිරීම පමණක් ප්‍රමාණයත් නොවන අතර ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඔහුට විරුද්ධව නඩු පැවරිය යුතු බවත් ඔහුට විරුද්ධව නඩු පවරන ලෙස ජනාධිපතුමාගෙන්, පොලිස්පතිතුමාගෙන් සහ සී.අයි.ඩී. භාර ප්‍රධානියාගෙන් ඉල්ලා සිටින බවත් පියතුමා පැවසූහ.

 

නිලන්ත ජයවර්ධන ‘පාස්කු’ බෝම්බ ප්‍රහාර සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් බවත් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්‍ෂක අමාතයවරයෙක් හෝ පත්නොකර සිංප්පූරුව බලා යද්දී බෝම්බ ප්‍රහාර පිළිබඳව තොරතුරු ජනාධිපතිවරයා දැනුවත් නොකිරීම විශාල වගකීමක් පැහැරහැරීමක් බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසූහ.

එම වැරදට නිලන්ත ජයවර්ධන ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සහ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වසර හයක් තිස්සේ රජයන් තුනකින් ඉල්ලීම් කළ ද එම රජයන් තුනම එය පැහැරහැරි බව කී ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ එම ඉල්ලීම පැහැරීමට අමතරව එවැනි ආකාරයේ චෝනාවක් තිබෙන නිලන්ත ජයවර්ධන වසර හයක් තිස්සේ එම තනතුරේ තියාගෙන සිටි බවත්ය.

(lankadeepa.lk | යොහාන් භාසුර)



whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘පාස්කු ප්‍රහාර’යේ විමර්ශන කළ නිලධාරීන් පත්කරන්න ඉල්ලීමක් කළා - ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා | The Leader