The Leader News
BREAKING
Top Ad
පුවත්

සූරසේන කමිටුවෙන් දේශබන්දු වරදකරු කරයි

T

The Leader Desk

July 22, 2025 • 6:20 AM

 සූරසේන කමිටුවෙන් දේශබන්දු වරදකරු කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කථානායකවරයා ප්‍රකාශ කළේ, අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර, එමඟින් දේශබන්දු තෙන්නකෝන් ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බවය.
  • දේශබන්දු තෙන්නකෝන් සිදුකර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබීය.
  • එම කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන කටයුතු කළේය.
  • එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක කටයුතු කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):


කථානායකවරයා ප්‍රකාශ කළේ, අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර, එමඟින් දේශබන්දු තෙන්නකෝන් ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බවය.



මේ අතර, අදාළ වාර්තාව මුද්‍රණය කිරීමටත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වීමටත් තීරණය විය.

දේශබන්දු තෙන්නකෝන් සිදුකර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබීය.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන කටයුතු කළේය. එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක කටයුතු කළහ.

 

මෙරට ප්‍රධාන පෙළේ නම ගිය නඩු කටයුතු රැසක විනිසුරුවරයා ලෙස කටයුතු කළ පද්මන් සූරසේන, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ය.

 

මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ගනු ලැබීය.

එමෙන්ම ජුලි මස 16 වැනිදා සිට එම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වී සාක්ෂි සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව පරීක්ෂණ කමිටුවේ සාක්ෂි සටහන් කර ගැනීම පසුගියදා සම්පූර්ණයෙන්ම අවසන් කරනු ලැබීය.

නව අග විනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නිර්දේශ කරයි

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත.

ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(23) බදාදා රැස්වීමට නියමිතය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ලබන 27 වැනිදා විශ්‍රාම ලබන්නීය. ඇය ලබන 25 සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය සමුගැනීමේ කතාව කිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු වන ප්‍රීති පද්මන් සූරසේන, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කලක් කටයුතු කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සූරසේන කමිටුවෙන් දේශබන්දු වරදකරු කරයි | The Leader