The Leader News
BREAKING
Top Ad
පුවත්

නදුන් චින්තක (හරක් කටා) තවදුරටත් ත්‍රස්ත පනත යටතේ රඳවා තබා ගැනීමට අලුත් නඩුවක් !

T

The Leader Desk

August 2, 2025 • 3:44 PM

නදුන් චින්තක (හරක් කටා) තවදුරටත් ත්‍රස්ත පනත යටතේ රඳවා තබා ගැනීමට අලුත් නඩුවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ( HC 4834/24 ) තවදුරටත් පවත්වාගෙන යා නොහැකි නීතිමය තත්ත්වයක් මතුව ඇති හෙයින්, එම නඩුව අගෝස්තු 05 දින අවසන් කිරීමට නියමිත බවත් එම තත්ත්වය යටතේ ඒ වෙනුවට HC 5447/25 යටතේ 2025/08/04 දින අලුත් නඩුවක් පැවරීමට ත්‍රස්ත විමර්ශන (TID )ය සූදානම් වන බවත් නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසයි.
  • නදුන් චින්තක (හරක් කටා) මේ වනවිට වසර 1ක් DO (sec 9(1)) යටතේද, වසර1යි මාස 5ක් HC 4834/24 නඩුවට අදාලව Sec.
  • a(1) යටතේ "නඩු විභාගය අවසන් වනතුරු රැඳවුම් බාරයට පත්කිරීමේ" ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඇති බලතල අනුව, 2024/03/11 දින කමල් ගුණරත්න විසින් අත්සන් කරන ලද පහත නියෝගයට අනුව මේ වනතෙක් තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටී.
  • ඉන් වසර 1යි මාස 5ක්ම ඔහුව තනිවම තංගල්ල පැරණි බන්ධනාගාරයේ (ඔහු වෙනුවෙන් පමණක් මසකට රුපියල් කෝටියකට අධික වියදමක් දරමින් නිලධාරීන් 87 දෙනකු සේවයේ යොදවමින්) රඳවා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

( HC 4834/24 ) තවදුරටත් පවත්වාගෙන යා නොහැකි නීතිමය තත්ත්වයක් මතුව ඇති හෙයින්, එම නඩුව අගෝස්තු 05 දින අවසන් කිරීමට නියමිත බවත් එම තත්ත්වය යටතේ ඒ වෙනුවට HC 5447/25 යටතේ 2025/08/04 දින අලුත් නඩුවක් පැවරීමට ත්‍රස්ත විමර්ශන (TID )ය සූදානම් වන බවත් නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසයි.


නදුන් චින්තක (හරක් කටා) මේ වනවිට වසර 1ක් DO (sec 9(1)) යටතේද, වසර1යි මාස 5ක් HC 4834/24 නඩුවට අදාලව Sec. 15 a(1) යටතේ "නඩු විභාගය අවසන් වනතුරු රැඳවුම් බාරයට පත්කිරීමේ" ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඇති බලතල අනුව,  2024/03/11 දින කමල් ගුණරත්න විසින් අත්සන් කරන ලද පහත නියෝගයට අනුව මේ වනතෙක් තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටී.

 

හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වන කමල් ගුණරත්න කලා සේම නව රජයේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ද  ලබන සඳුදා (08/04) ඉහත කී 5447/25 නව නඩුව ට අදාළව ද "නඩු විභාගය අවසන් වනතුරු රැදවුම් බාරයට පත්කිරීමේ 15a(1) නියෝගයට" අත්සන් තබන්නේදැයි සැකයක් මතුව ඇතැයි ද නඳුන් චින්තක ගේ නීතිඥයා වන නීතිඥ උදුල් ප්‍රේමරත්න විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.


නීතිඥ උදුල් ප්‍රේමරත්න සඳහන් කර ඇති පරිදි මෙම තීරණයට අදාළව පැනනගින කරුනු:

1- ඉහත කී රැඳවුම් නියෝග දෙක යටතේ මේ වනවිට TID ය යටතේ රඳවා සිටින මුලු කාලය වසර 2 යි මාස 5ක් වේ. ඉන් වසර 1යි මාස 5ක්ම ඔහුව තනිවම තංගල්ල පැරණි බන්ධනාගාරයේ  (ඔහු වෙනුවෙන් පමණක් මසකට රුපියල් කෝටියකට අධික වියදමක් දරමින් නිලධාරීන් 87 දෙනකු සේවයේ යොදවමින්) රඳවා සිටී.

2- PTA යටතේ මහාධිකරණයේ නඩුව විභාගයට ගැනීමට 15a(1) රැඳවුම් නියෝගය කිසි සේත්ම අවශ්‍ය නොවේ.

3-  නඳුන් චින්තකගේ ජීවිතය බේරාදීම සඳහා අල්ලස් ලෙස කෝටි ගණනක් එවකට ආණ්ඩුවේ පුද්ගලයන් ගත් බවට චෝදනා එල්ලවේ. එලෙස මුදල් ගෙන පසුව ඔහු මරාදැමීමට මේවා සිදු කරන බව කියැවේ.

 

කරුණු එසේ තිබියදී PTA අහෝසි කලයුතු බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව මෙම වියදම් අධික, මානව හිමිකම් උල්ලංඝනය වන කිසිදු අවශ්‍යතාවයක් නැති මෙම 15a(1) නියෝගය ද ඉදිරියට ගෙන යයි ද? නව රජයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ද  නව නඩුවට නඩු විහාගය අවසන් වනතුරු රැඳවුම් නියෝගයට ලබන සඳුදා අත්සන් තබයි ද?


මෙම කාරණයට අදාලව නීතිඥ උදුල් ප්‍රේමරත්න විසින් නිකුත්කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.

නදුන් චින්තක වික්‍රමරත්න තවදුරටත් නව ආණ්ඩුව යටතේ ද ? නඩු විභාගය අවසන් වන තුරු රඳවා තබා ගැනීමට නියෝග කිරීම හෝ නොකිරීම ආණ්ඩුව බලයට පැමිණීමට පෙර හා පසු ප්‍රතිපත්ති පිළිබඳ ලිට්මස් පරීක්ෂාවකි

නදුන් චින්තක 2023 මාර්තු 01 වන දා මැඩගස්කර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනීමෙන් පසු 2024 මාර්තු 11 වනදා දක්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9(1) වගන්තිය යටතේ 'රැඳවුම් නියෝග' අවස්ථා 3කදී දීර්ඝ කරමින් වසරකට ආසන්න කාලයක් රඳවා තබා ගන්නා ලදී.

2024 මාර්තු 11 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 අ(1) වගන්තිය අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා විසින් කොළඹ මහාධිකරණයේ අංක 4834/24 දරණ නඩුව (කිරිටොපි නඩුව)ට අදාලව 'නඩු විභාගය අවසන් වන තෙක්' ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ රැඳවුරුම් මධ්‍යස්ථානයක් වන තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා තබා ගත යුතු බවට නියම කරන ලදී.

 ඒ අනුව මේ වන තෙක් එනම් අවුරුදු 01යි මාස 05ක් ඔහු එකී 'නඩු විභාගය අවසන් වන තෙක්' රඳවා තබා ගැනීම යටතේ රඳවාගෙන සිටී.

එම චූදිතයින් 3ක් පමණක් සිටින අංක 4834/24 දරණ නඩුව 2025¡08¡05 දින තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බැවින් ඉවත් කරගෙන ඒ වෙනුවට, ඊට හරියටම දිනකට කළින් එනම් 2025.08.04 වන දින (මීළඟ සඳුදා) චූදිතයින් 5 දෙනෙකුගෙන් යුතු අංක 5447/25 දරණ නඩුවක් කොළඹ මහාධිකරණ අංක 1හි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේම අලූතින් පැවරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සූදානම් වේ.

- ඒ අනුව මේ වන විට නදුන් චින්තක,

*  වසර 1ක් මාස තුනෙන් තුනට රැඳවුම් නියෝග මත ද,

* වසර 1යි මාස 5ක් 4834/24 නඩුවට 'නඩුව අවසන් වනතෙක් රැඳවුම් භාරයට පත් කිරීම' මගින් ද ලෙස වසර 2යි මාස 5ක් තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ

තනිව˜රඳවා සිටි. එහි දී ඔහු වෙනුවෙන් පමණක් නිලධාරින් 87 දෙනෙකු සේවයේ යොදවා ඇති අතර මසකට රුපියල් කෝටියකට අධික රජයේ මුදලක් ඔහු වෙනුවෙන් වැය කරමින් සිටි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි මෙම ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාද මෙතෙක් ඉතිහාසයේ කිසි දිනෙක කිසිදු LTTE සාමාජිකයකු හට භාවිතා නොකරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 අ(1) වගන්තිය භාවිතා කරමින් තව දුරටත් 'නඩු විභාගය අවසාන අනතුරු රඳවා තබා ගැනීම' යන නියෝගය ඉහත කී අලූත් 5447/25 දරණ නඩුවටත් භාවිතා කිරීම සිදු කරන්නේද නැද්ද යන්න මේ වන විට ගැටලූවක් බවට පත්ව ඇත.

නව ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා වන එයාර් වයිස් මාෂල් තුයියකොන්තා මහතා ද පෙර ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න අනුව යමින්, කිසිදු ආකාරයකට මහාධිකරණයේ පවතින නඩුවට නීතිමය වශයෙන් බලනොපාන, මසකට කෝටියකට අධික වියදමක් දැරීමට සිදුවන ඉහත කී 15 අ(1) වගන්තිය යටතේ 'නඩු විභාගය අවසන් වනතුරු රඳවා තබා ගැනීම' යන නියෝගයට අත්සන් තබන්නේද නැද්ද යන්න, මෙම ආණ්ඩුවේ 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' පිළිබඳ බලයට පත්වීමට පෙර සහ පසු ආකල්ප වෙනස් කිරීම පිළිබඳව වන 'ලිට්මස් පරීක්ෂාවක්'වනු ඇත.

(නීතිඥ උදුල් ප්‍රේමරත්න)
2025.08.01

 
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...