The Leader News
BREAKING
Top Ad
පුවත්

වෛරය සහ ප්‍රචණ්ඩකාරී උසිගැන්වීම් සිදු වෙමින් පවතිනවා - දිනන දකුණ කියයි

T

The Leader Desk

August 5, 2025 • 4:17 PM

වෛරය සහ ප්‍රචණ්ඩකාරී උසිගැන්වීම් සිදු වෙමින් පවතිනවා - දිනන දකුණ කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලනීකරණය කිරීමට විරුද්ධ හෙට දින (අගෝ.
  • පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් වෛරය සහ ප්‍රචණ්ඩකාරී උසිගැන්වීම් සිදු වෙමින් පවතින්නේ යැයි ‘දිනණ දකුණ’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
  • මතු පළ වන්නේ දිනන දකුණ - දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශපාලනීකරණය කිරීමට විරුද්ධ හෙට දින (අගෝ. 6) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් වෛරය සහ ප්‍රචණ්ඩකාරී උසිගැන්වීම් සිදු වෙමින් පවතින්නේ යැයි ‘දිනණ දකුණ’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දිනන දකුණ - දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය දැක්වීම මුලික අයිතිවාසිකමක් බවත්, එම අයිතිය තහවුරු කිරීම රාජ්‍යය සතු වගකීමක් බවත්, එබැවින් සාමකාමී විරෝධතාවයකට සැලසුම් සහගත ලෙස ‘වෛරය හා ප්‍රචණ්ඩකාරී උසිගැන්වීම් සිදු කිරීම’ දිනණ දකුණ දැඩිව හෙළා දකින බව එම සංවිධානය පවසයි.

තව ද, යොවුන් සමාජ පිහිටුවීමේ දී විවිධ දේශපාලන මතවාද නියෝජනය කරන තරුණයින් ඒවායේ ක්‍රියාකාරී ලෙස සහභාගීවීම දශක හතරකට වැඩි කලක් මේ සමාජය බුක්ති විඳි ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් බිහි කිරීමේ ව්‍යවපාරයක් බවත්, මෙවර යොවුන් සමාජ පිහිටුවීමේ ක්‍රියාවලිය ආණ්ඩු පක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්වී ඇති බව පැහැදිලිව හඳුනා ගත හැකි බව ද ඔවුන් සඳහන් කරයි.

දේශපාලනිකව සහ තරුණ ක්‍රියාකාරීන් සඳහා බාධා කිරීමේ අමිහිරි ඇත්දැකීම් දශක පහකට වැඩි කලක් අප රට විද ඇති බවත්, උතුරේ ද, දකුණේ ද කැරළි බවට පත්වූයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, විරෝධතා දැක්වීම සඳහා වන අයිතිය අහිමි කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතය යයි ද සඳහන් කරන එම සංවිධානය නිදහස් පුරවැසියන්ට විරෝධතා පැවැත්වීමට ඇති අයිතියට ගරු කර කටයුතු කරන ලෙස රජයෙනුත්, ආරක්ෂක අංශ වෙතින් ද ඉල්ලා සිටී.

මතු පළ වන්නේ දිනන දකුණ - දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
xfgrteedd

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...