සහ ඖෂධ අර්බුදය කළමණාකරකණයට අසමත් වීම හේතුවෙන් දිවයින පුරා රෝහල් වැසීයාමේ අනතුරක පවතින්නේ යැයි රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්ය ප්රභාත් සුගතදාස සඳහන් කරයි.
ඔහු මෙලෙස සදහන් කර ඇත්තේ රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය විසින් අද (05) නිකුත් කරන ලද මාධ්ය නිවේදනයක ය.
රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්ය ප්රභාත් සුගතදාස ගේ අත්සනින් යුතු මෙම නිවේදනයට අනුව වෛද්ය නිලධාරීන්ගේ ස්ථාන මාරු ක්රමවේදය ආයතන සංග්රහය, රාජ්ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත රීති සහ සෞඛ්ය අමාත්යාංශ චක්රලේඛ වල කාල රාමුද සහිතව පැහැදිලිව දක්වා ඇත.
ස්ථාන මාරු කාර්යක්ෂමව සහ පාරදෘශ්යව ක්රියාත්මක කිරීමෙහිලා, ස්ථාන මාරු මණ්ඩල මැදිහත් වීමේ අවශ්යතාවය ද එහි දක්වා ඇත.
එහෙත්, සෞඛ්ය අමාත්යාංශයේ ඇතැම් නිලධාරීන් ඕනෑකමින්ම පවතින ක්රමවේද නීතිවිරෝධී ලෙස උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන්, 23000 කට අධික ශ්රේණි වෛද්යවරුන්ගේ ස්ථාන මාරු පද්ධතිය දැවැන්ත අවුල් ජාලාවක් බවට පත් වෙමින් තිබේ.
මීට අමතරව තවත් කරුනු ගණනාවක් ඉදිරිපත් කරන මෙම නිවේදනයේ අවසන් වශයෙන් සඳහන් කරන්නේ මෙරට නිදහස් සෞඛ්ය සේවාව නැවතත් අඳුරු ඉතිහාසයක් කරා රැගෙන යෑමට උත්සාහ කරන අසමත් නිලධාරීන් සම්බන්ධයෙන් වහාම තීරණ ගැනීමට සෞඛ්ය අමාත්යවරයා සහ ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව යි.
මතු පළ වන්නේ රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්ය ප්රභාත් සුගතදාස ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය යි.
මාධ්ය නිවේදනය
රෝහල් පද්ධතිය තුල වෛද්ය හිඟය, වෛද්යවරුන් අනුයුක්ත කිරීම්, ස්ථාන මාරු නිසි පරිදි කලමණාකරනයට අසමත් වීම සහ ඖෂධ අර්බූදය කළමණාකරකණයට අසමත් වීම හේතුවෙන් දිවයින පුරා රෝහල් වැසීයාමේ අනතුරක.
ඉතිහාසය පුරා ශ්රී ලාංකීය නිදහස් සෞඛ්ය සේවාව ජාත්යන්තර ප්රමිතියේ රෝගී සත්කාරක සේවාවන් ජනතාවට සැපයීමෙහිලා තීරණාත්මකම සාධකය බවට පත් වූයේ විශේෂඥ වෛද්යවරුන් වෛද්යවරුන් ප්රමුඛ මානව සම්පතයි.
මෙම මානව සම්පත සේවා අවශ්යතාවයන් අනුව සුදුසු පරිදි ස්ථානගත කරමින් ප්රශස්ත සෞඛ්ය සේවාවන් සැපයීම සඳහා, ස්ථාන මාරු ක්රමවේදය නිවැරදිව කාර්යක්ෂමව සහ පාරදෘශ්ය ලෙස ක්රියාත්මක වීම අතිශයින් වැදගත්ය.
එමෙන්ම වෛද්යවරුන්ට යහපත් වෘත්තිය පරිසරයක් සකස් කරමින්, ගැටලු අවම කරමින් රාජ්ය සේවය සහ රෝහල් පද්ධතිය තුළ රඳවා ගැනීම සඳහා ද ස්ථාන මාරු ක්රමවේදය කේන්ද්රීය කාර්යභාරයක් ඉටු කරයි.
වෛද්ය නිලධාරීන්ගේ ස්ථාන මාරු ක්රමවේදය ආයතන සංග්රහය, රාජ්ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත රීති සහ සෞඛ්ය අමාත්යාංශ චක්රලේඛ වල කාල රාමුද සහිතව පැහැදිලිව දක්වා ඇත. ස්ථාන මාරු කාර්යක්ෂමව සහ පාරදෘශ්යව ක්රියාත්මක කිරීමෙහිලා, ස්ථාන මාරු මණ්ඩල මැදිහත් වීමේ අවශ්යතාවය ද එහි දක්වා ඇත.
එහෙත්, සෞඛ්ය අමාත්යාංශයේ ඇතැම් නිලධාරීන් ඕනෑකමින්ම පවතින ක්රමවේද නීතිවිරෝධී ලෙස උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන්, 23000 කට අධික ශ්රේණි වෛද්යවරුන්ගේ ස්ථාන මාරු පද්ධතිය දැවැන්ත අවුල් ජාලාවක් බවට පත් වෙමින් පවතී.
එහිදී,
• 2025 ශ්රේණි වෛද්යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව මාස 09 ක් ප්රමාද වීම
• 2025 ශ්රේණි වෛද්යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවේ, පුරප්පාඩු 78 ක් අත්තනෝමතික ලෙස ඉවත් කිරීම හේතුවෙන් වෛද්යවරුන් විශාල සංඛ්යාවක් අසාධාරණයට ලක් වීම
• රාජ්ය සේවා කොමිෂන් සභාවේ නියමයන් උල්ලංඝනය කරමින් සහ ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව පශ්චාත් සීමාවාසික වෛද්යවරුන් අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුවක් සකස් කිරීම
• විශේෂ අභියාචනා ස්ථාන මාරු මණ්ඩල සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරීම නිසා වෛද්යවරුන් අසාධාරණයට ලක්වීම
• වෛද්යවරුන්ගේ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව අත්තනෝමතික ලෙස කප්පාදු කිරීම හේතුවෙන් රෝහල් 134 ක් වැසී යාමේ අවදානමක් මතු වීම
• වෛද්යවරුන්ගේ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුව වසර 1 ½ වැඩි කාලයක් ප්රමාද කිරීම
• පවතින පිළිගත් ක්රමවේද සහ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන සෞඛ්ය අමාත්යංශයේ වෛද්ය සේවා අධ්යක්ෂවරියගේ අකාර්යක්ෂම සහ අසමත් ක්රියාකලාපය
මෙම ගැටලු සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා දිනයේදී ගරු සෞඛ්ය අමාත්යතුමා සමඟ පැවති සාකච්ඡාවේදී සාධනීය විසඳුම් ලබාදෙන බව පැවසුව ද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ධනාත්මක විසඳුමක් හෝ පිළිතුරක් ලබාදීමට සෞඛ්ය අමාත්යතුමා අපොහොසත් වීම විමතියට කරුණකි.
ඒ වගේම මේ වන විට දිවයින පුරා සෑම රෝහලකටම පාහේ බලපාන අන්දමින් රට තුල පවතින ඖෂධ හිඟය සෞඛ්ය පද්ධතිය තුල මේ වන විට ඔඩුදුවමින් ඇත. දිගුකාලීනව ලබාගත යුතුව ඇති පිලිකා ඖෂධ, හෘදයාබාධ, වකුගඩු රෝග වැනි බරපතල රෝගාබාධ ගණනාවක් සඳහා රෝගීන් සඳහා අවශ්ය වන සමහර ඖෂධ මේ වන විට රජයේ රෝහල් පද්ධතිය තුල බරපතල හිඟතාවයක පවතී.
මෙහිදී බලපා ඇති අනෙකුත් ප්රධාන ගැටලුව වන්නේ වෛද්යවරුන් ඖෂධ බාහිරින් ලබාගැනීම සඳහා වට්ටෝරු නිකුත් කිරීමේදී මේවන විට පැන නැගී ඇති බාධාවන් වේ. මේ සඳහා නිසි මාර්ගෝපදේශයක් සෞඛ්ය අමාත්යංශයෙන් ඉල්ලා සිටිය ද ඊට පිලිතුරු වශයෙන් නිකුත් කරන ලද චක්රලේකණය මඟින් ගැටලු විසදී නොමැති අතර සිදුව ඇත්තේ රෝගීන් තවදුරටත් කබලෙන් ලිපට වැටීමට සැලැස්වීමකි. මේ නිසා වෛද්යවරුන් හට රෝගී සත්කාර සේවාවන්හිදී හිඟ හෝ නොමැති ඖෂධ නියම කිරීමට සිදුවන අවස්තාවන්හිදී බරපතල ගැටලුකාරීතත්වයකට මුහුණපා සිටින අතර අනෙත් පසින් ඖෂධ ලබාගත නොහැකිව අසරණ රෝගී ජනතාව අසරණ තත්ත්වයකට පත්ව තිබේ.
මෙම පසුබිම තුළ මෙරට සමස්ත වෛද්ය ප්රජාව බරපතල අසාධාරණයකට ලක්ව ඇති අතර, රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන කෙටිකාලීන සහ දීර්ඝකාලීන බලපෑම් හේතුවෙන් ජනතාව ද අගතියට ලක්ව ඇත.
අද දින පැවති රජයේ වෛද්ය නිලධාරීන්ගේගේ සංගමයේ විශේෂ හදිසි මධ්යම කාරක සභා රැස්වීමේදී මෙම සියලු කරුණු සහ ප්රවණතාවයන් සමාලෝචනය කරමින්, පවතින තත්ත්වය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර, එහිදී පහත තීරණවලට එළඹෙන ලදී.
• දැනට මාරු මණ්ඩල අනුමැතිය නොමැතිව පල කරන ලද අක්රමිකතා රැසක් සහිත පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් ලැයිස්තුව වහා අවලංගු කිරීම.
• පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් සඳහා අදාල පුරප්පාඩු ලැයිස්තුව මාරු මණ්ඩලයේ සහභාගිත්වයෙන් සහ විනිවිධභාවයෙන් යුක්තව සිදු කිරීම.
• වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුවෙන් අනීතිකව ඉවත්කරන ලද පුරප්පාඩු නැවත ඇතුලත් කොට අවසන් ලැයිස්තුව නැවත සකස් කිරීම.
• දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුවෙන් ඉවත් කිරීම නිසා වැසීයාමේ තර්ජනයකට ලක් වී ඇති 134 ක් වූ දීප ව්යාප්ත සෞඛ්ය ආයතන පිළිබඳ සාකච්ඡා කර ඒවා පවතින යථා ස්වභාවය යාවත්කාලීන කිරීම සඳහා මාරුමණ්ඩල කැඳවා නිසි ක්රමවේදයට කටයුතු කිරීම.
• ප්රමාදයට ලක් වී ඇති දුෂ්කර සේවා ස්ථාන වල සේවයේ නියුතු වෛද්යවරුන්ගේ ස්ථාන මාරු ලැයිස්තු කඩිනමින් ප්රකාශයට පත් කිරීම.
• සෞඛ්ය අමාත්යංශයේ අකාර්යක්ෂමතාවය නිසා නිර්මාණය වී ඇති ඖෂධ හිඟය නිසි ලෙස කලමණාකරනය කර ගැනීම සහ රජයේ රෝහල් වලදී පිටතින් ඖෂධ මිලට ගැනීම සඳහා රෝගීන් හට සිදු වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම.
• ඉහත කාරණා නිසියාකාරව ක්රියාත්මක කිරීම මගින් දිවයින පුරා වැසීයාමේ අවදානමට ලක්ව ඇති රෝහල් එම තත්ත්වයෙන් වළක්වා ගැනීමට අවශ්ය කඩිනම් ක්රියාමාර්ග ලබා ගැනීම.
• මෙම අක්රමිකතා නිසා පශ්චාත් සීවාසික සහ දුෂ්කර සේවා ස්ථාන වල රාජකාරි කරන වෛද්යවරුන් හට සිදු වී ඇති අසාධාරණය සහ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2025.08.07 වැනි දින විශේෂ සාකච්ඡාවක් රජයේ වෛද්ය නිලධාරීන්ගේ මුලස්ථානයේදි පැවැත්වීම.
• එම සාකච්ඡාව සඳහා වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් වශයෙන් අගතියට පත් සියළු වෛද්යවරුන් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ මුලස්ථානයට 2025.08.07 වැනි දින කැදවීම.• ඉහත ඉල්ලීම් සඳහා සාධනීය මැදිහත්වීමක් සෞඛ්ය අමාත්යංශ පාර්ශවයෙන් 2025.08.11 දින පෙ.ව 8.00 ට පෙර සිදු නොවන්නේ නම් දීප ව්යාප්තව වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ මධ්යම කාරක සභාව ඒකමතිකව තීරණය කරන ලදි.
වත්මන් රජයට ලැබුණු දැවැන්ත ජනවරමේ පදනම වනුයේ, කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉහළ නංවමින් නිවැරදි ක්රමවේද ශක්තිමත් කිරීමයි. නමුත් මේ වන විට සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සේවා ඒකකය මෙම ප්රතිපත්තියට සම්පූර්ණයෙන් පටහැනි ලෙස ක්රියා කිරීම නිසා, සමස්ත වෛද්ය ප්රජාව තුළ බරපතල නොසන්සුන්තාවයක් සහ අප්රසාදයක් නිර්මාණය වී ඇත.
මේ ඖෂධ හිඟය, වෛද්ය හිඟය, වෛද්ය අනුයුක්ත කිරීම සහ ස්තානමාරු නිසිපරිදි කලමනාකරණය නොවීම තුල රටේ නිදහස් සෞඛ්ය සේවාව මේ වනවිට බරපතල තර්ජනයකට ලක්වී ඇති අතර අද දිනටත් රටේ ඉදිරි පරපුර සඳහාත් නිදහස් සෞඛ්ය සේවාව ආරක්ෂා කරදීම පත්වන ඕනෑම රජයක ප්රධානතම වගකීමක් වශයෙන් අපි සලකන්නෙමු.
තම රාජකාරිය කිරීමට පවා අසමත් වී ඇති වෛද්ය සේවා ඒකකයේ ඉහළ පරිපාලන නිලධාරීන්ගේ අරමුණ වනුයේ, සෞඛ්ය අමාත්යාංශය සහ සෞඛ්ය අමාත්යවරයාද රට ඉදිරියේ අසමත් කිරීමද යන සැකය මේ හරහා තව තවත් තහවුරු වෙමින් පවතී.
එබැවින් මෙරට නිදහස් සෞඛ්ය සේවාව නැවතත් අඳුරු ඉතිහාසයක් කරා රැගෙන යාමට උත්සාහ කරන අසමත් නිළධාරීන් සම්බන්ධයෙන් වහාම තීරණ ගැනීමට සෞඛ්ය අමාත්යවරයා සහ ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව අපගේ විශ්වාසයයි
ස්තූතියි.
මීට විශ්වාසී,
වෛද්ය ප්රභාත් සුගතදාස
ලේකම්,
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය
2025.08.05




