ආදායම් වාර්තා නිවැරදි නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ අද (අගෝ: 07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
අගමැතිනිය සඳහා මෙම තොරතුරු ලබා දී ඇත්තේ BOI විසින් බවත්, එහිදී තොරතුරු ලබාදෙද්දී මෙන්ම තොරතුරු ලබාගෙන සටහන් කිරීමේදී සංඛ්‍යා ලේඛන සටහන් කිරීමේ දී යම් වැරැද්දක් සිදුව ඇති බවත් ඇමතිවරයා පැවසිය.
පොදුවේ "චීචීගේ රොකට්ටුව" ලෙස හැඳින්වූ මෙම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවත්, අදාළ චන්ද්‍රිකාව පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළේය.
අමාත්‍ය වසන්ත සමරසිංහ තවදුරටත් සඳහන් කළේ, සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතළ විෂමතා කිහිපයක් සොයාගෙන ඇති බවයි.
අග්‍රාමාත්‍යවරිය කිව්වේ කුමක් ද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කී 'සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය' සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැය කර නොමැති බවත්, එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බදාදා (අගෝ: 06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ ආදායම් දත්තවලට අනුව 2015 වසරේ සිට 2023 මුල් භාගය දක්වා මෙම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 343,909ක ආදායමක් ලැබී ඇති බව ය.
ඇය ඉදිරිපත් කළ ආදායම් දත්ත අනුව වාර්ෂිකව ලබා ඇති ආදායම් මෙසේ ය.
* 2015/2016 - රු. මිලියන 19617
* 2016/2017 - රු. මිලියන 28133
* 2017/2018 - රු. මිලියන 29106
* 2018/2019 - රු. මිලියන 34169
* 2019/2020 - රු. මිලියන 42960
* 2020/2021 - රු. මිලියන 62545
* 2021/2022 - රු. මිලියන 87789
* 2023 පළමු මාස 6 - රු. මිලියන 39590
ඒ අනුව, 2023 වසරේ පළමු මාස 6 දක්වා එම ව්‍යාපෘතියෙන් ලැබුණු සමස්ත ආදායම රුපියල් මිලියන 343,909ක් බව ඇයගේ දත්ත අනුව කියැවිණි.
'අගමැතිනිය දුන් පිළිතුරේ වැරැද්දක්'
කෙසේ වෙතත්, අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ දත්තවල වරදක් ඇති බව ය.
ඒ අනුව, වාර්ෂික ආදායම් පහත පරිදි විය යුතු බව ඔහු පැවසීය.
* 2015/2016 - රු. මිලියන 19.167
* 2016/2017 - රු. මිලියන 28.133
* 2017/2018 - රු. මිලියන 29.1
* 2018/2019 - රු. මිලියන 34.1
* 2019/2020 - රු. මිලියන 42.9
* 2020/2021 - රු. මිලියන 62.0
* 2021/2022 - රු. මිලියන 87.0
* 2023 පළමු මාස 6 - රු. මිලියන 39.5
ඔහු ඉදිරිපත් කළ දත්ත අනුව පෙනී යන්නේ, අග්‍රාමාත්‍යවරිය දශම තිත අතහැර දත්ත ඉදිරිපත් කර ඇති බව ය.
"අගමැතිතුමිය නම් උත්තර දෙන්නෙ, ඒක හරියට බලල ඒ තහවුරුව අරගෙන කියන්න ඕනෙ. ඒ නිසා පිළිතුරු ලබා දීම වැරැද්දක් නිලධාරීන් කරල තියෙනවා," වසන්ත සමරසිංහ පැවසීය.
'ඇමතිතුමා කියන්නේ අග්‍රාමාත්‍යතුමිය ගිරවෙක් වගේ ලියල දෙන එක කියනවා කියල ද?'
අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක විමසා සිටියේ, "ඇමතිතුමා කියන්නේ අග්‍රාමාත්‍යතුමිය ගිරවෙක් වගේ ලියල දෙන එක කියනවා කියල ද?" යනුවෙනි.
"දැන් එතකොට කියන්නෙ අග්‍රාමාත්‍යතුමිය ගිරවෙක් වගේ ලියල දෙන එක කියනව කියල ද වසන්ත සමරසිංහ ඇමතිතුමා කියන්නෙ? කිසි ම තහවුරු කිරීමකින් තොරව දේවල් කියනව කියල ද කියන්නෙ? මේක තමයි අපිත් කිව්වෙ, මේ ආණ්ඩුවට කිසි ම වැඩක් බෑ කියල."
ඩී.වී. චානක මන්ත්‍රීවරය සඳහන් කළේ, සාමාන්‍යයෙන් අග්‍රාමාත්‍යවරියගෙන් පිළිතුරක් ඉල්ලූ විට ඇය අග්‍රාමාත්‍ය ලේකම්වරයා හරහා පිළිතුර ලබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ය.
(උපුටා ගැනීම් - බීබීසී සිංහල)
මෙම පුවතට අදාල තවදුරටත් තොරතුරු :
ඈවරයි දෑවරයි, චිචිගේ රොකට් චෝදනාවත් තුන් ඈවරයි...| Bulitha Kumara
ශ්‍රී ලංකාව, චීනයේ DSEL සමඟ අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි
සුප්‍රීම් සැට් ගැන විශේෂ හෙළිදරව්වක් මතු වීඩියෝ ...




