The Leader News
BREAKING
Top Ad
පුවත්

නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව බාරදේ - සහාය දෙන බව නාමල් කියයි

T

The Leader Desk

August 12, 2025 • 3:40 PM

 නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව බාරදේ - සහාය දෙන බව නාමල් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහය ලබා දෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
  • ඒ වගේම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉබ්‍රහම්ගේ පුත්තු දෙදෙනා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි.
  • වර්තමාන ආණ්ඩුව දැන් ඇතිවෙන්නම ජනතාව රවට්ටලා තියෙනවා.'' විශ්වාස භංග යෝජනාව බාරදෙයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ට එරෙහි විපක්ෂය ගෙනයන විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත අද (12) බාරදී ඇත.
  • ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
සහය ලබා දෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ජමිතුල් උලමා සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...

''අනිවාර්යෙන් අපි විශ්වාස බංගයට සහය ලබාදෙනවා. මොකද හේතුව ජනාධිපති මැතිවරණයේ දේශපාලන වේදිකාවල දී පාස්කු ප්‍රහාරයට යුක්තිය ලබාදෙනවා කියා ජනතාව රැවට්ටූ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාත් වග කිව යුතුයි. ඒ වගේම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉබ්‍රහම්ගේ පුත්තු දෙදෙනා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි. දැනටමත් ජනාධිපති මැතිවරණයේ දේශපාලන වේදිකාවල දේශපාලනයේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂක අංශයේ උසස් තනතුරු ලබා දීලා තියෙනවා. වර්තමාන ආණ්ඩුව දැන් ඇතිවෙන්නම ජනතාව රවට්ටලා තියෙනවා.''
 

 
විශ්වාස භංග යෝජනාව බාරදෙයි
cgrggh
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ට එරෙහි විපක්ෂය ගෙනයන විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත අද (12) බාරදී ඇත.  ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන කාල සීමාවේදී අරුණ ජයසේකර නැගෙනහිර පළාතේ යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ බවත් ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන සිදුවන බැවින් ඔහු එම අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙති.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...