The Leader News
BREAKING
Top Ad
පුවත්

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය ඇණ හිට මාස 6ක් !

T

The Leader Desk

August 14, 2025 • 4:16 AM

 රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය ඇණ හිට මාස 6ක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිපිගොනු ගොඩගැසී අවුල් ජාලවක්.
  • රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම වසරේ මාර්තු මස 18 වන ද ඉල්ලා අස්වීමෙන් පසු, මේ දක්වා එම තනතුරට කිසිදු පුද්ගලයකු පත් කිරීමට හෝ වැඩ බැලීමේ පදනම සඳහා නිලධාරියෙකු නිසි ආකාරයට පත් කර නොමැතිවිම එම තත්ත්වයට හේතුවී තිබේ.
  • පසුගිය වසර දෙකක කාලය තුළ, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මෙහෙයවීම යටතේ එම කාර්‍යාලයේ නිලධාරීන් විසින් දියුණු කාර්යක්ෂම සේවයක් ලබාදුන් ආයතනයත් මෙසේ කෙටි කලකින් බිඳවැටීම පිළිබඳ විමතියට පත් වන බව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙක්ම පැවසුහ.
  • ඔවුන් පවසා සිටියේ රජය විසින් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කොට, ඉක්මනින් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට සුදුසු පුද්ගලයෙකු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත්කළ යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


* ලිපිගොනු ගොඩගැසී අවුල් ජාලවක්...

* රටේ සුභසාධන හෝ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය නොවන අංශයට ලැබෙන ප්‍රධානයන් අහිමිවීමේ අවධානමක්!


රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ලියාපදිංචි කිරීම සඳහා සුදුසුකම් ලබා ඇතත්, මාර්තු මස 18 වන දින සිට මේ දක්වා එකදු රාජ්‍ය නොවන සංවිධානයක්වත් ලියාපදිංචි කිරීමට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය කටයුතු කර නැති බව සියලු සුදුසුකම් සපුරා ලියාපදිංචිය අපේක්‍ෂාවෙන් සිටින රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් පවසති.

රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම වසරේ මාර්තු මස 18 වන ද ඉල්ලා අස්වීමෙන් පසු, මේ දක්වා එම තනතුරට කිසිදු පුද්ගලයකු පත් කිරීමට හෝ වැඩ බැලීමේ පදනම සඳහා නිලධාරියෙකු නිසි ආකාරයට පත් කර නොමැතිවිම එම තත්ත්වයට හේතුවී තිබේ.

පසුගිය වසර දෙකක කාලය තුළ, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මෙහෙයවීම යටතේ එම කාර්‍යාලයේ නිලධාරීන් විසින් දියුණු කාර්යක්ෂම සේවයක් ලබාදුන් ආයතනයත් මෙසේ කෙටි කලකින් බිඳවැටීම පිළිබඳ විමතියට පත් වන බව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙක්ම පැවසුහ.

ඔවුන් පවසා සිටියේ රජය විසින් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කොට, ඉක්මනින් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට සුදුසු පුද්ගලයෙකු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත්කළ යුතු බවයි.

 මෙම පත්කිරිම ප්‍රමාද කිරිම පිටුපස අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියකගේ අකාර්යක්ෂමතාවය හෝ මෙම තනතුර සඳහා ඇයව වැඩ බැලීමේ පදනමින් පත්කරවාගෙන වැටුපක් ලබා ගැනීමේ යටි අරමුණක් පැවතිය හැකි බවද අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේ පාලනය වේ.

රාජ්‍ය නොවන සංවිධාන නියාමනය සඳහා නව පනත් කෙටුම්පතක්

මේ අතරතුර රාජ්‍ය නොවන සංවිධාන නියාමනය සඳහා නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට අමාත්‍යංශය විසින් තීරණය කොට ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පනත හරහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලු රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධීක්ෂණයට හා නියාමනය යටත් කෙරෙනු ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...