ඒ පිළිබඳව මේ වන විට මුළු රට ම දන්නා බව ද රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනව පවත්වාගෙන යෑමට බලධාරීන් කටයුතු කළ යුතු බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කීය.
කුමන යහපත් පනත් ගෙනාවත් අධිකරණ පද්ධතිය ස්වාධීන නොමැති නම් රටට ආයෝජකයන් නොඑන බවද රාජ්‍ය ආදායම වැඩි කර ගත්තා නම් රටේ මහජනතාවට ප්‍රතිලාභ නැත්තේ මන්දැයි ද මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
මේ වන විට පොලිසිය හා හමුදාව ද වත්මන් ආණ්ඩුව දේශපාලනීකරණයට ලක් කර ඇති බව ද රාජපක්ෂ මන්ත්‍රිවරයා කීය.
සංචාරකයන්ට ගුවන්තොටුපොළේදී රියැදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය නිසා මෙරට සංචාරක කර්මාන්තය තුළ රැකියා කරන රියැදුරන්ට තම රැකියා අවස්ථා අහිමි වී ඇති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (අගෝ. 19) පැවසීය.
( Mawbima | අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය)




