The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් වැඩ වර්ජනයක

T

The Leader Desk

August 20, 2025 • 6:55 AM

ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් වැඩ වර්ජනයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ස්ථාන මාරුවීම් ලැබූ තම සාමාජිකයන් පස් දෙනෙකුට රෝහලේ පැමිණිමේ ලේඛනයේ අත්සන් කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයා ඉඩ නොදීමට විරෝධය පළ කරමිනි.
  • පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කළේ, ස්ථාන මාරු ලබාදීමෙන් පැය 24 රාජකාරිය සිදු කිරීමට බාධා මතුව ඇති බවයි.
  • අද රාත්‍රියේ රැස්වීමට නියමිත සියලු වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් හෙට දිනයේ සිට සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය ගනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් පැවසිය.
  • ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.එල් වනිගරත්න ගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ බස්නාහිර පළාත් සභාවෙන් යොමු කළ ස්ථාන මාරු ලේඛනය තමා විසින් ක්‍රියාත්මක කළ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ස්ථාන මාරුවීම් ලැබූ තම සාමාජිකයන් පස් දෙනෙකුට රෝහලේ පැමිණිමේ ලේඛනයේ අත්සන් කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයා ඉඩ නොදීමට විරෝධය පළ කරමිනි.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කළේ, ස්ථාන මාරු ලබාදීමෙන් පැය 24 රාජකාරිය සිදු කිරීමට බාධා මතුව ඇති බවයි.

 

WhatsApp Image 2025 08 20 at 12.07.40 PM
''බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක ඊයේ දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ දිනය තුළ කිසිදු රෝහලක ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කරන ලෙස බලහත්කාරී ක්‍රියාවක් සිදු නොකිරීම හේතුවෙන් ආරම්භ නොකෙරුණු අතර අප පූර්ව ප්‍රකාශයේ සිදු කළපරිදිම ස්ථාන මාරු නියෝග බලහත්කාරී ලෙස සිදුකිරීමට උත්සාහ කරන ඕනෑම අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ප්‍රකාශයට පත් කරන ලද'' බවද ඔහු පැවසිය.

මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වන ලෙස සෞඛ්‍ය ඇමතිවරයාට සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර වරයාට ඉල්ලීම් කළ අතර බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා ආධ්‍යක්‍ෂවරියගේ ක්‍රියා කලාපය හේතුවෙන් පළාත තුල රෝහල්වල සේවා කටයුතු මේ ආකාරයෙන් බිඳ වැටීමට නියමිත බව අදාළ සියලු පාර්ශ්වයන් මේ වන විටත් දැනුවත් කොට ඇතැයි ද චානක ධර්මවික්‍රම කියා සිටියේය.

 

WhatsApp Image 2025 08 20 at 12.07.38 PM
අද රාත්‍රියේ රැස්වීමට නියමිත සියලු වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් හෙට දිනයේ සිට සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය ගනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් පැවසිය.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.එල් වනිගරත්න ගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ බස්නාහිර පළාත් සභාවෙන් යොමු කළ ස්ථාන මාරු ලේඛනය තමා විසින් ක්‍රියාත්මක කළ බවයි.

වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන්ට වන අපහසුතා මග හැරවීමට උපරිමයෙන් කටයුතු කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

WhatsApp Image 2025 08 20 at 12.07.38 PM 1

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...