The Leader News
BREAKING
Top Ad
පුවත්

සිරිසේන අමරසේකර විසින් රචිත Herding Frantic Cats (අකීකරු පූසන් පාලනය කිරීම) 23වන දා ජනගත කෙරේ

T

The Leader Desk

August 20, 2025 • 5:17 PM

සිරිසේන අමරසේකර විසින් රචිත Herding Frantic Cats (අකීකරු පූසන් පාලනය කිරීම) 23වන දා ජනගත කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Herding Frantic Cats (අකීකරු පූසන් පාලනය කිරීම) නමැති ග්‍රන්ථය මෙම මස 23වන දා පස්වරු 2.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ජනගත කිරීමට නියමිත ය.
  • ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ, දේශපාලන සහ පරිපාලන ක්‍රියාදාම පිළිබඳව දශක පහකට වඩා රජයේ විවිධ ඉහළ තනතුරු දැරූ සිරිසේන අමරසේකර සිය අත්දැකීම් පාදක කර ගෙන මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
  • රටක්, සමාජයක්, ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේ දී තොරතුරු සහ දත්ත පදනම් කරගෙන සැලසුම් සහගත ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ යුතු බව මෙතුළින් පෙන්වා දෙන අතර, අභියෝග සහ අසීරුතා ජයගැනීමට උපාය මාර්ගිකව ක්‍රියාකළ යුතු ආකාරය බලධාරින්ට පෙන්වා දීම ද සිදුකර ඇත.
  • වසර 1970දී ක්‍රම සම්පාදන සහ රැකිරක්ෂා අමාත්‍යාංශයේ කනිෂ්ට නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයට එක්වූ සිරිසේන අමරසේකර එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ ආර්.ඩී.
අකුරු ප්‍රමාණය (Font Size):

 Herding Frantic Cats (අකීකරු පූසන් පාලනය කිරීම) නමැති ග්‍රන්ථය මෙම මස 23වන දා පස්වරු 2.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ජනගත කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ, දේශපාලන සහ පරිපාලන ක්‍රියාදාම පිළිබඳව දශක පහකට වඩා රජයේ විවිධ ඉහළ තනතුරු දැරූ සිරිසේන අමරසේකර සිය අත්දැකීම් පාදක කර ගෙන මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාකාරකම්වල අද, ඊයේ සහ හෙට දවස  පිළිබඳව පුළුල් විග්‍රහයක් මාතෘකා 25ක් යටතේ පරිච්ඡේද පහක් පුරා මෙම ග්‍රන්ථයෙන් ගෙනහැර දක්වන කතුවරයා ස්වාධීන මතධාරියකු ලෙස සමාජ ප්‍රගමනයට තම දැනුම සහ අත්දැකීම් මෙම ග්‍රන්ථය තුළින් බෙදා දීමට උත්සාහ දරා ඇත. රටක්, සමාජයක්, ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේ දී තොරතුරු සහ දත්ත පදනම් කරගෙන සැලසුම් සහගත ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ යුතු බව මෙතුළින් පෙන්වා දෙන අතර, අභියෝග සහ අසීරුතා ජයගැනීමට උපාය මාර්ගිකව ක්‍රියාකළ යුතු ආකාරය බලධාරින්ට පෙන්වා දීම ද සිදුකර ඇත.

වසර 1970දී ක්‍රම සම්පාදන සහ රැකිරක්ෂා අමාත්‍යාංශයේ කනිෂ්ට නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයට එක්වූ සිරිසේන අමරසේකර එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමිය, හිටපු ජනාධිපතිවරුන් වූ ජේ.ආර්.ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන අය ගේ පාලන තන්ත්‍රයන්හි අමාත්‍යාංශ ලේකම්ධුරය දැරූ නිලධාරියකු ලෙස මෙහි දී තම අත්දැකීම් විග්‍රහ කර ඇත. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වයෙන් මිදීමට පාලකයින්ට, ප්‍රතිපත්ති සම්පාදකයින්ට, විද්‍යාර්ථයින්ට සහ පොදුමහත් ජනතාවට ප්‍රයෝජනවත් කරුණු ගණනාවක් මෙම ග්‍රන්ථය තුළින් සමාජ ගතකිරීමට කතුවරයා ක්‍රියා කර ඇත.

ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර ආර්ථික ක්‍රියාකාරකම්, ජාතික ගොඩනැගීම සහ ජාතික ඒකාබද්ධ කටයුතු, සාමය හා සංහිඳියාව ඇති කිරීම, දුප්පත්කම දුරු කිරීම සහ ප්‍රා‍දේශීය සංවර්ධනය, රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණ සහ අනාගත ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සලසාගත යුතු උපාය මාර්ග ලෙස ප්‍රධාන කොටස් පහක් ඔස්සේ මෙමගින් කතුවරයා කරුණු දක්වා ඇත.

සංවර්ධන ක්‍රමසම්පාදනවේදීන්ගේ සංගමය සංවිධානය කරන මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාවට හිටපු ජනපතිවරු, හිටපු ඇමැතිවරු, වත්මන් රජයේ ඇමැතිවරු, ඉහළ රාජ්‍ය නිලධාරින්, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ වෘත්තියවේදීන් සහභාගි වීමට නියමිත ය. 

(සටහන | ජේ. මුණසිංහ)

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිරිසේන අමරසේකර විසින් රචිත Herding Frantic Cats (අකීකරු පූසන් පාලනය කිරීම) 23වන දා ජනගත කෙරේ | The Leader