The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

ඇඟිලි සලකුණු විරෝධය බූමරංගයක් ද? : තැපෑල සිව්වන දිනටත් කොට උඩ !

T

The Leader Desk

August 21, 2025 • 5:06 AM

ඇඟිලි සලකුණු විරෝධය බූමරංගයක් ද? : තැපෑල සිව්වන දිනටත් කොට උඩ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වන දින මධ්‍යම රාත්‍රී සිට තැපැල් වෘත්තීය සමිති දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල වැඩවර්ජනය ආරම්භ කරනු ලැබීය.
  • කෙසේවෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තැපැල් පරිපාලනයෙන් ඊයේ (21) දිනයේ ද සාකච්ඡාවක් ලබානොදීම හේතුවෙන් අද දිනයේත් වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කළේය.
  • "ඉල්ලීම් 19 ඇතුළේ තිබුණ ඉල්ලීම් 17ක් ම මේ වන විටත් එක්කෝ අපි විසඳලා.
  • ඒ වගේ ම බඳවා ගැනීම් සම්බන්ධයෙන් පසුගිය අවුරුදු 7- 8කට වෙන්නැති දේවල් දැන් අපි කරමින් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වන දින මධ්‍යම රාත්‍රී සිට තැපැල් වෘත්තීය සමිති දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල වැඩවර්ජනය ආරම්භ කරනු ලැබීය.

වර්ජනය හේතුවෙන් තැපෑල මඟින් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්වුණි.

කෙසේවෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තැපැල් පරිපාලනයෙන් ඊයේ (21) දිනයේ ද සාකච්ඡාවක් ලබානොදීම හේතුවෙන් අද දිනයේත් වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කළේය.

 

තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ, ඔවුන් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් 19න් 2ක් හැර ඉතුරු සියල්ල විසඳා අවසන් හෝ විසදීමට පියවර ගනිමින් සිටින බව ය.

 

"ඉල්ලීම් 19 ඇතුළේ තිබුණ ඉල්ලීම් 17ක් ම මේ වන විටත් එක්කෝ අපි විසඳලා. එහෙම නැතිනම් විසඳමින් ඉන්නේ. සේවා ව්‍යවස්ථාවට අදාළ ප්‍රශ්න සැලකිය යුතු මට්ටමක දුරක් ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ ම බඳවා ගැනීම් සම්බන්ධයෙන් පසුගිය අවුරුදු 7- 8කට වෙන්නැති දේවල් දැන් අපි කරමින් ඉන්නවා. ඒවාට අදාළ කරන කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. අගමැති කමිටුවේ අනුමැතිය ලබාගෙන තිබෙනවා. බඳවා ගැනීම් සඳහා සම්මුඛ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ අය දන්නවා."



ඉටු කළ නොහැකි බව කී ඉල්ලීම් මොනවා ද?

තැපැල් සේවකයන් ඉදිරිපත් කරන අතිකාල දීමනා වැඩි කිරීම සහ ඇඟිලි සලකුණු තැබීම ඉවත් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි බව දැඩිව අවධාරණය කළ අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් කියා සිටියේ, "එම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට යට වීමට රජය සූදානම් නොමැති," බව ය.

"අතිකාල වැඩි කරන්නත් බැහැ. ෆින්ගර් ප්‍රින්ට් එක අයින් කරන්නත් බැහැ. මේක අපි අනිවාර්යෙන් ම ක්‍රියාත්මක කරනවා. ඒකත් එක්ක යන්න පුළුවන් තැපැල් සේවකයෝ ඉතුරු වේවි. අතිකාල මදි නම් වෙන තැනක රස්සාවට යන්න පුළුවන්. ෆින්ගර් ප්‍රින්ට් එකට එකඟ වෙන්න බැරි නම් ෆින්ගර් ප්‍රින්ට් නැති තැනක රස්සා කරන්න පුළුවන්. අපි මේක රජය හැටියට දැඩි තීන්දුවක ඉන්නවා. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යට වෙන්නේ නැහැ."

 

අගෝස්තු 20 වන බදාදා පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කර තිබුණේ, තැපැල් සේවකයන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය තැපැල් දෙපාර්තමේන්තුවට හෝ වෘත්තීය සමිතිවලට යහපත් දෙයක් නොවන බව ය. රජයේ ප්‍රතිපත්තිවලට අභියෝග නොකරමින් ඊට අනුගත වෙමින් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා ගත හැකි බව ඔහු තවදුරටත් අවධාරණය කර තිබිණි.

 

'ඇමතිතුමා කියන්නේ තනිකර බොරුවක්'

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කාර චින්තක බණ්ඩාර පවසන්නේ, තමන් ඇඟිලි සලකුණු තැබීමට විරුද්ධ නොවන අතර, ඇමතිවරයා කළ ප්‍රකාශය "බොරුවක්" බව ය.

"ඇමතිතුමා කියන්නේ තනිකර බොරුවක් අපි කොතනකවත් කියලා නැහැ ඇඟිලි සලකුණු ගහන්න බෑ කියලා. ඇඟිලි සලකුණු සම්බන්ධයෙන් පී එම් ජී චක්‍රලේඛයක් ගැහුවා ඇඟිලි සලකුණු ගහන්න මෙතුවක් තිබුණ ක්‍රමවේදය සංශෝධනය කරලා. ඒ සංශෝධනය වෙනස් කරන්න කියල යි අපි ඉල්ලන්නේ."

තැපැල්පතිවරයා ජූලි 25 වන දා ඇඟිලි සලකුණු තබන ක්‍රමවේදය වෙනස් කරමින් නිකුත් කරන ලද චක්‍රලේඛය සමස්ත තැපැල් සේවයේ සිටින සංඛ්‍යාවෙන් 500 දෙනෙකුට පමණක් බලපාන බව චින්තක බණ්ඩාර පවසයි.

මධ්‍යම තැපැල් හුවමාරුවේ කිසි ම අංශයක ඇඟිලි සලකුණු භාවිත නොකළ බවත්, එසේ කිරීමට හේතුව එම මධ්‍යස්ථානය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස සලකන නිසා බවත් ඔහු පැවසීය.

"එක පාර ම අංශ තුනක් ආයතනික අංශ කියලා නම් කළා. ඒකේ තිබුණා ආයතනය කියලා තෝරා ගන්න නිර්ණායක තුනක්. උදේ 8.30 හවස 4.30 සේවය කරනවා නම් ඒක ආයතනික අංශයක්, සෙනසුරාදා සේවයට වාර්තා කරන්නේ නැති නම් ඒක ආයතනික අංශයක්. මේක තනිකර වැරදි යි. උදේ 8.30 හවස 4.30 වැඩ කරන්නේ නැති තැපැල් කන්තෝරු තියෙනවා. සෙනසුරාදා ඉරිදා වැඩ කරන්නේ නැති තැපැල් කන්තෝරු තියෙනවා එතකොට මේ නිර්ණායක වැරදි යි," ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ය.

ඔහු පැවසුවේ, ආයතනික කාර්යාල 71ක සේවකයන් 600ක් පමණ පෙර සිට ම ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රමය භාවිත කරන බව ය.

මීට පෙර ඇඟිලි සලකුණු තබා සේවයට වාර්තා කර රාජකාරි වේලාව තුළ අතිකාල ගෙවීම් ලබා ගන්නේ නම් පොතක අත්සන් තබා අතිකාල ලබා ගැනීමේ ක්‍රමවේදයක් පැවති බවත් නව චක්‍රලේඛයෙන් එය වෙනස් කර ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

 

"අපි ඉල්ලන්නේ ඒක අයින් කරන්න. ඒක අයින් කරලා පෙර තිබ්බ විදියට ෆින්ගර් මාර්ක් ගහනවා. ෆින්ගර් මාර්ක් ඇතුළේ ඕවර් ටයිම් එකක් ගන්නවා නම් ඒක නිදහසේ ගන්න ඉඩ දෙන්න. මේක නැවැත්තුවා කියලා තැපැල් දෙපාර්තුමේන්තුවට ලාභයක් එන්නේ නෑ. මුළු අතිකාලවලින් මේ ටික 5%ක් ඇති."

 

"අපේ ප්‍රශ්න 19කට උත්තර ඕනේ. හැබැයි මෙහෙම චැලේන්ජ් කර කර උඹලා වරෙල්ලා අපි ළඟට එහෙම කියලා එන්නෙත් නෑ. මිනිස්සු ටික ටික වැඩට යයි. වැඩට යනකොට කන්තෝරුවල බඩු ගනියි. හැබැයි එකක්වත් බෙදෙන්නේ නෑ. පෝස්ට්මන්ලා එන්නේ නෑ, ට්‍රාන්ස්පෝර්ට් එක නෑ, ඉතින් මේක අවුලක් නේ වෙන්නේ. ඒ නිසා මේක පුළුවන් ඉක්මනට විසඳා ගැනීම කරන්න ඕනේ," ඒකබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු, චින්තක බණ්ඩාර කියා සිටියේ ය.

2017 වසරේදී ඉදිරිපත්වූ යෝජනාවක් ; හෙද නිලධරීන්හට ක්‍රියාත්මක වන්නේ නැ

රාජ්‍ය සේවකයින්ගේ පැමිණීම සලකුණු කිරීමේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වූයේ, 2017 වසරේදී ය.

එවකට පැවති වෘත්තීය සමිති රැසක් ඊට විරෝධය පළ කළේ ය.

2018 වසරේ ජනවාරි මස 12 වන දා කොළඹ ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ හෙද හෙදියන් පිරිසක් වැඩ වර්ජනයක නිරත වූයේ, ඇඟිලි සලකුණු යන්ත්‍ර හඳුන්වා දීමට විරෝධය පළ කරමිනි.

එහිදී, සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළ එස්.බී. මැදිවත්ත මාධ්‍ය වෙත පවසා තිබුණේ, එදින තුළ ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් දිවයින පුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ය.

එස්.බී. මැදිවත්ත මේ වන විට ජාතික ජන බලවේගයට සහය පළ කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු රූපවාහිනී සංවාදයකදී සඳහන් කළේය.

"ෆින්ගර් ප්‍රින්ට් එකට එකඟ වෙන්න බැරි නම් ෆින්ගර් ප්‍රින්ට් නැති තැනක රස්සා කරන්න පුළුවන්," යනුවෙන් වත්මන් රජයේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අනතුරු අඟවන්නේ, මෙවන් පරිසරයක් තුළ ය.

මෙතෙක් හෙද නිලධරීන්හට ඇඟිලි සලකුණු ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ නැත.

(උපුටා ගැනීම් | බීබීසී සිංහල)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇඟිලි සලකුණු විරෝධය බූමරංගයක් ද? : තැපෑල සිව්වන දිනටත් කොට උඩ ! | The Leader