The Leader News
BREAKING
Top Ad
පුවත්

රනිල් අගෝස්තු 26 දක්වා රිමාන්ඩ්

T

The Leader Desk

August 22, 2025 • 4:37 PM

රනිල් අගෝස්තු 26 දක්වා රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
  • වසරේ සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් ඒ සඳහා රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කර රජයේ අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
  • ‍| ජනාධිපති රනිල්ට ලන්ඩන් සංචාරයක් සඳහා ලැබුන ආරාධනා ලිපිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේ අගෝස්තු 22 වන දා පස්වරුවේදී ය.
  • ඒ, ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් සහ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙම නියෝගය නිකුත් කළා ය.

2023 වසරේ සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් ඒ සඳහා රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කර රජයේ අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


jkdjfkjdsfkj‍| ජනාධිපති රනිල්ට ලන්ඩන් සංචාරයක් සඳහා ලැබුන ආරාධනා ලිපිය 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේ අගෝස්තු 22 වන දා පස්වරුවේදී ය.

ඒ, ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.

අනතුරුව ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

 

kjdoff

පැය කිහිපයකට කල් ගිය ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය

නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තැබිණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේ, සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව ය.

විමර්ශන කටයුතු අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූෂ ප්‍රේමරත්න අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව මහේස්ත්‍රාත්වරිය නිවේදනය කළා ය.

හිටපු ජනපති රනිල්ගේ සංචාර 23කට මිලියන 600කට වැඩි වියදමක්

022 වසරේ ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර 23කට සහභාගී වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳව තොරතුරු පරීක්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බවට මීට පෙර තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල කළ තොරතුරු විමසීමකදී ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ ය.

එක් එක් වර්ෂයේ ඔහුගේ විදේශ සංචාර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ වැය වී ඇති වියදම් පහත පරිදි ය.

kjhdiff
රනිල් වික්‍රමසිංහ යනු කවු ද?

ශ්‍රී ලංකා සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුව සිට පසුව ඩීආර් විජේවර්ධන සමයෙහි 'ලේක්හවුස්' මාධ්‍ය ලෝකය පාලනය කළ එස්මන්ඩ් වික්‍රමසිංහ රනිල්ගේ පියා වන අතර මව, නාලිනී, ඩීආර් විජේවර්ධනගේ දියණියයි.

තරුණ වියේ දී 'සම සමාජ වාදියකුව' සිටි එස්මන්ඩ් පසු කාලයෙහි 'ලේක්හවුස්' පාලනය පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු හදන අදිසි හස්තය වූ බව ප්‍රකට රහසක් විය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ පාලකයන් තීන්දු කිරීමෙහිලා සිය පියා විසින් ගෙනයන ලද "එස්මන්ඩ් මෙහෙයුම්" රනිල් ඇතුළු ඔහුගේ දරුවන්ට රහසක් නොවන්නට ඇත.

රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ කොළඹ සරසවියේ නීති පීඨයට සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරූ රනිල් වික්‍රමසිංහ පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1977 මැතිවරණ සමඟ බියගම ආසනයේ තරුණ මන්ත්‍රීවරයා වශයෙනි.

1977 එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස වයස අවුරුදු 28 දී ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ සහ ප්‍රේමදාස රජය යටතේ ඔහු අමාත්‍ය ධූර කිහිපයක් දැරූ අතර, ඔහු අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ කාලයේ ගෙන ආ "අධ්‍යාපන ධවල පත්‍රිකාව" රට තුළ දැඩි විවාදයකට ලක් විය.

රනිල් වික්‍රමසිංහ 6 වරක් දෙවන පුරවැසියා, එසේත් නොමැති නම්, අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර 6 වරක් විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේ ය.

ඔහු පළමු වරට අගමැති ධූරයට පත්වූයේ, 1993 වසරේදී ය. ඉන්පසු ඔහු 2001දී, 2015දී දෙවතාවක්, 2018 සිදුවූ බල පෙරළියෙන් පසු නැවත වතාවක් සහ, 2022 අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

එපමණක් නොව, ඔහු 1994 සිට 2001 දක්වාත්, 2004 සිට 2015 දක්වාත් සය වතාවක් විපක්ෂ නායක ධූරයේ ද කටයුතු කර තිබේ.

පසුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්විය.

උපුටා ගැනීම : බීබීසී සිංහල සේවය

සබැඳි ලිපියක් :

හිටපු ජනපති රනිල්ගේ විදෙස් සංචාර වියදම් ගැන පරීක්ෂණ: BBC සිංහල තොරතුරු ඉල්ලීමෙන් හෙළි වූ කරුණු

 

 whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...