වන බ්‍රහස්පතින්දා පැවති විධායක සභා රැස්වීමෙන් අනතුරුව යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංගමය සඳහන් කරයි.
ඒමෙන් ම නිර්දේශපාලනීය සංවිධානයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මෙරට 23000කට අධික වෛද්‍යවරුන්ගේ එකම වෘත්තීය සමිතිය බව ද ඔවුන් පවසයි.
මෙම වර්ජනයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියෝග පවා නොතකා හරිමින් කටයුතු කරන, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය කඩාකප්පල් කරන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ දූෂිත, අත්තනෝමතික සහ අකාර්යක්ෂම ක්‍රියා කලාපය බවයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අවසානයේදී ඔවුන්ට මෙම තීරණය ගැනීමට සිදු වු බවත්, මුදලට යැපෙන මඩ බළකාය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව මඩ ප්‍රචාර දියත් කිරීම ආරම්භ කර ඇති බව ද ඔවුන් සඳහන් කරයි.
එම මඩ බළකාය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල නාමය, නිල ලිපි ශිර්ෂය, නිල ලාංඡනය, සංගමයේ ලේකම්වරයාගේ නාමය සහ අත්සන අනවසරයෙන් යොදාගනිමින් නිර්මාණය කරන ලද කූඨ ලේඛන කීපයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වන ආකාරය දැකිය හැකි අතර රජයට සම්බන්ධ දේශපාලනික වෛද්‍ය වෘත්තිය සමිතියක නිලධාරීන් ද මෙම කූඨ ලේඛන ප්‍රචාරණය කරන අයුරු නිරීක්ෂණය වී ඇති බවත්, මෙය මෙවන් සිදුවීමක් සිදු වූ පළමු අවස්ථාව ද නොවන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙවන් සිදුවීම් සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇති බවත් මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නීතිමය සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද එම සංගමය සඳහන් කරයි.
හෙට (25) වෛද්‍යවරු වැඩ වරති
දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා රජයෙන් එල්ල කර ඇති ඍජු බලපෑමත්, ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ උපකරණ රෝහල්වලට ලබා නොදීම හරහා නිදහස් සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානමත් මූලික කාරණා කොට ගෙන හෙට දිනයේදී එනම්, 2025.08.25වන දින උදෑසන 8.00 සිට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් රජයේ රෝහල් සියල්ලේම ආරම්භ වීමට නියමිත යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMO) සඳහන් කරයි.
එම සංගමය මේ බව දන්වා සිටින්නේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මගිනි.
තව ද හෙට දිනයේ පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විවිධ විරෝධතා සහ අසත්‍ය මඩ ප්‍රචාර මෙහෙයුම් ද ක්‍රියාත්මක වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMO) විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
එළඹෙන සඳුදා සිට දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් - GMOA සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය
එළඹෙන සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වන දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ කරුණු දැක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA ) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසුවේ එහි දි තම සංගමය බලාපොරොත්තු වන්නේ වෛද්‍යවරුන්ගේ ගැටලු පමණක් නොව සමස්ත සෞඛ්‍ය පද්ධතියේ ම පවතින ගැටලු සඳහා විසඳුම් ලබාගැනීම බවයි.
එමෙන් ම මේ වන විට රෝගින්ට අවශ්‍ය ඔෂධ හෝ ශල්‍යකර්ම සඳහා රෝහල් තුළ නොමැති උපකරණ පිටතින් ලබාගැනීම පවා තහනම් කරන තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් විසින් උදා කර ඇති බැවින් රෝගින්ගේ ජීවිත බරපතළ අනතුරුදායක තත්ත්වයක පවතින්නේ යැයි ද හෙතෙම අවධාරණය කළේ ය
මේ වැඩ වර්ජනය වෛද්‍යවරුන් වෙනුවෙන් නොවෙයි - GMOA කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ GMOA කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුයේ, මේ මොහොතේ වැඩවර්ජනයකට පදනම් වී තිබෙන්නේ: වෛද්‍යවරුන්ගේ ඉල්ලිම්, වෛද්‍යවරුන්ගේ පහසුකම්, වෛද්‍යවරුන්ගේ වැටුප්, වෛද්‍යවරුන්ගේ දීමනා යනාදි කිසිවක් නොව පොදු මහ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් රජය කළ යුතු කාර්ය භාරය කළ යුතුය යන පදනම මත යැයි බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කළ යුතු රාජකාරි නිසියාකාරව කරන්නට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් අපොහොසත් වී ඇතැයි හෙතෙම අවධාරණය කළේ ය.
ඉදිරියේ දී දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් - GMOA මහා කමිටු සාමාජික වෛද්‍ය සංජීව තලගහගොඩ
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ GMO මහා කමිටු සාමාජික වෛද්‍ය සංජීව තලගහගොඩ පැවසුවේ 2025 වසරේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳ අක්‍රමිකතා, පශ්චාත් සිමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ අක්‍රමිකතා, 2026 වසරේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්වලට අදාළව මේ වන විට නිකුත් කර ඇති ලිපියෙහි අන්තර්ගත වැරැදි සහගත කරුණු කිහිපයක් නිවැරැදි කර ගැනීම සහ වෛද්‍යවරුන්ගේ බුද්ධි ගලනය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඉදිරියේ දී දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුව ඇති බවයි.




