The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

අධිකරණය කෙරෙහි පුර්ණ විස්වාසයකින් යුතුව කටයුතු කරන්න - එජාප නියෝජ්‍ය නායක

T

The Leader Desk

August 25, 2025 • 4:40 PM

අධිකරණය කෙරෙහි පුර්ණ විස්වාසයකින් යුතුව කටයුතු කරන්න - එජාප නියෝජ්‍ය නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කඩවන අකාරයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත්, එවැන්නකට කිසිඳු ලෙසකින් අනුබල නොදෙන ලෙසත්, අධිකරණය කෙරෙහි පුර්ණ විස්වාසයකින් යුතුව කටයුතු කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සියලු පාර්ශව වෙතින් ඉල්ලා සිටියි.
  • ඔහු එබව සඳහන් කර ඇත්තේ, අද (25) පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.
  • අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා බව කිසිවකුට අමතක කළ නොහැකි බව පවසන එජාප නියෝජ්‍ය නායකයා, හෘදසාක්ෂිය අවදිකරගෙන මේ තත්ත්වය දෙස බලන ලෙසට සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.
  • එජාප නියෝජ්‍ය නායකවරයා නිකුත්කර ඇති නිවේදනය මතු පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කඩවන අකාරයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත්, එවැන්නකට කිසිඳු ලෙසකින් අනුබල නොදෙන ලෙසත්, අධිකරණය කෙරෙහි පුර්ණ විස්වාසයකින් යුතුව කටයුතු කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සියලු පාර්ශව වෙතින් ඉල්ලා සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, අද (25) පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා බව කිසිවකුට අමතක කළ නොහැකි බව පවසන එජාප නියෝජ්‍ය නායකයා, හෘදසාක්ෂිය අවදිකරගෙන මේ තත්ත්වය දෙස බලන ලෙසට සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එජාප නියෝජ්‍ය නායකවරයා නිකුත්කර ඇති නිවේදනය මතු පළවේ.

මාධ්‍ය නිවේදනයයි

රනිල් වික්‍රමසිංහ යනු හයවරක් අගමැතිවරයෙක් ලෙසත්, ඉතාම  තීරණාත්මක මොහොතක රටේ ජනාධිපතිධූරය භාර ගෙන රට සංසිඳවීමකට ලක්කළ නායකයෙකු ලෙසත් පක්ෂ භේදයකින් තොරව කවුරුන් තුලත් ගෞරවයක් සහ  පිළිගැනීමක් ඇති නායකයෙකු බව රහසක් නෙවේ.

තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් කිසිවිටෙක ඔහු කටයුතුකර නැති අතර ඔහු හැම විටෙකම මේ රට පවතින තත්ත්වයට වඩා යහපත් තැනකට ඔසවා තැබීමට දිවිහිමියෙන් ඇපකැප වී ඇත.

සෑම මොහොතකම ඔහුට ලැබුණේ සියල්ල සම්පූර්ණ රටක් නොවේ. ඔහු බලය ලබාගත් සෑම මොහොතකම ඔහුට එම අභියෝගයට මුහුණ දෙන්නට වූ අතර එහෙත් ඔහු අභියෝගය ජයගත්තේය.  2022 පළමු භාගය දිවයිනේ ඉතිහාසයේ වඩාත්ම අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් වූ අතර එය බලාපොරොත්තු සුන්වීම, ශෝකය සහ දරුණු කැලඹීම් වලින් ව්‍යාකූලව තිබූ අතර, එම කාලය රටේ කිසිවෙකු සිහිපත් කිරීමට පවා කැමති නැති අඳුරු සමයකි.


දෙකෝටි විසිලක්ෂයකට වැඩි ජනතාවත්, මුලුමහත් රටත් අරාජික තත්ත්වයක දොරකඩ සිටින මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා හිස් අතින් පැමිණ මේ රට භාරගත් අයුරු පක්ෂ විපක්ෂ කාගේත් මතකයේ නොතිබෙන්නට නොහැක.


සෑම අතින්ම ව්‍යාකූල වූ සහ ආර්ථික වශයෙන් බරපතල අගාධයකට වැටී තිබූ අවස්ථාවල ඔහු නිර්භීතව රට භාරගෙන, සුවපත් රටක් බිහිකළේය. ආසන්න වශයෙන් අවසන් වරට ඔහු ජනාධිපති ධූරය භාරගත්තේ පෝලිම්වල ජනතාව මියදෙමින් සිටිය විටය. පාසැල් වසාදමා, රෝහල්වල බෙහෙත් නැතිව, වාහනවලට තෙල් නැතිව, රටේ කිසිදු ඩොලරයක් නැතිව මේ රටම මරණ මංචකයේ හුස්ම අදිමින් සිටින මොහොතකය.

ඒ තීරණාත්මක අන්ධකාර සමය තුල කිසිවෙක් මේ රට භාරගන්නට ඉදිරිපත් වූයේ නැත. ශ්‍රී ලංකාව නිදහස් ඉතිහාසයේ පෙර නොවූ විරූ සහ දරුණුතම ආර්ථික අර්බුදයෙන් රට භාරගෙන ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද  කාලෝචිත ප්‍රතිපත්ති හේතුවෙන් අද රට මේ තත්ත්වයේ තිබේ.

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා බව අපට අමතක කළ නොහැක.

ඔහු, මේ රටේ ඉගෙනගෙන, මේ රටේ දේශපාලනය කොට, මේ රටේ අනාගතය වෙනුවෙන් දශක ගණනාවක් ඉතිමහත් කාර්‍යබාරයක් ඉටුකොට ඇත. අභියෝගවලට මුහුණ දෙන්න නොහැකිව සමහරු පලා යද්දී, ඔහු  අරාජික වෙන්නට ගිය රටක් ඉදිරිපිටට පැමිණ ඒ රට බේරාගන්නට කටයුතු කළේය.

රටේ අර්බුධය නිමාකොට නිසි පරිදි මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පරමාධිපත්‍යට ඉඩකඩ දුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණයේදීත් පරාජයේදීත් උපේක්ෂාවෙන් කටයුතු කළ බව අමතක කළ නොහැක.

ඔහු, ජයගුහණය කළ විට එයින් උන්මාදයට පත්වුණේත්, පරාජය වූ විට බලය අල්ලාගෙන සිටීමට උත්සාහ කළේත් නැත. නීතියට ගරුකළ ඔහු කිසිවිටෙක පරීක්ෂණවලට මුහුණ නොදී පලා ගියේද නැත. 

 
මේ මොහොතේ ඔහු බන්ධනාගාරගතකොට ඇති අතර දැන් සිටින්නේ රෝහල්ගතව ය. විමර්ෂණ කටයුතුවලට නිරන්තරයෙන්ම සහය දුන් සහ අධිකරණයට ගරුකළ චරිතයක් ලෙස ඔහු පිළිබඳව කා තුලත් ගෞරවණීය විශ්වාසයක් තිබේ. ඒ කටයුතුවලින් ඔහු කිසිවිටෙක පලා යන්නෙකු නොවේ.

එබැවින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙසත්, තවත් අතකින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාතියෙකු ලෙසත් මා අවධානය යොමු කරන්නේ ඔහු මේ රටට කළ මෙහෙවර පිළිබඳව අවධානය යොමුකරන ලෙසය. දශක හතකට වැඩි ඔහුගේ ජීවිතය තුල දශක පහකට වැඩි කළක් ඔහු මේ රට ගොඩනැගීම වෙනුවෙන් ගත් වෑයම පිළිබඳව අවධානය යොමු කරන ලෙසය.

හය වතාවක් අගමැතිවරයෙකු ලෙසත් වරක් ජනාධිපතිවරයෙකු ලෙසත් කටයුතු කරමින් රට වෙනුවෙන් කළ වෙහෙසකර කැපවීම පිළිබඳව අවධානය යොමුකරන ලෙසය. 
 
දේශපාලන කණ්නාඩි වෙනුවට මනුෂ්‍යත්වයේ සහ කළගුණ වටහාගැනීමේ අවංකත්වය පිළිබඳව හෘදසාක්ෂිය අවදිකරගන්නා මෙන් මම කාරුණිකව සිහිපත් කරමි.
එසේම දේශපාලන එදිරිවාදිකම් නොසලකා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මේ මොහොතේ පෙනී සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන්ටත්  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමස්ත විපක්ෂයේ නායකයින්, මන්ත්‍රීවරුන් හා ක්‍රියාකාරීන් වෙතත් නීතිඥ ප්‍රජාව වෙතත්, වෛද්‍ය කාර්ය මණ්ඩල වෙතත්, විදෙස් රාජ්‍ය තන්ත්‍රීකයින් වෙත මගේ  ප්‍රණාමය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. 
 
වාහනයක් ලගාවිය නොහැකි, රෝහලක් ලගක නැති ජීවිත බේරාගන්නට ඔහු සුව සැරිය ආරම්භ කළ අතර එහෙව් ඔහු අද බන්ධනාගාරගතව සිටී. මුලු රටම කිසිදු බලාපොරොත්තුවක් නැතිව අපේක්ෂභංගව සිටි මොහොතක රට භාරගත් ඔහු අද බන්ධනාගාරගතව සිටී.

මා ඉල්ලා සිටින්නේ හෘදසාක්ෂිය අවදිකරගෙන මේ තත්ත්වය දෙස බලන ලෙසට ය.

එහෙත් කිසි විටෙකත් සාමය කඩවන අකාරයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත්, එවැන්නකට කිසිඳු ලෙසකින් අනුබල නොදෙන ලෙසත්, අධිකරණය කෙරෙහි පුර්ණ විස්වාසයකින් යුතුව කටයුතු කරන ලෙසත් සියලු පාර්ශව වෙතින් ඉල්ලා සිටිමි.

ස්තුතියි,

රුවන් විජයවර්ධන
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක
2025 අගෝස්තු 25
 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...