The Leader News
BREAKING
රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●
Top Ad
පුවත්

ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 4 කට ප්‍රතිව්‍යුහගත කෙරේ

T

The Leader Desk

August 27, 2025 • 5:35 AM

ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 4 කට ප්‍රතිව්‍යුහගත කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනන, බෙදාහැරීම්, සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාළව අදාළ සමාගම් පිහිටුවා ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
  • එම සමාගම් වන්නේ, 1- නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ් 2- නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ් 3- ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා 4- ලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනයි.
  • ඒ සඳහා අද( 27) සිට මාස දෙකක කාලයක් ලබා දී ඇත.
  • සියලු සේවකයින්ට ඒ පිළිබඳ දැනුම් දෙන බවද බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනන, බෙදාහැරීම්, සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාළව අදාළ සමාගම් පිහිටුවා ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

එම සමාගම් වන්නේ,

1- නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්

2- නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්

3- ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා

4- ලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනයි.


විදුලිබල මණ්ඩලයේ දැනට සිටින සේවකයින්ට එම සමාගම්වලින් තමන් කැමති සමාගමකට අනියුක්ත වීමට ඉල්ලුම් කළ හැකියි.

ඒ සඳහා අද( 27) සිට මාස දෙකක කාලයක් ලබා දී ඇත.

සියලු සේවකයින්ට ඒ පිළිබඳ දැනුම් දෙන බවද බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

රාජ්‍ය හිමිකාරීත්වය සහිත එම සාමාගම්වලට සේවකයින්ට සිය අභිමතය පරිදී ඇතුළත් විය හැකිය.

එලෙස නව ආයතන සඳහා බැඳීමට අකමැති සේවකයින් වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැන්වීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

මේ අතර පිහිටවූ නව ආයතනවල ඉහළ කළමණාකාරිත්වය සඳහා දැනට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහල තනතුරු හොබවන ඉංජිනේරුවරුන් බඳවා ගැනීමට ද සැලසුම් කර තිබේ.


| News 1st

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 4 කට ප්‍රතිව්‍යුහගත කෙරේ | The Leader