The Leader News
BREAKING
Top Ad
පුවත්

දෛවෝපගත අවස්ථාවක් ! - රනිල් රිමාන්ඩ් කළ බන්ධනාගාරයේ අක්කර 43ක භුමිය, රනිල්ගේ පවුලේ අයිතියක්

T

The Leader Desk

August 27, 2025 • 10:27 AM

දෛවෝපගත අවස්ථාවක් ! - රනිල් රිමාන්ඩ් කළ බන්ධනාගාරයේ අක්කර 43ක භුමිය, රනිල්ගේ පවුලේ අයිතියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අරගෙන ගියෙත් එතුමාගේ පරම්පරාවට, එහෙමත් නැතිනම් එතුමාගේ මිත්තණියට, හෙලේනා විජේවර්ධනට අයිතිව තිබුණු අක්කර 43 ක වැලිකඩ බන්ධනාගාර භූමියට.
  • ඉතින් මේ ස්ථානයට අයිතිකරුවන් වෙන්නෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ඒ පවුලේ සාමාජිකයන්.
  • '' ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ මල් පාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
  • එම කාරණය තවදුරටත් පැහැදිලි කළ එජාප සභාපතිවරයා, ''ජනාධිපතිවරයා නිල බලයෙන් කරනු ලබන කාර්යන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වෙනි ව්‍යවස්ථාව අනුව ඔහු විසින් කරනු ලබන කාර්යක්.
අකුරු ප්‍රමාණය (Font Size):

''රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අරගෙන ගියෙත් එතුමාගේ පරම්පරාවට, එහෙමත් නැතිනම් එතුමාගේ මිත්තණියට, හෙලේනා විජේවර්ධනට අයිතිව තිබුණු අක්කර 43 ක වැලිකඩ බන්ධනාගාර භූමියට.  ඉතින් මේ ස්ථානයට අයිතිකරුවන් වෙන්නෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ඒ පවුලේ සාමාජිකයන්. එතකොට ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්. ''

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ මල් පාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

''ජනාධිපති අනුරට කිසිඳු බලපෑමක් නැහැ''

රනිල් වික්‍රමසිංහ හට ඇති වී තිබෙන තත්වය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකටත් බලපායි දැයි මාධ්‍යවේදීයකු එම මාධ්‍ය හමුවේදී කළ විමසීමේදී වජිර අබේවර්ධන පැවසුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකට ද එවැන්නක් බලනොපාන බවයි.

එම කාරණය තවදුරටත් පැහැදිලි කළ එජාප සභාපතිවරයා,
''ජනාධිපතිවරයා නිල බලයෙන් කරනු ලබන කාර්යන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වෙනි ව්‍යවස්ථාව අනුව ඔහු විසින් කරනු ලබන කාර්යක්. 33 (ඌ) ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක් හෝ විධි විධානවලට පටහැනි නොවන්නා වූ ද, ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ඔහුට නියමිතව හෝ බලය ලැබී ඇත්තා වූ ද සියලු ක්‍රියා හා දේ කිරීමට ජනාධිපතිවරයාට බලය තිබෙනවා. එහෙනම් වර්තමාන ජනාධිපති අනුර කුමාර මැතිතුමාටත් මම මේ කියන වගන්තියේ බලය තිබෙනවා. අනුර කුමාර ජනාධිපතිතුමා දිල්ලියට ද යන්නේ, වොෂින්ටනයට ද යන්නේ, ලෝකයේ වෙනත් කොහෙට හරිද යන්නේ කියලා තීරණය කරන්නේ ඒ අදාළ රට නෙමෙයි, ඒක තීරණය කරන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමායි. ඒ නිසා කිසි සේත්ම ඔබ ඇසු ප්‍රශ්නය අනුව වර්තමාන ජනාධිපතිතුමාට එය බලපාන්නෙත් නැත.''

පසුගිය සතිය ශ්‍රී ලංකාවට ඓතිහාසික කළු පැල්ලමක් එල්ල වූ කාල පරිච්ඡේදයක්

මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ එජාප සභාපතිවරයා පසුගිය සතිය ශ්‍රී ලංකාවට ඓතිහාසික කළු පැල්ලමක් එල්ල වූ කාල පරිච්ඡේදයක් ලෙස හඳුනා ගත යුතු යැයි පැවසී ය.

තව දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන..

''විශේෂයෙන් ම මේ අවස්ථාවේ මම මතක් කරන්න කැමැතියි ඊයේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරලා තිබුණා; ඒ පණිවුඩයේ මෙසේ කියනවා.

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ උපසභාපති වරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව සිය දැඩි කණස්සල්ල පළකොට තිබෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්වය සීඝ්‍ර පිරිහීමක් දක්නට ලැබිනි. එබැවින් නිසි අධීක්ෂණයක් යටතේ ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව බන්ධනාගර රැඳවුමෙන් නිදහස් කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.''


Screenshot 2025 08 27 153715

වැලිකඩ බන්ධනාගාර භූමිය සහ රනිල් අතර සම්බන්ධය

''ඒ වගේම මම දැක්කා රනිල් වික්‍රමසිංහට තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳව සමාජ මාධ්‍යවල නොයෙක් අය විවිධ අදහස් ප්‍රකාශයට පත් කරනවා. මං හිතන්නෙ එතුමාගේ ජීවිතය එතුමා කළමනාකාරීත්වය කරගෙන තිබෙන්නේම යම්කිසි රටාවකට. එතකොට ඒ රටාව සමහර ව්‍යායාම තුළින් වෙන්න පුළුවන්, නියමිත වෙලාවට ආහාර ගන්නවා වෙන්න පුළුවන්. දවල් 12.30 ට මල් පාරේ වැඩ කරනවා වෙන්න පුළුවන්, පැය 2 ක් ආපසු විවේක ගන්නවා වෙන්න පුළුවන්. නැවත ආපසු 03 ට පටන් අරන් රෑ 10 ට වැඩ අවසන් කරනවා වෙන්න පුවවන්. මෙන්න මේ ආකාරයට තමයි එතුමා එදිනෙදා වැඩකටයුතු වල නිරත වුණේ.

මේ අවස්ථාවේ දී එතුමාගේ ඒ රටාවට බරපතළ පීඩනයක් දීලා එතුමාගේ සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කළා. ඒ වගේම තවත් සුවිශේෂී කරුණක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අරගෙන ගියෙත් එතුමාගේ පරම්පරාවට, එහෙමත් නැතිනම් එතුමාගේ මිත්තණියට අයිතිව තිබුණු අක්කර 43 ක වැලිකඩ බන්ධනාගාර භූමියට.

ඉතින් මේ ස්ථානයට අයිතිකරුවන් වෙන්නෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ඒ පවුලේ සාමාජිකයන්. එතකොට ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්. වැලිකඩ බන්ධනාගාරය පිහිටි පත්තිරු සටහන් මගේ ළඟ තිබෙනවා, එයින් පිටපතක් මාධ්‍යයට ලබා දෙන්නම්. එතකොට මාධ්‍යයටත් ශ්‍රී ලාංකික මහජනතාවටත් දැනගන්න පුළුවන් එවැනි පරපුරක සාමාජිකයෙකුට සිදුවූ මහා ඛේදජනක හැසිරීමක් හැටියටයි මා මේ අවස්තාව දකින්නේ. ''


Screenshot 2025 08 27 154103

ඇප අත්සන් කළ වෛද්‍යවරු

''අවසන් වශයෙන් එකක් කියන්න කැමතියි, ඇත්තටම ශ්‍රී ලාංකික සමස්ත දේශපාලන පක්ෂ, සියලු බලවේග, සමස්ත නීතීඥ ප්‍රජාව, සියලුම වෛද්‍ය කණ්ඩායම් එතුමා වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම අවසානයේ එතුමාට ඇප තැබීම සඳහා වෛද්‍යවරුන් නිවාඩු දාලා උසාවි භූමියෙන් වතුර එකක් හෝ නොබී රැඳී සිටියා,
අපියි එතුමාට ඇප වලට අත්සන් කරන්නෙ කියලා. වෛද්‍යවරුන්මයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ඇප අත්සන් කළේ. ඒ නිසා ඒ වෙනුවෙන් කැපවුණ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට අපේ පක්ෂයේ ගෞරවයත්, ස්තූතියත් මේ අවස්ථාවේ දී අපි රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පුද කර සිටිනවා.''

මෙම සාකච්ඡාවේ දී මාධ්‍යවේදීයකු නැගු ප්‍රශ්නයකට වජිර අබේවර්ධන ලබාදුන් පිළිතුර

පීඩනයක් දුන්නම අදාළ රෝග නිර්මාණය වෙනවා


ප්‍රශ්නය:
දැන් එතුමා අසනීප වෙන්නෙ බන්ධනාගාරයේ ඉඳලා, එතකොට උසාවියේ දි එතුමාට මේ වගේ අසනීප තත්වයක් තිබ්බෙ නැද්ද, ඔබතුමා චෝදනා කරන්නෙ මේ බන්ධනාගාරගත කිරීමත් සමග එතුමාගේ මේ අසනීප තත්වයක් ඇති වුනා කියලද ?


පිළිතුර:
''මං හිතන්නෙ මෙහෙමයි ඒ සිදුවීම වෙන්නෙ. එතුමාට උදේ 9.30 ට පමණ එන්න කියලා, පැය 4ක් 5ක් ප්‍රකාශ ලබා ගත්තා. එතුමා ආහාර ගන්නා රටාවක් තිබෙනවා. එතුමාගේ බෙහෙත් ලබා ගත යුතුයි වෙලාවට. ඒ අවස්ථාවේදී  මේ සියල්ල වෙනස් වුණා. ඉන්පසු අධිකරණ භුමියට ගෙනාව ම තවත් පැය 5ක් 6ක් විත්ති කූඩුවේ රඳවා තබමින්, ඒ වගේම විදුලිය නොමැතිව නැවත රාත්‍රී 10.30 පමණ වනතුරු සමස්තය පැය 12කට ආසන්න කාලයක් තබා ගත්තා. ඉතින් එවැනි පීඩනයක් දුන්නම අදාළ රෝග නිර්මාණය වීම ස්වභාවිකයි.''



මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ උප නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

එතුමා වෙනුවෙන් පෙරට ආ සැමට ස්තුතියි...!

''අද අපි විශේෂයෙන්ම මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් පෙරට පැමිණි සියලුදෙනාටම ස්තූති කරන්න යි. එහිදී පෙරට ආ සියලුදේශපාලන පක්ෂවල නායකයින් ඒ වගේම ඒවායේ මහලේකම්වරුන් ඇතුලු සමස්ථ නියෝජිතයින්ට අපි එක්සත් ජාතික පක්ෂය ලෙස ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර ගත කළ පසු බන්ධනාගාරයේදී එතුමාට සහය වූ ඒ සියලු නිලධාරීන්ටත්, බන්ධනාගාරයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු එහිදී එතුමාට සහය වූ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩයටත් අපි අපේ ස්තුතිය පළ කරනවා.

එමෙන් ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ මණ්ඩලයටත් එතුමා වෙනුවෙන් පෙරට ආ එක්සත් ජාතික පක්ෂයේ සියලු පාක්ෂිකයින්ටත් වෙනත් දේශපාලන පක්ශවල නියෝජිතයින්ටත් අපි අපේ කෘතවේත්වය එතුමා වෙනුවෙන් පළ කර සිටිනවා.''

එක්සත් ජාතික පක්ෂ මහලේකම්, හිටපු අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරල

සියලුදෙනාම ආවේ රනිල් වෙනුවෙන්

''අපේ උප නායකතුමා සඳහන් කළ ආකාරයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් පෙරට ආව සියලුදෙනාට මම එක්සත් ජාතික පක්ෂයේ මහලේක්ම්වරිය හැටියට ස්තූතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාගෙන් ලැබුණු සහයෝගය අපිට විශාල හයියක් වුණා. ශ්‍රී ලංකාවේ නඩු කටයුත්තකදී මේ තරම් විශාල නීතීඥ පිරිසක් සහභාගී වුණේ මම දන්න හැටියට මේ නඩු කටයුත්තටයි. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ අපිට එය විශාල හයියක් වුණා.

මෙතැන පක්ෂ භේදයක් තිබුණේ නැහැ. සියලුදෙනාම ආවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා බන්ධනාගාර ගත වූ අවස්ථාවේ සිටම අපේ පාක්ෂිකයින් දිවයින පුරා පිහිටි පන්සල්, පල්ලි, කෝවිල් තුළ තමන්ට ආවේණික ආගමික කටයුතුවල නියැලෙමින් එතුමාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කළා. ඉතින් ඒ සියලු දේටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා අපේ ස්තූතිය පළ කරන්න.''


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දෛවෝපගත අවස්ථාවක් ! - රනිල් රිමාන්ඩ් කළ බන්ධනාගාරයේ අක්කර 43ක භුමිය, රනිල්ගේ පවුලේ අයිතියක් | The Leader