The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නියම වෙයි

T

The Leader Desk

August 28, 2025 • 2:32 PM

 රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නියම වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රතිශෝධනය කර අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට තීන්දු කළ කොළඹ මහාධිකරණය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නොතීසි නිකුත් කරන ලෙස නියම කළේය.
  • ඉන් පසුව නීතියෙන් තම සේවාව දායකයාට ලැබී තිබෙන අයිතිවාසිකම්වලට අනුව ඔහු විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකළ අතර එම අපේක්‍ෂිත ඇප පෙත්සම පසුව එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
  • එසේ තිබියදී පසුගිය 12 වනදා අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන බවත් එම වරෙන්තුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
  • ඒ අනුව ඉකුත් 12 වනදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රතිශෝධනය කර අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට තීන්දු කළ කොළඹ මහාධිකරණය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නොතීසි නිකුත් කරන ලෙස නියම කළේය.

සිය සේවාදායකයා හෙට (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකළ කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ වගඋත්තරකරුවන්ට නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන් කළාය.


මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ, කරුණු දක්වමින් ධීවර වරාය නීතිගත සංස්ථාවේ තිබූ "වැලිගොව්වා" නමැති නෞකාව අවභාවිතා කළ බවට චෝදනා කරමින් 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසුවේය.


මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් ජූලි මස 02 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම විසින් ලිපියක් එවා තිබුණද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් එදින පෙනී සිටීමට නොහැකි වූ අතර ඒ පිළිබඳව එම කොමිසම වෙත වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට සිය සේවාදායකයා කටයුතු කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

ඉන් පසුව නීතියෙන් තම සේවාව දායකයාට ලැබී තිබෙන අයිතිවාසිකම්වලට අනුව ඔහු විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකළ අතර එම අපේක්‍ෂිත ඇප පෙත්සම පසුව එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ එම තීරණයට එරෙහිව තම සේවාදායකයා කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය විභාගයට ගැනීම සඳහා නොතිස් නිකුත් කර තිබූ බවත් ඔහු සඳහන් කළේය.

එසේ තිබියදී පසුගිය 12 වනදා අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන බවත් එම වරෙන්තුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.


අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව මෙවැනි වරෙන්තුවක් ලබා ගැනීමට පෙර සාක්ෂි මෙහෙයවීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස නමුත් සිය සේවාදායකයාට එරෙහිව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ නීතියේ සඳහන් කර තිබෙන ආකාරයට සාක්ෂි මෙහෙයවීමකින් තොරව බවත් චෝදනා කළේය. ඒ අනුව ඉකුත් 12 වනදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.


එමෙන්ම හෙට දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිය සේවාදායකයා වෙත නොතීසි නිකුත් කර ඇති බවත් ඒ අනුව සිය සේවාදායකයා හෙට දින අනිවාර්යයෙන්ම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ජනාධිපති නීතිඥවරයා මහාධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

ඒ අනුව සියසේවාදායකයා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්විටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය මෙම පෙත්සමට අදාළව නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙම සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමටද නියම වුණි.

| aruna

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...