The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6 දෙනාට ඇති චෝදනා මොනවා ද? අත්අඩංගුවට ගත කාන්තාව කව්ද ? මාධ්‍ය හමුවට අදාල වීඩියෝ

T

The Leader Desk

August 28, 2025 • 3:32 PM

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6 දෙනාට ඇති චෝදනා මොනවා ද? අත්අඩංගුවට ගත කාන්තාව කව්ද ? මාධ්‍ය හමුවට අදාල වීඩියෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගින් අත්අඩංගුවට ගත් බව අද (අගෝ: 28) අනාවරණය කළේ ය.
  • මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, දින 07ක විශේෂ මෙහෙයුමකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඉන්දුනීසියානු පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් මෙම සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ය.
  • අත්අඩංගුවට ගනු ලැබූ මෙම අපරාධ කල්ලි සාමාජිකයින් ඉදිරි දින කිහිපයේදී මෙරටට රැගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික මට්ටිමින් සාකච්ජා කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ ය.
  • අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාව ඇතුළු විදේශීය රටවල සහය ද අඛණ්ඩව ශ්‍රී ලංකාවට හිමි වුණු බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මගින් අත්අඩංගුවට ගත් බව අද (අගෝ: 28) අනාවරණය කළේ ය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, දින 07ක විශේෂ මෙහෙයුමකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඉන්දුනීසියානු පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් මෙම සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ය.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම අපරාධ කල්ලි සාමාජිකයින් ඉදිරි දින කිහිපයේදී මෙරටට රැගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික මට්ටිමින් සාකච්ජා කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ ය.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස කවුද?

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසූ පරිදි ඉන්දුනීසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවන් අතර කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සිටිති.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාව ඇතුළු විදේශීය රටවල සහය ද අඛණ්ඩව ශ්‍රී ලංකාවට හිමි වුණු බව ය.

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්, පානදුරේ නිලංග සහ තැඹිලි ලහිරු යන අන්වර්ථ නම්වලින් හඳුන්වනු ලබන සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් සිටින බව ය.


මේ අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාධ්‍ය හමුවේදී පැවසුවේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ බැකෝ සමන්ගේ බිරිඳ සහ කුඩා දරුවෙකු ද ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර සිටින බවය.


අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් අතර සිටින පුද්ගලයින් 05 දෙනෙකුට රතු වරෙන්තු නිකුත් කර ඇති බව ද මෙහිදී පොලිස්පතිවරයා පැවසුවේ ය.

'කෙහෙල්බද්දර පද්මේ පොලිසියට අභියෝගයක් වුණා'

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ, කෙහෙල්බද්දර පද්මේ පොලිසියට අභියෝගයක් වූ බව ය.

''විශේෂයෙන් ම සංවිධානාත්මක අපරාධ ගැන කතා කරනකොට කෙහෙල්බද්දර පද්මේ කියන අපරාධකරු පොලිසියට දැවැන්ත අභියෝගයක් වුණා. විශේෂයෙන් ම ඔහුව අත්අඩංගුවට ගන්න එක බොහොම දුෂ්කර කාර්යයක් වුණා. ඒ අත්අඩංගුවට ගැනීමේ කාර්යය පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සහ ඉන්දුනීසියානු ආරක්ෂක අංශ විසින් එක්ව සිදුකරනු ලැබුවා,'' යනුවෙන් ඔහු පැහැදිලි කළේ ය.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිසට එල්ල වී ඇති චෝදනා මොනවා ද?

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවන්ට එල්ලවී ඇති චෝදනා මොනවා ද? යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කියා සිටියේ, මනුෂ්‍ය ඝාතන ඇතුළු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන බව ය.

''එක පුද්ගලයෙක් ගත්තොත් වෙන වෙන ම චෝදනා තියෙනවා. පුද්ගල ඝාතන සම්බන්ධයෙන්, තර්ජනය සහ බිය ගැන්වීම් වගේ ම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා තියෙනවා.''

''ඉන්දුනීසියාවේදී සංවිධානාත්මක අපරාධකරුවන් 5 දෙනෙකු එක්වර අත්අඩංගුවට ගැනීම ඉතිහාසයේ මෙවැනි මෙහෙයුමක් සිදුකළ පළමු අවස්ථාව වනවා.'' යනුවෙන් ද පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේ ය.

පසුගිය පෙබරවාරි 19 වන දා අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානත්මක අපරාධකරුට ය.

මීට අමතරව පසුගිය පෙබරවාරි මස 18 වන දා මිද්දෙණිය ප්‍රදේශයේදී කජ්ජා හෙවත් අරුණ විදානගමගේට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු ලෙස චෝදනා එල්ල වී ඇත්තේ බැකෝ සමන් නැමැත්තාට ය.

විශේෂ අධිකරණයක් පිහිටුවීමමේ සූදානමක්

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු විභාග කඩිනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.

අද (අගෝස්තු 28) පැවති මාධ්‍ය හමුවේදී විශේෂ අධිකරණයක් පිහිටුවීමට පවතින සූදානම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"අපි දැන් සැලසුම් කරලා තියෙනවා සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිවත් විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු විභාග කඩිනම් කරන්න. විශේෂයෙන් ඔවුන්ට දඬුවම් දෙන්න. ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස නීතිය ඉදිරියේ තමා මේ ක්‍රියාන්විතය සිද්ධ වෙන්නේ. මේ අවස්ථාවේදී සැලසුම් කරලා තියෙනවා විශේෂ මහාධිකරණ කිහිපයක් ස්ථාපනය කරන්න. අපි උත්සහ කරනවා සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව තිබෙන නඩු කඩිනම් කරන්නත් කාර්යක්ෂම කරන්නත්. සමස්ත ක්‍රියාවලිය හරහා ඔවුන්ට කඩිනමින් දඬුවම් ලබාදෙන්න," අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ය.

(උපුටා ගැනීම - බීබීසී සිංහල) 

මෙම මාධ්‍ය හමුවට අදාල වීඩියෝ පෙළක් මතු පළවේ.

whatsapp 202507155

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...