The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාත් රිමාන්ඩ්

T

The Leader Desk

August 29, 2025 • 4:58 PM

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාත් රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිනයේදී අධිකරණයේදී විභාගයට ලක් කෙරිණි.
  • ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් වන නඩුකර හතරක් මෙලෙස අධිකරණය හමුවේ විභාගයට ගන්නා ලදී.
  • වසර 18 කට පෙර සිදුවූ සිද්ධියක්.
  • ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියකු මෙන්ම හිටපු ඇමතිවරයකු වන නිමල් ලන්සා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු ලබන මස 12 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

දිනයේදී අධිකරණයේදී විභාගයට ලක් කෙරිණි.

ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් වන නඩුකර හතරක් මෙලෙස අධිකරණය හමුවේ විභාගයට ගන්නා ලදී. එහිදී මෙම සිව් දෙනාම රිමාන්ඩ් භාරයට නියමවිය.

වසර 18 කට පෙර සිදුවූ සිද්ධියක්...

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියකු මෙන්ම  හිටපු ඇමතිවරයකු වන නිමල් ලන්සා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු ලබන මස 12 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ වසර 18 කට පෙර සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය මගින් ඔවුන් අද (29) අත්අඩංගුවට ගත් පසුවය.

ගිනි අවි අඥා පනත යටතට ගැනෙන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සහ හිටපු නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න යන දෙදෙනා ලබන සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ නියෝග කළේය.

2006 මාර්තු 08 වැනි දා රුද්‍රිගුගේ සුනිල් විල්බට් සිල්වා යන අයගේ නිවසට රාත්‍රියේ පිරිසක් සමග ඇතුළු වී වෙඩි තැබීම, ලක්ෂ 28ක දේපල හා රන් භාණ්ඩ මංකොල්ල කෑම ඇතුළු ගිනි අවි අඥා පනතේ 26 වන වගන්තිය යටතේ ඇප ලබා දීමට නොහැකි වරදක් සිදු කර ඇති බැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවත්, ලබන සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.


එහිදී සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් ගොනු කරමින් ප්‍රධාන පොලිස් පරික්ෂක විල්ලෝරා ආරච්චි කරුණු දක්වමින් සඳහන් කළේ 2006.03.08 දින රාත්‍රි 10.30ට පමණ ජෝසප් මයිකල් පෙරේරා මාවතේ නිවසකට ඇතුළු වී දේපල මංකොල්ලකෑම සහ අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 19 දෙනෙකු සැකකරුවන් කර නඩු පවරා ඇති බව යි.

 

එම නඩුව සඳහා ඊයේ දින (අගෝස්තු මස 28 වැනි දා) නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු බවත් ඒ අනුව නිමල් ලන්සා සහ බන්දුල නාඔටුන්න යන පුද්ගලයන් දෙදෙනා අත තුවක්කු තිබු බව සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ සාක්ෂි මත පෙනී යන බැවින් ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ද ඔහු පැවසුවේය.

ඒ අනුව මෙම පුද්ගලයන් ⁣දෙදෙනා අද (අගෝස්තු මස 29) උදෑසන කොච්චිකඩේ පොලිසියට පැමිණි බවත් එහිදී ඔවුන් අත්අඩංගුවට ගත් බවත් පොලිස් පරික්ෂකවරයා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ ගිනි අවි අඥා පනතේ 26 වෙනි වගන්තිය ප්‍රකාරව වරද සිදුකර ඇති බැවින් තවදුරටත් විමර්ශන සිදු වන පසුබිමක් තුළ සාක්ෂිකරුවන්ට බලපැම් සිදු විය හැකි බැවින් ඇප ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව යි.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ එම ගිනිඅවි සොයාගෙන ඇතිද යන්නයි.

එම ගිනි අවි හෝ මංකොල්ල කෑ භාණ්ඩ සොයාගෙන නොමැති බව පිලිතුරු දෙමින් පොලිස් පරික්ෂකවරයා පැවසුවේය.


පැමිණිලිකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ශ්‍රීලාල් ප්‍රනාන්දු සඳහන් කළේ මෙම පැමිණිලිකරු සහ විත්තිකරුවන් එකල පක්ෂ දෙකකින් මැතිවරණ සඳහා ඉදිරිපත් වු බවත් මේ වන විට ඔවුන් හොඳ මිතුරන් බැවින් මෙම නඩුව සමථයකට පත් කරගැනීමට දැනට ඔස්ට්‍රේලියාවේ ජිවත් වන පැමිණිලිකරු මහකොමසාරිස් කාර්යාලය හරහා දිවුරුම් ප්‍රකාශයක් එවා ඇති බව යි.


ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ එලෙස සමථයකට පත් වන්නට යන්නේ වසර 19ක් ගතවන තුරු යුක්තිය ඉටු නොවීම පිළිබඳව කලකිරීමෙන් බව තම අධිකරණයට හැගී යන බවයි.

එමෙන්ම වසර ගණනාවකට පසුව වුව ද මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු විම සම්බන්ධයෙන් තම අධිකරණය සලකා බලන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.

එමෙන්ම මෙහිදී වරදක් සිදු කර ඇති බව තම අධිකරණයට පෙනී යන බවත් එබැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවත් ලබන සැප්තැම්බර් මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළේය.

එමෙන්ම නීතිපතිවරයාට උදෘත යැවීම සඳහා කඩිනමින් විමර්ශන අවසන් කර විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

සැකකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර සහ බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට ද නියෝග කොට තිබේ.

(මුලාශ්‍රය - බීබීසී සිංහල)

රාජිත, රතන හිමි, ශෂින්ද්‍ර සහ ලන්සා : හිටපු දේශපාලනඥයින් සිව් දෙනෙකුට අධිකරණය අද ලබා දුන් තීන්දු

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...