The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

අල ලූනු බදු අර්බුදයක්: අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි!

T

The Leader Desk

August 30, 2025 • 3:43 PM

අල ලූනු බදු අර්බුදයක්: අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලේකම්වරයාගෙන් ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කුමාර සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
  • එහෙත් එම බදු පැනවීමට කැබිනට් අනුමැතිය ලබාගත යුතු බව අදාළ නීතියේ සඳහන්ය.
  • එසේ වුවද මෙවර බදු පැනවීම සඳහා කැබිනට් අනුමැතියකින් තොරව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇතැයි වාර්තා වෙයි.
  • එම නියෝගය නීතියට පටහැණි බව කියමින් බදු පැනවීමේ ගැසට්ටුව නිකුත් කළ නොහැකි බව වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ලේකම්වරයාගෙන් ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කුමාර සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අස්වනු නෙලන කාලයට ආනයනික අල ලූනු සඳහා මුදල් අමාත්‍යවරයා විසින් බදු පැනවීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එහෙත් එම බදු පැනවීමට කැබිනට් අනුමැතිය ලබාගත යුතු බව අදාළ නීතියේ සඳහන්ය.

එසේ වුවද මෙවර බදු පැනවීම සඳහා කැබිනට් අනුමැතියකින් තොරව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇතැයි වාර්තා වෙයි.


එම නියෝගය නීතියට පටහැණි බව කියමින් බදු පැනවීමේ ගැසට්ටුව නිකුත් කළ නොහැකි බව වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ. නමුත් අමාත්‍යංශ ලේකම්වරයා කෙසේ හෝ මෙම කටයුත්ත සිදුවිය යුතු බවට නැවත නියෝග කළ බැවින් එම නීතිවිරෝධී නියෝගය ඉටුකළ නොහැකි බව පවසමින් අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කුමාර සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව වැඩිදුරටත් වාර්තා වේ.


ලූනු ආනයනකරුවන්ට රුපියල් කෝටි 100කට අධික විශාල ලාබයක්

ඒ අතර රේගු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම බදු පැනවීමට දින කිහිපයකට පෙර ලූනු මෙට්‍රික් ටොන් 27,000ක් පමණ ආනයනකරුවන් විසින් ආනයනය කර ඇති බවයි.

සාමාන්‍යයෙන් මෙරට මාසික ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 20,000 ක් පමණය.

එම ලූනු නව බද්ද නොගෙවා ආනයනය කර ඇති නමුත් අලෙවි කරන්නේ බදු සහිතව වැඩි මිලට බව වාර්තා වෙයි. මෙයින් ලූනු ආනයනකරුවන් රුපියල් කෝටි 100කට අධික විශාල ලාබයක් ලබන බව තොග වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

| deshaya
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අල ලූනු බදු අර්බුදයක්: අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි! | The Leader