The Leader News
BREAKING
Top Ad
පුවත්

'අඩි 1,000ක ප්‍රපාතයකට පෙරළී 15 දෙනෙකුට මරු කැඳවූ' ඇල්ල බස් අනතුරට හේතුව කුමක් ද?

T

The Leader Desk

September 5, 2025 • 3:58 AM

'අඩි 1,000ක ප්‍රපාතයකට පෙරළී 15 දෙනෙකුට මරු කැඳවූ' ඇල්ල බස් අනතුරට හේතුව කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, රියැදුරු සමග බස් රථයේ මගීන් 30 දෙනෙකු ගමන් කර ඇති බව ය.
  • ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරු මවුන්ට් 7 හෝටලය අසල දී ඊයේ (සැප්.
  • රාත්‍රී 9:00ට පමණ මෙම අනතුර සිදුව ඇත.
  • බස් රථය ඉදිරියෙන් පැමිණි ජීප් රථයක සහ මාර්ගයේ ආරක්‍ෂිත යකඩ වැටෙහි ද ගැටී අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිසිය පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, රියැදුරු සමග බස් රථයේ මගීන් 30 දෙනෙකු ගමන් කර ඇති බව ය.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරු මවුන්ට් 7 හෝටලය අසල දී ඊයේ (සැප්. 4) රාත්‍රී 9:00ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුව ඇත්තේ කෙසේ ද?

බස් රථය ඉදිරියෙන් පැමිණි ජීප් රථයක සහ මාර්ගයේ ආරක්‍ෂිත යකඩ වැටෙහි ද ගැටී අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිසිය පැවසීය.

දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අනතුරට ලක් වූ පිරිස තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණ නැවත ආපසු යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව ය.

පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලිසිය, යුද්ධ හමුදාව, ගුවන් හමුදාව, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එක්ව තිබේ.


police addඅනතුර සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය

අනතුරට ලක්ව ඇත්තේ කවුද?

මෙම අනතුරින් බස් රථයේ රියැදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු කාන්තාවන් 9 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු, පිරිමි ළමුන් 3 දෙනෙකු සහ ගැහැනු ළමුන් 2 දෙනෙකු ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

එමෙන් ම, බස් රථයේ පිරිස මුදා ගැනීම සඳහා සහය වූ පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.

මිය ගිය පිරිස අතර ළමුන් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් බීබීසී සිංහල කළ විමසීමකදී පැවසීය.

"ළමුන් මිය ගිහින් නැහැ, ළමුන් 5 දෙනෙක් තුවාල ලබා තියෙනවා," ඔහු සඳහන් කළේ ය.

බස් රථයේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් ගමන් කරමින් සිට ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට

අනතුරට සම්බන්ධ ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය. මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල මෘත ශරීරාගාර තුළ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බස් රථයේ අධික වේගය සහ අධික වේගය හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පැවසීය. 
 
මාරක අනතුරට පෙර බසයේ සිටි පිරිස අවසන් වරට ගත් ඡායාරූප

ඊයේ රාත්‍රියේ සිදු වූ ඛේදජනක බස් අනතුරට ටික වේලාවකට පෙර ඇල්ලේදී ගන්නා ලද තංගල්ල නගර සභා සේවකයන්ගේ ඡායාරූප කිහිපයක් ජනමාධ්‍ය වෙත නිකුත් කර ඇත.

ඡායාරූපවල දැක්වෙන්නේ පුද්ගලයන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ඇල්ලෙන් පිටත්ව යාමට පෙර එකට පෙනීසිටින ආකාරයයි.
 
 image 9c1de95b58
 
image dbe4d3b84e
 image 18e4edd174

(උපුටා ගැනීම් - බීබීසී සිංහල)
 


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...