හෙවත් මෙත් සාන්ද්‍රණයන් ඇතුළත් බවට අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ පොලිස් මාධ්‍ය කොට්ඨාශ ශ්‍රවණාගාරයේ දී අද (06) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එමෙන්ම අදාළ ඉඩමේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාශ ඒකකයට භාර දී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අයිස් මත්ද්‍රව්‍ය විදේශයන්ගෙන් ගෙන්වන මත්ද්‍රව්‍යයක් වන බවත් එය ශ්‍රී ලංකාව තුළ නිශ්පාදනයට ගත් ප්‍රබල උත්සහයක් පොලීසිය විසින් ව්‍යර්ථ කළ බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අන්තර්ගතයන් පිළිබඳව ඉදිරියේ දී මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සියලු සාර්ථක වැටලීම් පිටුපස මහජනතාව සිටින බවත් එසේ සහයෝගය දක්වන්නන්ට සිය කෘතඥතාව පළ කරන බවත් ය.
මිද්දෙණියෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය රස පරීක්ෂකගේ නිරීක්ෂණයට..
මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන රාසායනික ද්‍රව්‍ය තොගය අද දිනයේ රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කිරීමට නියමිතව ඇතැයි කොළඹ උතුර අපරාධ කොට්ඨාශය පවසයි.
කිලෝග්‍රෑම් 50,000 ක්වූ එම රසායනික ද්‍රව්‍ය තොගය අද දිනයේ වැඩිදුර විමර්ශන සඳහා මිද්දෙණිය පොලිසිය වෙත භාරදීමට නියමිතයි.
රජයේ රස පරීක්ෂක කාර්යාලය මෙන්ම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයද ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.
මේ අතර, පොලීසිය පැවසුවේ රසායන ද්‍රව්‍ය සොයා ගනු ලැබූ ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මිද්දෙණිය පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි.
කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ''බැකෝ සමන්'' ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමෙන් ලද තොරතුරකට අනුව මිද්දෙණිය ප්‍රදේශයේ සම්පත් මනම්පේරි නමැති අයගේ ඉඩමක වළ දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනය කිරිමට භාවිතා කරන අදාළ රසායනික ද්‍රව්‍යය තොගය ඊයේ ගොඩගනු ලැබුවේ ය.
සම්පත් මනම්පේරි දීර්ඝ කලක සිට බැකෝ සමන් සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති අතර බැකෝ සමන් ඇතුළු අපරාධ කණ්ඩායම මෙරටට රැගෙන ආ දිනයේ සිට ප්‍රදේශය හැර ගොස් තිබේ.
හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු වන සම්පත් මනම්පේරි, පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ තලාව කොට්ඨාශයට තරග කර පරාජයට පත්වූ අයෙකි.
ඔහු අත් අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
සම්පත් මනම්පේරිගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට
මිද්දෙණියේදී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරිගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනයේදී ඔහුගේ බිරිඳ සහ තවත් ඥාතීන් දෙදෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් බව කොළඹ උතුර අපරාධ කොට්ඨාශ සඳහන් කළේ ය.
සැකකාර හිටපු මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.
එම පක්ෂයේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් එබව කියා සිටියි.
සම්පත් මනම්පේරිට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත්වී ඇති බව පවසන පක්ෂ ලේකම්වරයා, තම පක්ෂය කිසිවිටෙකත් එවැනි චෝදනාවන්ට පත්වන්නන් හට කිසිඳ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවත් සඳහන් කරයි.





